ශ්‍රී ලංකා මහජන පක්ෂය ටී. බී ඉලංගරත්න ඇතුළු ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් සමඟ 1984 ජනවාරි 22 වැනිදා පිහිටුවීමට පුරෝගාමී නායකත්වය දෙන ලද්දේ විජය කුමාරතුංග විසිනි. විජයගේ නායකත්වයේ අපරිණත බව හේතුවෙන් පසු කලක ටී.බී ඉලංගරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨයන් රැසක් මහජන පක්ෂයෙන් ඉවත්වූ අතර එයට ඔසී අබේගුණසේකර වැනි අය පසු ආදේශ විය. ඉන්දු ලංකා ගිවිසුමට කොන්දේසි විරහිතව පැරණි වාමාංශික පක්ෂ සහ දෙමළ බෙදුම්වාදී කණ්ඩායම් සමඟ ශ්‍රී ලංකා මහජන පක්ෂය සහාය දුන් අතර විජය එහි පුරෝගාමී නායකත්වයක් උසුලන ලදී. කැම්බල් පිටියේදී 1988 ජනවාරි 28වැනිදා පැවති පක්ෂයේ සිවුවන සංවත්සර රැස්වීම එහි අභිෂේකයක් විය. සමසමාජ, කොමියුනිස්ට්, මහජන පක්ෂය යන පක්ෂ සමඟ එක්වී එක්සත් සමාජවාදී පෙරමුණ පිහිටු වූ අතර එය මැතිවරණ කොමසාරිස්වරයා විසින් පෙබරවාරි 11වැනිදා පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙසින් ප්‍රකාශයට පත් කළේය. එම පෙරමුණට නව සමසමාජ පක්ෂයේද සහාය හිමි විය. එම පෙරමුණේ මංගල රැලිය 1988 පෙබරවාරි මස 21 සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.
ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය ද්‍රවිඩ ඊලමට පක්ෂ වාමාංශිකයන් නම් කළේ තුන්වන සතුරු හමුදාව ලෙසිනි. ඒ අනුව තුන්වන සතුරු හමුදාව අතුගා දැමීම දේශප්‍රේමි අරගලයේම කොටසක් බවට 1988 ජනවාරි 25වැනිදා නිකුත් කළ නියෝගයක සඳහන් විය. ඒවන විට ජවිපෙ මඟින් 1987 නොවැම්බර් 29වැනිදා ඝාතනය කළ අනුරාධපුරයේ නන්දන මාරසිංහ සහ 1988 පෙබරවාරි 11වැනිදා ඝාතනයවූ කොමියුනිස්ට් පක්ෂයේ පොළොන්නරුවේ ගාමිණී මැදගෙදර ගේ අවමඟුල් උත්සවයන්ටද විජය සහභාගි වූ අතර එම ඝාතනයන් තරයේම හෙළා දකිනු ලැබීය.
ඉන්දු ලංකා ගිවිසුමට සිය ප්‍රසංශාව පළ කර සිටි විජය ඉන්දිය හමුදාව ශ්‍රී ලංකාවට පැමිණීමෙන් වාර්ගික අර්බුදය විසඳා ගැනීමට හැකිවනු ඇතැයි සිය සතුට පළ කර සිටියේය. ජවිපෙ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව මතවාදය ඉදිරිපත් කළ අතර මහජන පක්ෂය සහ විජයද දේශද්‍රෝහීන් ලෙස නම් කෙරිණි. ජවිපෙ ඝාතනවලට එරෙහිව රජයේ ආරක්ෂාවට පරිබාහිරව මහජන පක්ෂයේම ආරක්ෂක වළල්ලක් විජය විසින් ගොඩනඟා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව 1987 ඔක්තෝබර් මසදී උමා මහේස්වරන්ගේ නායකත්වයෙන් යුත් ප්ලොට් සංවිධානයේ වවුනියාවේ අවි පුහුණු කඳවුරක පුහුණුවකට මහජන පක්ෂයේ කණ්ඩායමක් තෝරා යවන ලදී. විජය ඝාතනය වීමට පෙර අවස්ථා තුනකදී එසේ අවි පුහුණුව සඳහා කණ්ඩායම් තුනක් රහසිගතව යවා තිබිණි.
