අර බිල්ල සීන් එකක් තමයි, ටැංකිය ඇතුලෙ මෝටර් තියෙන එව්වා කූල් වෙන්නෙ පෙට්‍රල් වලින්. ඒක නැතුව ගොඩක් දිව්වම සීස් වෙනවා(ලු) වෙච්චි එකක් නම් දැකල නෑ. මට නම් කෙල උනේ හොඳට පෙට්‍රල් ගහන වාහනේක.
2013-14 විදුලිබලේට දාලා තිබ්බා මගේ H100 එකක්, ගෙයි ගෙම්බා එන්ජිනියර් කෙනෙක් ගාව තිබ්බෙ. මගෙ කලින් ඩ්‍රයිවර් තලස්තෑනි වයසක ඩයල් එකක් නීතියට වැඩ. හැබැයි ඌ ඉන්න කාලෙ වේ බිල් එකටවත් දිවෙන්නෙ නෑ වාහනේ. පොර ලෙඩ උන පාරක මාසෙකට අවුරුදු 18ටේ කොල්ලෙක් දැම්මා උගෙ පලවෙනි රස්සාව මගෙ බැජෙක්ගෙ මල්ලි කෙනෙක්. පොර ඉන්ජව ලඟ නමලා. අන්තිමට උගේ ගෙදර වැඩ වලට ඉඳන් මූ යනවා ලැට් වලවල් කපනවා, ළමයි අරන් යනවා, නෝනට ඩ්‍රයිවින් පුරුදු කරනවා. මටත් නරක නෑ කොලේ පිරිලා, කි 100ක් වත් වැඩිපුර දානවමයි. අරූ අන්තිමට කොච්චර නැව්වද කියනව නම් එක නිවාඩු දවසක කිලෝමීටර් 500ක් වැටිච්ච කතරගම ප්‍රයිවට් හයර් එකකුත් ගිහිල්ලා. ඒකෙ හයර් එක අරන් මටත් බේරලා. ඉන්ජට කියල කිලෝමීටර් ගාණ සති දෙක තුනක් ඇදලා කොලේ කපාගෙන තිබ්බා. ඒ දවස්දෙක අර මනුස්සයා වීල් වල ගිහින් තියෙන්නෙ, හැබැයි තඩි දොදොල් පට්ටයක් ගෙනත් දීලා තිබ්බා.
අන්තිමට කොල්ලම පඩි සල්ලි එකතු කරලා මගේ වාහනේ ගත්තා මාස තුනකින් ෆුල් ෆිනෑන්ස් එකක් දාලා, මංමයි ඇපේටත් අත්සන් කලේ (ඒකාලෙ ලොකු ගාණක් නෑ), හයර් එකටත් සාදාරණ ගාණක් මට ලැබුනා. හයර් එක පවරන්න බැරි නිසා චෙක් එක ආවෙ දිගටම මගෙ නමට, මම ඒකෙන් වාහනේ වාරිකේ දාලා ඉතුරුව ඌට දිදී හිටියෙ. ඌ ටක් ගාල ගෙවල ඉවර කලා හැබැයි මං ලංකාවෙ නැති ටිකේ.
ගිය අවුරුද්දෙ පොර කටුනායක ආපු වෙලාවක බලන්න ආවා මාව. කොල්ල ගාව දැන් KDH 4යි. එකක් තාම විදුලිබලේ කිව්වා. අර ඉන්ජගෙ දුරින් නෑ වෙන කෙල්ලෙක්ලු බඳින්නත් ඉන්නෙ, ඌ එක්කම ගමන් ගිහින් සෙට් වෙලා.