අද සිටින විශිෂ්ඨතම නායකයා සරත් ෆොන්සේකාය

එකඟද ????

  • Yes

    Votes: 26 47.3%
  • No

    Votes: 29 52.7%

  • Total voters
    55
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
අද සිටින විශිෂ්ඨතම නායකයා සරත් ෆොන්සේකාය

සරත් ෆොන්සේකා
අප හමුදාවෙහි සිටි
විශිෂ්ඨතම නායකයාය.
අද දේශපාලන කරලියෙහිත් සිටින
විශිෂ්ඨතම නායකයා ඔහුය.
ඒ පිළිබඳව විවාදයක් නැත.

එදා සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් ඔද වැඩුණු
රණකාමිත්වයෙන් ගිනිගත් ජනපතිවරණ සටන සමග
අද මහින්ද, රනිල් සහ සෝමවංශ ආදීන් මෙහෙයවන
ඇල්මැරුණු මහා මැතිවරණ කන්කෙඳිරිය සැසඳීමෙන්
සටනක් සඳහා මිනිසුන් මෙහෙයවීමට
ඔහු තුල ඇති කෞශල්‍යය
අද සිටින අන් කිසිවෙකුත් තුල නැති බව පෙනේ.

එදා ජනපතිවරණ සටන තුළ
මහින්දගේ පටන් රනිල් දක්වා සියල්ලෝම සටන් කළේ
වෙඩි කෑ ඌරන් මෙන්ය.
ඉතා දුර්වල නායකයෙකු වන රනිල් පවා
" මහින්ද පෝඩා, බැසිල් පෝඩා, ගෝටා පෝඩා" කියමින්
විමල් වීරවංශ මෙන් වහසි බස් තෙපළන තරමට
ශක්තිමත් කරන්නට රනිල් මෙහෙයවූ
සරත් ෆොන්සේකාගේ විශ්මයජනක නායකත්වයට හැකිවිය.
උද්‍යෝගයෙන් ඇළලුනු රණකාමී මහා ජනතාව
පක්ෂ විපක්ෂ රැස්වීම් උතුරායන්නට ගැලුවේය.
රජයේ මාධ්‍ය උදේ සිට රෑ වන තුරුම
අතට අසුවන හොඳ නරක හැම දෙයක්ම රැගෙන
වියරුවෙන් මෙන් සටනට වන්හ.
කොතරම් දැඟලුවත් ඔවුහු ජයග්‍රහණය නොකළහ.
අවසානයේ රාජ්‍ය බලය යොදවා
අහිමි ජයග්‍රහණය පැහැරගන්නටද ඔවුන්ට සිදුවිය.

චෝදනා රහිතව අත් අඩංගුවට පත්වූ
සරත් ෆොන්සේකා වෙනුවෙන්
ලක්ෂ ගණනක් වීදි බැස්සේ
රනිල්, සෝමවංශ බඳු දුර්වල නායකයන් යටතේය.
ඒ අවස්ථාවෙහි සරත් ෆොන්සේකා වැනි නායකයෙක්
එම පිරිස මෙහෙයවන්නට නොසිටියේ
රජයෙහි වාසනාවටය.
සරත් ෆොන්සේකා ඉවත්කිරීමත් සමග
ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය
මෙවන් ශිශිර තාරක නින්දකට වැටීම
අරුමයක් නොවන්නේ
එබඳු ප්‍රබල නායකත්වයක්
මෙවැනි රටක පහළවන්නේ
ඉතාම කලාතුරකින් බැවිනි.

අද මහින්ද තුළත්
රනිල්, සෝමවංශ ඇතුලු
පක්ෂ විපක්ෂ අපේක්ෂකයන් සියලුදෙනා තුළත්,
රජයේ මෙන්ම පෞද්ගලික මාධ්‍ය වලත්,
පොදුවේ සමස්ත මහා ජනතාව තුලත්
දක්නට ලැබෙන
උදාසීන, ඇල්මැරුණු, හෝන්දුමාන්දු ගතියට
එකම හේතුව
රණවිරු සරත් ෆොන්සේකා කරළියෙහි නොවීම විනා
අන් කිසිවක් නොවේ.
මාස දෙක තුනක් වැනි සුළු කාලයක් තුළ
ඔහු දේශපාලන භූමියෙහි කළ මහා පෙරළිය
අප දන්නා ඉතිහාසය තුළ
අන් කිසිදු නායකයෙක් කර නැත.
අප දන්නා අනාගතය තුළද
එවන් සුවිශේෂී නායකයෙකු
යළි බිහිවෙතැයි කිසියම් සලකුණකුදු නැත.

