අද සිට සිදුවන ගාස්තු වෙනස

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,108
    56,590
    113
    අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තුව දෙගුණයකින් ඉහළ දමා තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රුපියල් 5,000ක්ව පැවති සාමාන්‍ය සේවා විදෙස් ගමන් බලපත්‍ර ගාස්තුව රුපියල් 10,000 දක්වා ඉහළ දමා ඇති බවය.

    මෙම මිල සංශෝධනය මාර්ගගත සහ මාර්ගගත නොවන අංශ දෙක සඳහාම වලංගු බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

    මේ අතර අද සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය මඟින් ප්‍රවාහනය කරනු ලබන භාණ්ඩ සහ පාර්සල් සඳහා අයකරනු ලබන මිල ගණන් ඉහළ දමා තිබේ.

    රුපියල් 50ක්ව පැවති අවම ගාස්තුව ඒ අනුව රුපියල් 150ක් දක්වා ඉහළ දමා ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගමනාගමන එන්.ජේ.ඉදිපොල මහතා සඳහන් කළේය.