අපි යාලු උනේ computer course එකකදි. එයා bio ඒලෙවල් කරලා රිස්ල්ට් එනකම් ආවේ. එයා ඒ අවට ටිකක් වතු පරිසරයක. හැඹැයි bright case එකක්.නුගේගොඩ ලොකුම බාලිකාවක. වත්තක උනාට එයාලා ටිකක් නම්බුකාරව හිටිය දුප්පත් උනාට.මම ටිකක් ඇති හැකි පවුලක. එයා යාලු උනාට පස්සෙයි එයාගෙ වටපිටාව හරියට දැනගත්තේ. ඒත් මම ඒවා අමතක කරලා එයාට බොක්කෙන්ම love කලා. එයාගේ පලවෙනි ආදරය මම. ඒ නිසා මට සෑහෙන්න ආදරය කලා. මම සල්ලි තියෙන හින්දමද මන්දා පිස්සු නටලා ඉගෙන ගත්තේ නෑ. Maths ක්රලා, cima කලා.it කලා. ලන්කාවේ පිලිගත්ත කම්පැනි එකක technician විදියට ගියා. Training කාලෙ සොච්චමක් ලැබුනත් මාරම ආදරෙන් හිටියා. මගෙන් කිසි දෙයක් ඉල්ලන්නෙත් නෑ දන්න නිසා එයා. ටික දවසකින් එයා medicine select වෙලා campus ගියා. අපි ගොඩක් ආදරෙන් හිටියා. කට්ටිය එයා වත්තක කියල එක එක ඒව කිඋවත් අපි ආදරෙන් හිටියා. එයා මහ ලොකු ලස්සනක් තිබ්බ කෙල්ලෙක් නෙමේ. කලුයි කොටයි.හැබයි මගේ පන වෙලා හිටියේ. අපි මේක ගෙවල් වලට කිවුවා. තාත්තා එයාලගෙ පැත්ත ගැන කියලා බර බර දැම්මත් අම්මා මාර්ගයෙන් shape කරගත්තා.. මම ඒ අතරේ car එකකුත් ගත්තා. ගෙවල් වලිනුත් කතා කලා. මුලින්ම එහේ ගිහින් ආපු දවසෙ තාත්තා අම්ම එක්ක කියල අඩලා තිබ්බා ඇයි මෙයාට වෙන කෙල්ලො හිටියෙ නැද්ද හිටියේ කියල. එත් මගේ ඉල්ලිමටයි, කවදහරි doctor කෙනෙක් නිසයි ක්මති උනා.