අද ශ්‍රී ලංකාවේ ජනරජ දිනයයි!

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,681
    100,965
    113
    ලංකාව සුද්දගෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා සිලෝන් ශ්‍රී ලංකාව වෙන්නෙ 1972 මැයි මස 22 දිනයි. මේ ඒක ගැන එෆ්බී එකේ තිබ්බ ලිපියක්


    Republic day of Sri Lanka
    ඔබ දන්නවාද?
    අද ශ්‍රී ලංකාවේ ජනරජ දිනයයි!

    ශ්‍රී ලංකාව 1948 පෙබරවාරි මස 04 වැනිදා ඩොමීනියන් තත්වයේ ස්වාධීනතාවයක් දිනා ගත් නමුත් එය පූර්ණ ස්වාධීනතාවයක් නොවේ. බ්‍රිතාන්‍ය කිරීටය මෙරට රාජ්‍ය නායකත්වය තවදුරටත් හෙබවූ අතර කිරීටය නියෝජනය කරමින් අග්‍රාණ්ඩුකාරවරයෙක් කටයුතු කරන ලදී.

    මෙම තත්වය වෙනස් කිරීමට ගරු සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන් බලයට පැමිණෙන සමගි පෙරමුණු ආණ්ඩුව ඔවුන් පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබාගත් ජනතා වරම අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම ආරම්භ කරන ලදී.

    එම ව්‍යවස්ථා කෙටුම්පත 1972 මැයි මස 22 වැනිදා එවක පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සම්මත වී ඇති අතර එය මෙරට ප්‍රථම ස්වදේශික ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවයි.මෙම ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලංකා ජනරජය බිහිවී ඇත.

    එම ඓතිහාසික මැයි 22 වැනිදා දිනය වර්ෂ 1977 දක්වා රාජ්‍ය උත්සවශ්‍රීයෙන් සමරා ඇත.

    ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන ජනරජයක් බවට පත්වූ මැයි 22 වැනිදා සියලු වැසියන් විසින් අභිමානවත්ව සමරමු!

    உங்களுக்குத் தெரியுமா?
    இன்று இலங்கையின் குடியரசு நாள்!

    பெப்ரவரி 4, 1948 அன்று இலங்கை அரசுரிமை அந்தஸ்தைப் பெற்றது , ஆனால் அது முழுமையான இறையாண்மையாக அமையவில்லை, ஐக்கிய இராச்சிய ஏகாபத்தியத்தின் கீழ்தான் அரச தலைவர் இருந்தார் மற்றும் ஆளுநர் ஐக்கிய இராச்சிய ஏகாபத்தியத்தை பிரதிநிதிபடுத்தவே நியமிக்கப்பட்டார்

    1970 ஆம் ஆண்டில், கெளரவ சிரிமா பண்டாரநாயக்க தலைமையிலான “சுதந்திர முன்னனி” அரசாங்கம் பொதுத் தேர்தலில் பெறப்பட்ட மக்களின் ஆணைற்கு ஏற்ப புதிய அரசியலமைப்பை உருவாக்கியது.

    மே 22, 1972 அன்று, இலங்கை நாடாளுமன்றத்தின் பிரதிநிதிகளால் இந்த நிலத்தின் முதல் தன்னியக்க அரசியலமைப்பு இயற்றபட்டது.

    குடியரசின் புதிய அரசியலமைப்பு இலங்கையை ஒரு குடியரசாக மாற்றியது. வரலாற்று சிறப்புமிக்க 1972 ஆம் ஆண்டு 22 ஆம் திகதி, 1977 ஆண்டு வரை அதிகாரப்பூர்வமாக நினைவுகூரப்பட்டது.

    மே 22 திகதி இலங்கை ஒரு சுதந்திரமான, இறையாண்மை மற்றும் சுயாதீன குடியரசாக மாறிய நாள், எனவே இந்நாளை குடியரசின் ஒவ்வொரு குடிமகனும் நினைவுகூறுவது கடமையாகும்.

    Do you know?
    Today is the Republic Day of Sri Lanka!

    Sri Lanka received dominion status on 4th of February 1948 but this was not complete sovereignty, the head of the state remained the British monarchy, a governor general was appointed to represent the monarchy.

    In 1970, “Samagi Peramuna” government led by Hon. Sirima Bandaranaike drafted a new constitution on People’s Mandate received at the general election. On 22nd of May 1972 the house of representatives of the parliament of Ceylon enacted the first Autochthonous Constitution of this land.

    The Republican Constitution made Sri Lanka a republic. The historic 22nd of May 1972 was officially commemorated until 1977.

    The day Sri Lanka became a Free, Sovereign and Independent Republic, May 22 should be commemorated by every citizen of the Republic.

    #RepublicDaySL #අපිජනරජය #நாம்குடியரசு #WeRepublic
    See less
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anura kumara gen lankawa nidahas wena dawasa tama niyama janaraja dinaya. kanak ahila inna na Rupiyal walin wadi karala dollar walin answer denawa .Ahinsaka Ammla amaruwen ugannala University ewana lamaiwa pare yawala, igena ganna nodi awwe tiyala una saapayata tama lapakotata dan ganak wath hadaganna bari :D ;):yes::P:yes::D
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,080
    113
    srilanka
    තවමත් අපි නිදහස් වෙලා නෑ සුද්දගෙ න් හෙළ භාෂාව,හෙළ ගොවිතැන, හෙළ දැනුම, හෙළ වෙදකම මුලින්ම මුන් කරේ හෙළ භාෂාව නැති කරපු එක.

    අපි දැන්වත් මේ දේවල් හොයමු
     

    amaszin

    Active member
  • May 2, 2019
    313
    55
    28
    මම ඉපදුන ගමන්ම මහ ‍රැජිනව ලංකාවෙන් අයින් කරා මොකද ලංකාවට එක කිරුලයි තියෙන්නේ.කිරුළු දෙකක් තියෙන්න බෑ.I am the Crown of Sri Lanka.:)
     
    • Haha
    Reactions: Ultron

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    තේරෙන බාසාවෙන් කිව්වොත් මිශ්‍ර ජාන වලින් අමිශ්‍ර ජාන වෙන් වෙච්ච දිනය.