උදෑසන හලාවතට ගොස් පැමිණ ආපසු නාරහේන්පිට පොල්හේන්ගොඩ පාරේ සිය නිවසින් පිටතට එමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනකු විජය ඝාතනය කළේ ඒ. කේ. 47 වර්ගයේ ගිනි අවියකිනි. ඒ 1988 පෙබරවාරි 16වැනිදා පස්වරු 12.20ටය. විජයගේ මුහුණට ද වෙඩි තබා තිබූ බැවින් එය විකෘති වී තිබිණි. එබැවින් මෘත දේහයේ උඩ කොටස ආවරණය කිරීමට සිදු විය. පසුව පොලිසියට හිස් පතොරම් කොපු 14ක් හමු විය.
විජයගේ ආදානය 1988 පෙබරවාරි 21 වැනිදා කොළඹ 07 නිදහස් චතුරශ්‍රයේ දී පැවති අතර එය නාරාහේන්පිට සිට පුරහල හරහා ගෙන ආවේ විශාල පෙළපාළියකිනි. අවමඟුල සජීව ලෙස රජයේ රූපවාහිනියෙන් විකාශය කළ අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අවමඟුලක් සජීව ලෙස විකාශය කළ අවස්ථාව ලෙස සැලකේ. විජය කුමාරතුංග ඝාතනය කිරීමට වෙඩි තැබූ එම අවස්ථාවේදී වෙඩි වැදී තුවාල සිදුවූ මහජන පක්ෂයේ රාගම ශාඛාවේ සහකාර ලේකම් සහ චිත්‍ර ශිල්පී සරත් උපාලිද බරපතළ ලෙස රෝගාතුරව සිට 1988 අප්‍රේල් 25වැනිදා කොළඹ මහ රෝහලේදී මිය ගියේය.
කුමාරතුංග ඝාතනයෙන් පසු ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නිවේදනයක් මගින් වගකීම බාරගෙන තිබිණි. එමෙන්ම මවුබිමේ සියලු සතුරන්ට දඬුවම් දීමේ සන්නද්ධ සේනාංකය මැයින් 1988 පෙබරවාරි 21වැනිදා ‘විජය කුමාරතුංග යැව්වේ ඇයි?’ මැයින් පත්‍රිකාවක් මුද්‍රණය කර බෙදා හැර තිබිණි. එහි මෙසේද සඳහන් විය. ‘අප විසින් දඬුවම් කරනුයේ මවුබිමේ සතුරන්ට පමණි ඒ හැර අපේ දේශපාලනයට එකඟ නොවූවද දෝහීන් නොවූ කිසිවෙකුට හෝ පොදු මහජනයාට හෝ අපි කිසිදු හිංසාවකට ඉඩ නොතබමු’.
විජය කුමාරතුංග ඝාතන තීරණය සැලසුම් කළේ එවකට ජවිපෙ කොළඹ දිසා ලේකම් ලලිත් විජේරත්න හෙවත් ජයන්තය. තොරතුරු සෙවීම කොලොන්නාවේ පියසිරි ගෙනි. සාකච්ඡා පැවැත්වූවේ පිළියන්දල සෙන්ට් මිචල් හෝටලයේදීය. ලයනල් රණසිංහට කොන්ත්‍රාත්තුව ලැබී තිබුණේ ටාසන් වීරසිංහගේ මාර්ගයෙනි. විජය ඝාතනය සඳහා යොදවාගත් තුවක්කුව එවකට එජාප ආණ්ඩුවේ ඇමතිවරයකු වූ ගාමිණී ලොකුගේගේ ආරක්ෂක භටයකු ගෙන් ජවිපෙ පැහැරගත් ගිනි අවියකි.
