- විපක්ෂය අවි ගනුදෙනු විවාදය මග හරී
ෆොන්සේකා මහතාගේ බෑණාගේ අවි සමාගම පිළිබඳව සංවාදයකට එන්නැයි විමල් වීරවංශ මහතා කළ අභියෝගයකට අනුව අද (08) රාත්‍රී 10.00 ට ස්වර්ණවාහිනී නාලිකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ‘රතු ඉර’ සංවාදය මගහැර යාමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් කටයුතු කර ඇති බව වාර්තා වේ. මෙම සංවාදයට විපක්ෂය නියෝජනය කරමින් දයාසිරි ජයසේකර හා සුජීව සේනසිංහ යන මන්ත්‍රීවරුන් සහභාගි වීමට නියමිතව සිටි අතර ජවිපෙ මන්ත්‍රීවරයෙකු මීට සහභාගි වන බවක් අසන්නට නොලැබිණි.නමුත් ඉහත කී එජාප මන්ත්‍රීවරුන් දෙදෙනා මේ වන විට හදිසියේම නීතිමය ප්‍රශ්න කීපයක් මතු කරමින් සංවාදයට සහභාගි නොවීමට තීරණය කර ඇති බවත් උසාවි නියෝගයක් හරහා සංවාදය අත්හිටුවීමට කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.
‘හයිකොප්’ සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු වන බර්ගර් ජාතික ‘වෙලින්ටන් ටෙන්ට්රන්’ නමැත්තා මේ අවි ගනුදෙනුව සම්බන්ධයෙන් මේ වන විට සැක පිට අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම වංචාවට අදාළ තොරතුරු සහිත පරිගණකයක් හා උපාංග කට්ටලයක් මේ වන විට රහස් පොලිස් භාරයට පත්ව තිබීම එජාපය මෙම සංවාදය මග හැරීමට හේතු වී ඇතැයි වාර්තා වේ. මෙම උපාංග රහස් පොලිස් භාරයට පත්වීමත් සමග මේ ගනුදෙනුවට අදාළ විශාල තොරතුරු ප්‍රමාණයක් හෙළි දරව් වී ඇතැයි යන සැකය මත එජාප මන්ත්‍රීවරුන් මෙම තීරණය ගෙන ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පෙන්වා දෙයි.
නමුත් මුලින් මෙම අභියෝගය භාර ගෙන දැන් ඊට මුහුණ නොදී පලා යාම එළිපිටම පරාජය භාර ගැනීමක් නිසාත් මෙය තම මැතිවරණ ව්‍යාපාරයට අහිතකර ලෙස බලපෑ හැකි නිසාත් මේ සම්බන්ධව ගත යුතු තීරණය පිළිබඳ ඔවුන් මේ වන විටත් ගැටලූ සහගත තත්වයකට මුහුණ පා ඇතැයි වාර්තා වේ.