අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිලේ වෙනසක්

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    අද මධ්‍යම රාත්‍රි 12 සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමන්නට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

    ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 430ක් ලෙසින්. ලංකා භූමිතෙල් ලීටරයක මිල ද රුපියල් 365ක් ලෙසින් වෙනස්වී තිබෙනවා.

    කෙසේවෙතත් මෙම මිල සංශෝධනයේදී ලංකා සුපිරි ඩීසල්, ඔක්ටේන් 95 පෙට්‍රල්, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ලංකා කාර්මික භුමිතෙල්වල කිසිදු මිල වෙනසක් සිදුවී නැහැ.

    මේ අතර ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද අද මධ්‍යම රාත්‍රියේ සිට සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

    ඒ අනුව එම සමාගමේ ඔටෝ ඩීසල් ලීරයක මිල රුපියල් 15කින් ඉහළ නංවා ඇති අතර නව මිල රුපියල් 430ක්.

    එස්ට්‍රාමයිල් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 15කින් වැඩිකර ඇති අතරඑ එහි නව මිල රුපියල් 475ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
     
    • Love
    Reactions: Hamu mahaththaya1

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    Extra mile ගහනවාට වඩා පොඩි ගානක් වැඩිපුර දීලා super diesel ගහන එක හොඳයි.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,965
    2
    116,078
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Dance Dancing GIF