තුනෙන් දෙකක් ඉල්ලා සිටින රජයත්,
ඊට විරුද්ධව බලය ඉල්ලන විපක්ෂයත්
හීන් මදුරු කරදරයකට වැඩි හඬක් නොනගා
උදාසීන, ඇල්මැරුණු, හෝන්දුමාන්දු ගතියෙන්,
උපන්නාට මේ ලොව වැනෙන වුන් මෙන්
ඔබ මොබ හසිරෙමින් සිටියි.
ජනතාවද වගේ වගක් නැතිව
එදිනෙදා කාර්යයන්හි යෙදී සිටියි.

මහින්දගේ පටන් මුළු ශ්‍රී ලංකාවම
මෙම මැතිවර්ණ දෙක සඳහා
සහභාගි වූ ආකාර දෙකෙහි වෙනස සසඳන කල
සරත් ෆොන්සේකා හදිසියේම දේශපාලන භූමියෙන් ඉවත්කිරීම
මහ මැතිවරණ ව්‍යාපාරය මෙසේ කඩා වැටීමට බලපෑ
එකම සාධකය බව අවිවාදාත්මකව පිළිගත හැකිය.
ඔහු අත් අඩංගුවට ගැනීම
ඉතා උපක්‍රමශීලීව කළ දෙයක් බව
මතුපිටින් පෙනුණද
සැබෑ හේතුව නම්
ඔහුගේ ප්‍රබල රණකාමිත්වයට
නැවත වරක් මුහුණ දෙන්නට
මහින්ද ප්‍රමුඛ රජයට
තවදුරටත් ශක්තියක් නොමැතිවීමය.

මහින්ද අද කළාක් මෙන්
මේ රණවිරුවා
තමන්ට එරෙහි සටනෙන් ඉවත් කර ගන්නට
එදා ප්‍රභාකරන්ද කිහිපවරක් උත්සාහ දැරුවේය.
එම උත්සාහයෙන් තවත් දිරිමත් වූ
සරත් ෆොන්සේකා
යුද්ධය ජයග්‍රහණය කළේ ය.
දේශපාලන රණබිමෙහි
ඔහු සටන් වැදුනු
ජනපතිවරණයේදී අප දුටු
රණකාමී ශ්‍රී ලංකාව
අද අතුරුදහන්ව ඇත.
ඒ රණකාමී ල\කාව සමග
ඔහු දේශපාලන සටනෙන් ඉවත් කළ පසු
අපට දක්නට ලැබෙන
උදාසීන, ඇල්මැරුණු, හෝන්දුමාන්දු ශ්‍රී ලංකාව සැසඳීම
යුද්ධයට ඔහු දුන් නායකත්වයෙහි
නියම වටිනාකම
තක්සේරු කරගන්නටද ප්‍රමාණවත්ය.
ඔහු නායකත්වය දුන් කාලයෙහි
දේශපාලන පොර පිටියෙහි
ඔහු අවුළුවා ගත් රණකාමිත්වයම
ඔහු එදා යුද බිමෙහි යුද හමුදාව තුළත්
අවුළුවා නොගත්තේ නම්
එතරම් කෙටි කලක් තුළ
වසර 30ක යුද්ධයක් දිනන්නට
ලංකාවට නොහැකි වනු ඇත.
යුද්ධය දිනන්නට හේතුවූ එකම සාධකය
සරත් ෆොන්සේකාම බවත්
ඔහුගේ විශිෂ්ඨ නායකත්වය නොවූයේ නම්
යුද්ධයද මේ මහ මැතිවරණය මෙන්ම
උදාසීන, ඇල්මැරුණු, හෝන්දුමාන්දු යුද්ධයක් සේ
අද දක්වාම ඇදි ඇදී යන්නට ඉඩ තිබුණු බවත්
දැන් අපට සහතිකය.
මහින්දවාදීන් කොතෙක් වලි කෑවද
යුද ජයග්‍රහණයේ සැබෑ ගෞරවය
සරත් ෆොන්සේකාගෙන් පැහැර ගන්නට
මහින්දට නොහැකිවී ඇත්තේද ඒ නිසාය.
මේ අනුව සරත් ෆොන්සේකා
අද අපට සිටින විශිෂ්ඨතම නායකයා බවත්
ඔහුට අලගු තබන්නටවත් සුදුසු නායකයන්
අද අප රටෙහි නැති බවත් වටහා ගන්නට
ඔබ මහා ප්‍රාඥයෙකු විය යුතු නොවේ.
Sඅරත් ෆොන්සේක සටන් වදිද්දී දක්නට ලැබුණ
රණකාමී ජනපතිවරණයත්
අද අප ඉදිරියේ ඇති
උදාසීන, ඇල්මැරුණු, හෝන්දුමාන්දු මහා මැතිවරණයත්
සංසන්දනය කිරීමට ඔබට හැකිනම්
එය පමණක්ම ප්‍රමාණවත්ය.