විජය ඝාතනයට සම්බන්ධ යතුරුපැදිය පදවා ගෙන ගිය සැකකරු වූයේ ටාසන් වීරසිංහ හෙවත් හේරත්ය. ඔහු කළුතර පයාගල පදිංචිකරුවෙකි. ටාසන්ගේ පවුලේ සහෝදර සහෝදරියන් 9 දෙනෙකු වූ අතර ඉන් සිවු දෙනෙකු පිරිමිය. ටාසන්ගේ එක් සොහොයුරියක්වූ වීරසිංහ ලීලාවතී සිල්වා පානදුර බාලිකා විදුහලක ගුරුවරියකි. පවුලේ 8වැනියා වූ ටාසන් උපන්නේ 1958 ජනවාරි 13දාය. කලක් කළුතර ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගමේ සේවය කළ ඔහු පසුව ලංගම රියදුරකු ලෙස කළුතර සිට යටදොල දක්වා ධාවනය වූ ලංගම බස්රථයේ කලක් කටයුතු කළ අතර පසුව රැකියාව අතහැර පූර්ණකාලීනව ජවිපෙට එක්විය.
විජය කුමාරතුංග ඝාතනය කළ 1961 මැයි 12 උපන් පාලම්මුල්ලලාගේ ලයනල් රණසිංහ 27 හැවිරිදිය. පියා 1930 අප්‍රේල් 19 කෑගල්ල පාලමුරේදී උපන් පාලම්මුල්ලලාගේ තේගිරිස්ය. ඔහු කුරුවිට පොලිසිය ඉදිරිපිට හුණු කඩයක් පවත්වා ගෙන ගියේය. මව දෙල්ගමුවේ උපන් වැලිකලගේ සිසිලින් ය. ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදා කිරීමේ උපායමාර්ගික ගමන් මඟ අනුව ක්‍රියාවට නැඟූ ජවිපෙ 2වැනි කැරැල්ලේදී ඝාතන 41ක් සිදු කළ ලයනල් රණසිංහ උපන් සහ ජීවත්වූ නිවෙස්වලට ගිය මේ ලේඛකයා ඔහුගේ පවුලේ අය හමුවිය. ඔවුන් පැවසූ පරිදි ලයනල් යනු ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මඟපෙන්වීමකට යටත්ව ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නැඟූ මිනිසෙකි. එය ද්‍රරිද්‍රතාව සහ සමාජ පීඩනය නිසා රැඩිකල් දේශපාලනයට එක්වු තරුණයකුගේද කතාවකි.
හොරණ රත්නපුර පාරේ මූණගම ජාතික නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි ඔහු ගාමිණී නොහොත් මහින්ද නොහොත් ජයතිලක ලෙසද හැඳින්විණි. ලයනල්ගේ මව වන වැලිකලගේ සිසිලින් නෝනාට දරුවන් පහකි. ලයනල් සහ ඔහුගේ කනිටු සොහොයුරාවූ සුනිල් මවගේ ප්‍රථම විවාහයේ දරුවන්ය; ලයනල් පවුලේ වැඩිමලාය.
ලයනල්ගේ මල්ලී වන සුනිල් අයියාට වඩා වසරකින් බාලය. ලයනල්ට වයස අවුරුදු 2ක් වන විට පියා විසින් මව සහ දරු දෙදෙනා අතහැර වෙනත් විවාහයක් කර ගත්තේය. ඔහුගේ එම විවාහයෙන්ද ලයනල්ගේ පියාට දාව දියණියන් දෙදෙනෙකු සහ පුතකු සිටී. ලයනල්ගේ පියාගේ නංගී වන නන්දාවතී විසින් ලයනල් සිය නිවසට ගෙන ගිය අතර ඔහුට වෙනස් කරන බවට චෝදනා කළ මව පසුව ලයනල්ව යළි මහ ගෙදරට ගෙනාවේය. නැන්දාගේ නිවසේ සිටින විට දෛනික කුලියට කළුගල් කැඩීමටද ලයනල් යොමුකර තිබූ අතර පාසැල්ද යවා තිබුණේ නැත.
