අද විවෘත වන ‘නෙලුම් පොකුණෙ'පොටෝ බලමු

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මේක අපේ ප්‍රසංග සහ රංග කලාවට හම්බ වුන විශිෂ්ඨතම දායාදයක්. දන්න තරමින් මේක තාක්ෂණය පැත්තෙන් ලෝකෙ හොද ම එංග ශාලිකා 10 අතරට වැටෙනවා. විශේෂයෙන්ම ශ්‍රව්‍යචාර (Acoustics) ගෘහ නිර්මාන ක්‍රමවේදයකට නිර්මාණය කරපු විශිෂ්ඨතම රගහලක් විදියට තමා ගැනෙන්නේ. මේක නිර්මාණය කරල තියෙන්නේ සියළු ශ්‍රව්‍යචාර ක්‍රමවේදයන් වලට ගැලපෙන විදියට. ඒ කියන්නේ අපේ බෙර වල ඉදගෙන jazz, symphony, orchestral, opera වැනි සියළුම ශ්‍රව්‍යචාරයන්. මෙයින් අපේ බෙර වල ශ්‍රව්‍යචාර වලට ගැලපෙන විදිහට මේක නිර්මාණයක් කරන එක අතිශය අසීරු කර්තව්‍යයක් වුණා ලු! හේතුව අපේ බෙර නද වල වැයෙන ළය වලදී ඒ හඩ වඩාත් දුරකට දෝලනාවර්ත ඇති කරමින් විහිද යාම සහ නැවත වේගයෙන් පොලා පැනීම.
    (මේ සියළු විස්තර මට කියූ මෙම ව්‍යාපෘතිය භාර විශේෂඥ ඉංජිනේරු, මගේ රෝගියෙකු වන ගැමුණු සිල්වා මහත්මාණන්ට ස්තූතිය පලකරමි)

    නමුත් මේක නෙවෙයි කෙළිය:angry::angry:.........මෙන්න මේ ත්‍රෙඩ් එකේ -http://elakiri.com/forum/showthread.php?t=1279205 - මෙන්න මේ පෝස්ට් එක බලන්න.......:angry::angry:
    http://elakiri.com/forum/showpost.php?p=11632692&postcount=3
    මෙහෙම අදබාලයන් ඉන්නව නේ කියල දකින කොට පශ්චාත් භාගයෙන් හිනා යන්නේ........!!!!:P:P:oo:

    වාව් අයියා.. weri nais
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අද විවෘත වන ‘නෙලුම් පොකුණෙ'පොටෝ බලමු

    nelum-pokuna-01.jpg

    මහජන චීන සමූහාණ්ඩුවෙන් ත්‍යාගයක් ලෙස අප රටට දායාද කරන ලද නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද විවෘත කිරීමට නියමිතය. බුදු දහම ආශ්‍රිතව ගොඩ නැගුණු චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති ශතවර්ෂ ගණනාවක් පැරණි මිත්‍රත්වයේ සංකේතයක් වශයෙන් පිරිනැ‍ෙමන මෙම රඟහල විවෘත කිරීමේ උත්සවයට ඉහළ පෙලේ චීන නියෝජිත පිරිසක් ද සහභාගීවීමට නියමිතය.

    පොලොන්නරුවේ ඇති ‍‍ඓතිහාසික නෙලුම් පොකුණේ ආකෘතියට අනුව ඉදිකරන ලද මෙම කලාගාරය ජෝන් ද සිල්වා සමරු රඟහල, කලා භවන ජාතික කෞතුකාගාරය සෞන්දර්ය විශ්ව විද්‍යාලය අතර පිහිටි නොමෑඩ්ස් පිටියේ වර්ගමීටර් 21760 ක භූමි භාගයක ඉදිවී ඇත.

    ත්‍රස්තවාදයෙන් නිදහස් කරගන්නා ලද රට සංවර්ධනයේ මාර්ගයට පිවිසීමෙන් අනතුරුව රජය විසින් රටේ ජනතාවගේ කලා කුසලතාවයන් පෝෂණය කර ඔවුන්ගේ වින්දනීය රසඥතාවය වැඩි දියුණු කිරිමට ගන්නා ලද පියවරක් ලෙස මෙම නව රඟහල හැඳින්විය හැකි අතර ඒ සඳහා රුපියල් බිලියන 3.08 ක මුදලක් චීන රජය විසින් ආධාර වශයෙන් ලබාදී ඇත.

    මෙම රඟහල නවීනතම අංගෝපාංග හා පහසුකම්වලින් සමන්විත වන අතර මෙහි ප්‍රධාන ප්‍රේක්‍ෂකාගාරයේ ආසන 1288 ක් ඇත. විදුලි බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රධාන වේදිකාව කොටස් 4 කින් යුතුව ඉහළට හා පහළට චලනය කළ හැකි ආකාරයට නිම වී ඇති අතර මෙහි එකවර ප්‍රසංග හෝ නාට්‍ය 3 ක් රඟ දැක්විය හැකිවන පරිදි ප්‍රධාන ප්‍රේක්‍ෂකාගාරයට අමතරව තවත් ප්‍රේක්‍ෂකාගාර 2 ක් මෙහි පවතී. වාහන 500 ක් නවතා තැබිය හැකි වාහන අංගනයක් ද ඇතුලත් නෙලුම් පොකුණ රගහල පුහුණුවීම් ශාලාවක් හා පුස්ථකාලයකින්ද සමන්විතය.


    nelum-pokuna-09.jpg

    nelum-pokuna-06.jpg

    nelum-pokuna-05.jpg

    nelum-pokuna-04.jpg

    nelum-pokuna-03.jpg

    nelum-pokuna-02.jpg

    nelum-pokuna-07.jpg

    nelum-pokuna-08.jpg
    ලස්සන ඩිල්ඩෝ එක