අද නායකයෝ
මහින්ද, රනිල් සහ සෝමවංශය.
එදා නායකයා
අද ශ්‍රී ලංකාවේ සිටින විශිෂ්ඨතම නායක
රණවිරු සරත් ෆොන්සේකාය.
 
Last edited:
  • Like
Reactions: thm14 and BiN_KuNdA

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සරත් ෆොන්සේකා එදා යුද බිමෙහි සිටි විශිෂ්ඨතම නායකයාය.
    mahinda meya ge retirement eka extend nokara hitiya nam .....
    Brig.SF kenek wela nidahase inna thibuna.
    ehema nathath war eken passe bala thanhawa gahala lanu noka hitiyanam......
    adath meya mulu ratatama weerayek.
    deshapalana awalammu ekathuwela
    sf wa kawa.
    just like Janaka Perera.

    අරම උණා නම්,
    මෙහෙම උණානම් කියල
    ප්‍රශ්න වලට උත්තර හොයන එක
    කිතුලෙ තණකොළ තිබුනා නම් වගේ උත්තරයක්.

    මහින්දත් දේශපාලනයට නොආවානම්
    පුංචිකාලෙ කළා වගේ
    ගමේ රස්තියාදු කාර කොල්ලො එක්ක
    රස්තියාදු ගහ ගහ ඉඳීවි.

    මට කියන්න බලන්න එදා තිබුණ ගැම්ම
    මේ මැතිවරණෙදි දකින්න නැත්තෙ ඇයි කියල.

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    ඉතා දුර්වල නායකයෙකු වන රනිල් පවා
    " මහින්ද පෝඩා, බැසිල් පෝඩා, ගෝටා පෝඩා" කියමින්
    විමල් වීරවංශ මෙන් වහසි බස් තෙපළන තරමට
    ශක්තිමත් කරන්නට රනිල් මෙහෙයවූ
    සරත් ෆොන්සේකාගේ විශ්මයජනක නායකත්වයට හැකිවිය.

    :lol::lol::lol::lol:
    oya "poda" kathawa nisa kochchara chater unada.. :P :lol:

    and other thing "itha durwala nayakayeku wana ranil" kiyana eka harida?
    Ranil durwala nayakayek nam, wedima wathawak chanda peraduna kena hatiyata thawamath UNP eke nayakaya wela indeeda.. :P ;)
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    ජෙනරාල්ගෙන් රනිල්ට රහසිගත ලියුමක් (ලංකා ඉරිදා සංග්‍රහය)
    pdf_button.png
    printButton.png
    emailButton.png
    2010 මාර්තු 05 වෙනි සිකුරාදා, 08:45
    SF_1.jpg
    කෙටිකාලීන අවශ්‍යතා මත කටයුතු නොකර දිගුකාලීන ජාතික අරමුණු මත පිහිටා කටයුතු කරන ලෙස ඉල්ලා ජෙනරාල් සරත් ෆොන්සේකා විසින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවා ඇත. පසුගිය කාලයේ රටතුළ සිදුවූ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවන් රැසක් පිළිබඳව ලිපිය මඟින් දීර්ඝ ලෙස විස්තර කර ඇත.

    මෙම ලිපිය මඟින් ජෙනරාල් ෆොන්සේකා මහතා වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ "උද්ගතවී ඇති ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී තත්වයට මුහුණදීම සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන සියලූ බලවේග එක්විය යුතු බවයි. ඒ සඳහා ඇති සුදුසුම ආකාරය පසුගිය ජනාධිපතිවරණයේදී ඇතිවූ එක්සත්භාවය ඉදිරියට ගෙනයාම සහ පුළුල් කිරීම බවද"එහි සඳහන් කර තිබේ.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    no competition to govt.

    අරම උණා නම්,
    මෙහෙම උණානම් කියල
    ප්‍රශ්න වලට උත්තර හොයන එක
    කිතුලෙ තණකොළ තිබුනා නම් වගේ උත්තරයක්.

    මහින්දත් දේශපාලනයට නොආවානම්
    පුංචිකාලෙ කළා වගේ
    ගමේ රස්තියාදු කාර කොල්ලො එක්ක
    රස්තියාදු ගහ ගහ ඉඳීවි.

