අපේ මාමා තමයි බයික් එක වැඩිපුරම පදින්නෙ. මොනව හරි කැඩුනාම පොර තමයි හදාගෙන එන්නෙත් ගොඩක් වෙලාවට. වැඩේ කියන්නෙ සල්ලි අරන් අටවල දෙන සීන් තියෙන්නෙ පොරට. පොරට වයස 75ක් විතර ඇතිනෙ ඉතින් අන්දන්න ලේසීඉ. මම මේ ලඟදි බයික් එක පදින්න ගත්තෙ ආපහු එතකොට පොඩි පොඩි අවුල් හදන්න ගියාම ලොකු ගානකට කෙලවෙනව. දවසක් සිග්නල් ලයිට් වැඩ නෑ පස්සෙ අර ඇතුලෙ තියෙන බොක්ස් එක වගේ කෑල්ල දාන්න ඕන කියල ඒක ගලවල දන්න කලින් එන කරන්ට් එක බැලුවා රෙක්ටිෆයර් එක අවුල් වෙලා ඕනවට වැඩිය පවර් ඇවිල්ල battery අවුල් වෙලා. අන්තිමට 8000 ගානක් ගියා ඔක්කොම දාන්න. ඔය අටවල දෙන තැන් නිසා තමයි ඔහොම වෙන්නෙ.
මචං බැටරිය කාලෙ ඉවර වුණාමත් බලබ් ගහල යනව
ඔව් බං පුලුවන් හැමදේම අපිම කරගන්න තරමට හොදයි
මම මේ ලගදි අපේ අලුත් ප්ලෙෂර් එකට මීටර් පැනල් එකේ ඉන්ඩිකේටර් සිග්නල් ලයිට් එක දැම්ම
කඩෙන් ගත්ත බල්බ් එක රුපියල් පණහයි
මම ම මාරු කෙරුව සිම්පල්
හැබැයි හරියට ගලවන්න දැනගන්න ඕනෙ
බල්බ් ගලවන්නෙ ගොඩක් වෙලාවට ඇතුලට තද කරල ඊට පස්සෙ කරකවල
නට් එහෙම ගැලවෙන පැත්ත හරියට බලල කරන්න ඕනෙ
YouTube විඩියෝ තියෙනව ඕන තරං
ඉන්දියන් ඒවත් මරු.. හින්දි තේරුණේ නැති වුණාට කරන දේ පැහැදිලිව බලාගන්න පුලුවන්
මහ දෙයක් නෙමේ හරියට බලල අපිටම ගොඩක් දේවල් කරගන්න පුලුවන්