ලයනල්ගේ මව පසුව හොරණගේ ලියනෝරිස් ප්‍රනාන්දු සමඟ විවාහවී හොරණ මූණගමට සංක්‍රමණය වූවාය. ඇයගේ නව සැමියා සහ ලයනල්ගේ සුළු පියා හොරණ නගර සභාවේ සේවය කළ අතර උග්‍ර එක්සත් ජාතික පාක්ෂිකයෙකි. අගමැති ප්‍රේමදාස විසින් ජනතා අයිතියට පවරා දී ඇති නිවසක්ද ඔහුට 1979දී හිමිවිය. ලයනල් සහ මල්ලී සුනිල් රත්නපුර කුරුවිට පිහිටි මිත්තණියගේ නිවසේ තවදුරටත් වාසය කළෝය. ලයනල් සහ සුනිල් පාසැල් ගියේ කුරුවිට මහා විද්‍යාලයටය. විෂයයන් 7 ක් සම්මාන සමාර්ථ හතරක් සමඟ අපොස සාමාන්‍ය පෙළ සමත්වූ ලයනල් ඉගෙනීමට දක්ෂයෙකි. සිය සොහොයුරාට තග් බලය දැමූ තවත් සිසුවෙකුට ලයනල් පහර දුන්නේ පස්වැනි ශ්‍රේණියේ සිටියදී අත්වැඩ කරන කතුරකිනි. ලයනල් සතුන්ට ආදරේය. ඔහු කෑම කන විට කුරුවිට ගෙදර අවට සිටින ලේනුන් දෙතුන් දෙනෙකුම ඔහු ළඟට පැමිණීම සුලබ දසුනකි. ලයනල් කරාතේ ඉගෙන ගත්තේ නන්ද සිරිවර්ධනගෙනි. කුංෆු ඉගෙන ගත්තේ සීවලී ගුරුතුමා ගෙනි. මෙම පන්ති හොරණ සහ බොරැල්ලේ පැවැත්විණි.
මේ වනවිට ලයනල්ගේ මව දෙවැනි විවාහයෙන් දියණියන් තිදෙනෙකු බිහිකළ අතර ඔවුන් නම් චූලා දමයන්ති, අනෝමා දමයන්ති සහ ශිරානිය. ඒ අනුව ලයනල්ගේ පවුලේ සොයුර සොයුරියන් සංඛ්‍යාව ලයනල් සමඟ පහකි. අපොස සාමාන්‍ය පෙළ හොඳින් සමත්වීමෙන් පසු ලයනල් සහ සුනිල් යන පුතුන් දෙදෙනා මව විසින් හොරණ නිවසට කැඳවාගෙන ආවේ වැඩිදුර උසස් අධ්‍යාපනය ලබාදෙන්නටය. ඒ අනුව හොරණ විද්‍යාරතන විද්‍යාලයට ඇතුළුවූ ලයනල් වාණිජ විෂය ධාරාව හැදෑරීය. මුළු පවුලටම ආර්ථික දුෂ්කරතා රැසක් කෙටි කලකින් උද්ගත වූයේ ලයනල්ගේ මව දරුවන් 5 දෙනෙකු සමඟ යළිත් තනිවීමෙනි. ලයනල් සහ සුනිල් මල්ලී හොරණ නගරයේ මත්පැන් අලෙවි සැලක් අසල කඩල විකිණීමට ගියේ ජීවනබරට තල්ලුවක් දෙමිනි. ඉදහිට කුලීවැඩටද ගියේය. කේටරින් වැඩවල නිරතවූ මවද පොළේදී එළවළු අලෙවි කිරීමට සහ කඩල විකිණීමටද ඉඩ ඇති අවස්ථාවන්හිදී එක්වූවාය.