    මට කියන්න බලන්න එදා තිබුණ ගැම්ම
    මේ මැතිවරණෙදි දකින්න නැත්තෙ ඇයි කියල.

    kisima gammak ona karanne na.mokada jayaganne kawuda kiyala ratama dannawa.hansayo igilila,ali erila,seenu oluwen hitawala kusalanayak atawagena oyala kohe dinannada?:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    minissunta dan ona mada karayo,wairee deshapalakayo newei.
    ratata ona development eka.war eka dinawanna triwidha hamudawa organize karapu MR ta rata goda ganna eka simple.
    anika minissu dannawa yaha palanaya kiyala dollar miti ganan safe wala hangala boru wathkam barakam pennuwe kawuda kiyala.
    dan Manel fonseka Vinnie Mandela wenna haduwata hariyanne naha.
    SF ge lokuma golaya Belgium walin convict karala thiyenne mokada?
    ekath Basilge account ekata danna puluwanda?
    gamme tharama april 8 wenida balan innako....:yes::yes::yes::):)
    kollawa binduna kabal oru dekak ekka speed boat ekakaka mona race da??:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    SF එළියෙ හිටිය නම්
    අදත් මහින්දයි,
    පක්ෂ විපක්ෂ අපේක්ෂකයොයි
    වෙඩි කාපු ඌරො වගේ චන්ද වැඩ.

    SF හමුදා පුහුණුවත්
    චරිත ශක්තියත් එක්ක ඒ කට්ට කෑවට
    මහින්දලට බෑ.

    :yes:

    මහින්දට මානසික ආතතියත් හැදුණනෙ.

    SF එළියෙ හිටිය නම්
    මේ සැරේ හැදෙන්නෙ ගෝටට වගේ
    හාර්ට් ඇටෑක් එක තමයි.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka

    kollawa binduna kabal oru dekak ekka speed boat ekakaka mona race da??:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    හොර චන්ද කේස් එකෙන්
    රේස් බෝට්ටුවත් හිල්වෙලා තියෙන්නෙ.
    මහින්දත් වැටිල ඉන්නෙ හැම අතින්ම.
    කෙළින් ඉන්නෙ SF විතරයි.

    :D
     
    wmsaneera

    Member
    Nov 21, 2009
    503
    94
    0
    මම කිසිම දේශපාලන පක්ෂ මතයක් නොදැරුවත්,
    ඉහත කථාවේ යම් යම් කරුණු කෙරෙහි සම්පුර්ණයෙන්ම එකග නොවුවත් සමස්තයක් වශයෙන් පිලිගතහැකි අතර බොහෝ කාරණා පිලිබද නව
    කෝණයකින් සිතීමට අපේ මනස මෙහෙයවයි.

    මගේ මතයනම් වර්ථමාන දේශපාලන තත්වය යටතේ අවංක දේශපාලඥයන් හට රටේ තැනක් නොමැති බවයි.
    මේ තත්වය වෙනස්කල් හැක්කේ ශ්‍රිලාංකිය ජනතාව වන අපටමය. පක්ෂ, ආගම් ,ජාති භේදවලට වලින් වෙන්වී පාට කන්නාඩිවලින් ලෝකය දකින තාක්කල් එය කිරීමට අපට නොහැක. එතෙක් අපි පරාජිතයෝම වෙමු.
    යම් දිනක අප සැමට එක්වීමට හැකිවුවහොත් අපි ජයගනු නියතය.

    Last edited:

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    මචං රනිල්, සෝමේ වගේ එවුන් චන්දේ ගියපාර ඉල්ලුව නම් පරදින හැටි හිතා ගන්න බැරි බව මිනිස්සු දැනගෙන හිටියා.........

    පාක්ෂිකයෝ නන්නත්තාර වෙලා හිටියේ....... ඉතින් අලුත් මුහුණක් දැක්කම එ.ජා.ප හා ජේ.වි.පි පාක්ෂිකයෝ නව පණක් ලැබුවා........

    නමුත් හිතන්න එපා ජනාධිපතිවරණයේ ලැබිච්ච චන්ද සේරම ෆොන්සේකාට ලැබුන ඒවා කියලා.......

    එහෙම හිතන එකෙක් ඉන්නවනම් ඌ තරම් මොඩයෙක් ලොකේම නෑ......
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    හොර චන්ද කේස් එකෙන්
    රේස් බෝට්ටුවත් හිල්වෙලා තියෙන්නෙ.
    මහින්දත් වැටිල ඉන්නෙ හැම අතින්ම.
    කෙළින් ඉන්නෙ SF විතරයි.

