අද යනව දත පෙන්නන්ඩ

asrock101

Active member
  • Oct 29, 2019
    233
    168
    43
    Injection එක නම් ඒ වෙලාවේ රිදෙන්නේ නෑ හැබැයි හිරි වැටිල්ල නැති උනාට පස්සෙ නම් ටිකක් රිදෙනවා. ගනන් ගන්න එපා. ඩොකා දෙන බෙහෙත් ටික හරියට බොන්න උපදෙස් ටික හරියටම පිළිපදින්න. දත ගලවලා පැය බාගෙකින් විතර pain killers බොන්න ඒකෙන් වේදනාව නැත්තටමනැති වෙලා යනවා. ඕක මහ ලොකු දෙයක් නෙමෙයි ගනන් ගන්න එපා.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    දත ගලවන්නෙත් තඩි පයිප්ප අඩුවක් වගේ එකකින්ද කොහෙද .............. :unsure: :unsure:

    නෑ මේකකින්


    steel-strap-cutter-28ybico-make-taiwan-29-250x250.jpeg
     

    Arumbaya De Almeida

    Well-known member
  • Aug 27, 2020
    2,060
    10,899
    113
    අම්මෝ දත් ගැලවිල්ල නම් මතක් කරන්න එපා. මගේ හක්කේ දතක් නරක වෙලා ගලවනකොට අන්තිමට විදුරුමස පලලා ගත්තේ. ඊට පස්සේ සතියක් විතර යනකන් දියර ජාති විතරයි. අම්මෝ දැන් මතක් වෙනකොටත් ඇඟ හිරිවැටෙනවා. පුදුම වේදනාවක් වින්දේ. දත් තියන් හිටියනම් හොදයි කියලා හිතුනා........... :baffled::baffled:
     

    RedAnt

    Active member
  • May 17, 2021
    131
    176
    43
    මගෙ දත් ගලවලානම් නෑ.ඒත් පුරවල තියෙන්වා. මේ ළඟදිත් ස්නායු පිරෙව්ව.ඔය ගහන ඉන්ජෙක්ශන් එක එහෙම රිදෙන්නෙ නෑ.මාලු කට්ටක් ඇනුන වගේ තමා.ඉස්සරහින් එකයි, කටේ ඇතුලෙන් එකයි.විනාඩි පහෙන් මූනෙ පැත්තක් නෑ වගේ තමා.මගෙනම් පැය 4ක් විතර හිරි වැටිල තිබ්බා.වතුර බොද්දි කටේ හිරිවැටුන පැත්තෙන් වතුර ලීක් වෙන්වා 😂😂.හිරිවැටුන පාරට ඒ පැත්ත වැඩ නෑ.පේන් කිලර දෙන්වා.ටිකක් ඔලුව රදේ එයි.දත් ගැලෙව්වත් ඔය ටික තමා.දත් ගලවගන් නැතුව ස්නායු පුරවගන්න බලපන්.දතක් ගලවන්න යන ගාන අඩු උනාට ඒ දත නැතුව වෙන පාඩුව ගොඩක් වැඩියි කියලයි අහල තියෙන්නෙ.මගෙ දෙකක්ම ස්නායු පිරෙව්වා.හොඳ වියදන් ඉතින්.මොනව කරන්ඩද