හොරණ විද්‍යාර්ථ විද්‍යාලයේ උසස් පෙළ ඉගෙනුම ලබමින් සිටියදී 1978දී ජවිපෙ දේශපාලන පන්තිවලට සහභාගිවූ අතර ඒ වන විට ඔහුට අවුරුදු 16කි. ජවිපෙ වෙනුවෙන් ඔහුට කොක්ක ගැසුවේ හොරණ විද්‍යාර්ථ විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුවකු වූ යාගල පදිංචි ජයසිරිය. හොරණ ශිලරත්න පාරේ පිහිටි ජවිපෙ කාර්යාලයේදී ලයනල්ට ජවිපෙ දේශපාලන පන්ති පවත්වන ලද්දේ යටියන්තොට චන්ද්‍රසිරිය. කොළඹ සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ 1979/80 සභාපතිවරයාවූ යටියන්තොට චන්ද්‍රසිරි එහි විද්‍යාපීඨ සිසුවකු වූ අතර 1982දී උපාධිධාරියකු වශයෙන් පිට විය. ජවිපෙ ජනාධිපතිවරණයට තරඟ කර 1982 පරාජයට පත්වීමෙන් පසු ජවිපෙන් ඉවත්වූ චන්ද්‍රසිරි වර්තමානයේ ව්‍යාපාරිකයෙකි.
ලයනල් රණසිංහ ජවිපෙට එක්කිරීමට හවුල් වූ අය අතර තවත් ප්‍රමුඛයන් දෙදෙනකු වන්නේ කොළඹ වෛද්‍ය පීඨයේ සිසු හොරණ මූණගම පදිංචි නිහාල් අබේසිංහ සහ පොකුණුවිට පදිංචි තිලක්ය.
ජවිපෙට පූර්ණකාලීනයකු ලෙස ලයනල් සම්බන්ධ වන්නේ 1981දීය. අප්‍රේල් 5 විරු සමරුවක් 1981 අප්‍රේල් 2වැනිදා කළුතර නගර ශාලාවේදී ජවිපෙ ලේකම් ලයනල් බෝපගේ ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර රෝහණ විජේවීර පිළිගැනීමට එහිදී රතු භටයෙක් ලෙස රාජකාරි කළේ ද ලයනල් රණසිංහය. ලයනල්ගේ මව පුතාගේ දේශපාලන කටයුතු පිළිබඳව බියපත්ව සිය සොහොයුරාට අයත් කැකිරාවේ හේනකට ලයනල් යැවූවද ඔහු ගොවියකු වශයෙන් ජීවිකාව ගෙන ගියේ වසරකට අසන්න කාලයක් පමණි. පෞද්ගලික ආරක්ෂක සමාගමක ආරක්ෂක නිලධාරියකු ලෙස පසුව සේවය කළේය.
යළිත් හොරණට පැමිණ 1984දී බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පොළේ එළවළුද සෙසු දිනයන්හිදී රටකජුද විකුණූ ලයනල් ජවිපෙ පූර්ණකාලීන දේශපාලනයට 1986දී එක්වන්නේ බටගොඩ ගමගේ ජයවර්ධන මගිනි. යුද හමුදා ස්වෙච්ඡා බළකායට බැඳීම සඳහා ලයනල් වරෙක සම්මුඛ පරික්ෂණයට ගිය අතර ඒ සඳහා තෝරාගැනීමෙන් පසු රපෝර්තු කරන ලෙසට ලිපියක්ද 1987 මැයි 6 වැනිදා ලැබිණි. එහෙත් එම දිනයේ ඔහු ජවිපෙට අරමුදල් රැස්කිරීම සඳහා කළ මංකොල්ලකෑමක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ පසුවිය.