    :D

    haa....haa.................hu.............

    keLin innea ponseakaa witharayi.............
    anith okkoema innea Anndheta............
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    මචං රනිල්, සෝමේ වගේ එවුන් චන්දේ ගියපාර ඉල්ලුව නම් පරදින හැටි හිතා ගන්න බැරි බව මිනිස්සු දැනගෙන හිටියා.........

    පාක්ෂිකයෝ නන්නත්තාර වෙලා හිටියේ....... ඉතින් අලුත් මුහුණක් දැක්කම එ.ජා.ප හා ජේ.වි.පි පාක්ෂිකයෝ නව පණක් ලැබුවා........

    නමුත් හිතන්න එපා ජනාධිපතිවරණයේ ලැබිච්ච චන්ද සේරම ෆොන්සේකාට ලැබුන ඒවා කියලා.......

    එහෙම හිතන එකෙක් ඉන්නවනම් ඌ තරම් මොඩයෙක් ලොකේම නෑ......

    චන්ද ගැන නෙමෙයි
    මම කියන්නෙ.

    SFගෙ නායකත්වයෙ තියන
    මිනිසුන් සටනකට මෙහෙයවීමට තියන
    දක්ෂතාවය ගැන.

    පහුගිය කාලෙ SF මිනිස්සු
    අවුස්සල ගත්ත විදිය බැලුවම
    SF යුද්ධෙ දිනුවෙ කොහොමද කියල
    හිතාගන්න පුලුවන්.

    රනිල්ලා පඹයො වගෙයි
    SF එක්ක තියලා බැලුවම.

    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    haa....haa.................hu.............

    keLin innea ponseakaa witharayi.............
    anith okkoema innea Anndheta............

    පොඩ්ඩක් බලන්න කට්ටිය
    ජනපතිවරන කාලෙ හිටපු විදියයි,
    දැන් ඉන්න විදියයි.

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka

    චන්ද ගැන නෙමෙයි
    මම කියන්නෙ.

    SFගෙ නායකත්වයෙ තියන
    මිනිසුන් සටනකට මෙහෙයවීමට තියන
    දක්ෂතාවය ගැන.

    පහුගිය කාලෙ SF මිනිස්සු
    අවුස්සල ගත්ත විදිය බැලුවම
    SF යුද්ධෙ දිනුවෙ කොහොමද කියල
    හිතාගන්න පුලුවන්.

    රනිල්ලා පඹයො වගෙයි
    SF එක්ක තියලා බැලුවම.

    මිනිස්සු නෙමේ ඇවිස්සුනේ ජවිපෙ එජාප පාක්ෂිකයෝ ..................

    මොකද ඒ අය සතුටු උනා පඹයෝ දෙන්නෙක් ඉන්න කොට ෆොන්සේකා ආපු එක ගැන..........

    හැබැයි පොන්සේකා එන කොට තිබ්බ උද්යෝගය ජනාධිපතිවරණය ළං වෙනකොට බිංදුවටම බැස්සා..... ඒක අකමැත්තේන් උනත් පිළිගන්න ඕනේ....
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    මිනිස්සු නෙමේ ඇවිස්සුනේ ජවිපෙ එජාප පාක්ෂිකයෝ ..................

    මොකද ඒ අය සතුටු උනා පඹයෝ දෙන්නෙක් ඉන්න කොට ෆොන්සේකා ආපු එක ගැන..........

    හැබැයි පොන්සේකා එන කොට තිබ්බ උද්යෝගය ජනාධිපතිවරණය ළං වෙනකොට බිංදුවටම බැස්සා..... ඒක අකමැත්තේන් උනත් පිළිගන්න ඕනේ....

    බැසිල් නොහිටියා නම් බලන්න තිබුණා.

    19051_103289573033915_100000586181520_88891_6306538_n.jpg

    nasam

    Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    ජෙනරාල් වෙන පක්‍ෂයකින් තරග කළත්
    ඔහු වෙනුවෙන් එජාපය යුතුකම් ඉටුකරනවා

    - ලක්‍ෂමන් කිරිඇල්ල
    සිරගතව සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා
    මහත වෙනුවෙන් නීති ආධාර ලබාදීම, ජනාධිපති
    වරණ ඡන්ද පෙත්සමේ කටයුතු ඉදිරියට ගෙන යැම
    ඇතුළු සියලු කටයුතු සිය පක්‍ෂය මූලිකත්වය යටතේ
    දැනටමත් සිදු කරමින් පවතින බව ද කිරිඇල්ල
    මහතා පැවසීය.