අද මහ සිකුරාදා........

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
අද මහ සිකුරාදා........

Passion-of-the-Christ-214x300.jpg

කතෝලිකයින් ඇතුළු සියළු ක්‍රිස්තියානු භක්තිකයින්ට අද උතුම් දවසක්. අද වන් දිනෙක තමයි දෙවියන් වහන්සේ එවා වදාල තමුන්ගේ පුතාව මිනිසුන් විසින් කුරුසියේ ඇන ගසා මරා දැමීම සිහිකරණු ලබන්නේ.

ගොඩක් අයනම් මේ චිත්‍රපටිය ගැන අහල ඇති. ප්‍රසිද්ධ නළු මෙල් ගිබ්සන් විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය IMDB ශ්‍රේණිගත කිරීම් වල ඡන්ද 84,048 ක් මගින් 7.1/10 ක අගයක් ලබා තිබෙන මෙම චිත්‍රපටිය ඔස්කාර් සම්මාන තුනකට ඇතුළු තවත් සම්මාන වලට නිර්දේශ වී ඉන් 17ක් දිනා තිබෙනවා.

අවසන් රාත්‍රී භෝජනයෙන් පසු ජෙත්සෙමෙනි උයනේ සිට කරන යාච්ඥාවේ සිට පටන් ගැනෙනා චිත්‍රපටිය ගලා යන අතරේදී මනුෂ්‍යත්වය හා දේවත්වය අතර ඇතිවන ඝට්ටනය මනාව දර්ශනය කරවනවා. ක්‍රිස්තු චරිතය ගැන කියවෙන අනෙකුත් චිත්‍රපටවලට දර්ශනය වෙනවාට වඩා බොහොමත්ම වෙනස් දර්ශණය වලින් මේ චිත්‍රපටිය සමන්විත වෙනවා කිව්වොත් වැරදි නැහැ.


The Passion of the Christ

Sub Tittles
ඔබ සැමට සුබ පාස්කු මංගල්ලයක් වේවා!
 
Last edited: