අධ්‍යාපන අමත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා.

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    අධ්‍යාපන අමත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා. ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති.. බණ්ඩාරගම වෑවිට ගමේ හිටපු ඔහුට අවුරුද්දයි මාස තුනෙන් තාත්තා නැති වෙනවා. ඊටපස්සේ එතුමවයි අක්කයි, අයියයි, මල්ලිවයි බලා ගන්නේ අකුරු බැරි එතුමගේ අම්මා. ඉස්සර 8 ශ්‍රේණියේ එහෙම නැත්නම් 9 වසරෙදී සාමාන්‍ය පෙළ සමත් වෙලා ආනන්දෙ තියෙන සම්මුඛ පරීක්ෂණයට යනවා. හැබැයි එතනදී ආනන්දයෙන් කියනවා මේ ප්‍රථිපලවට ගණිත අංශයෙන් උසස්පෙළ කරන්න දෙන්න බෑ. වාණිජ කරන්න කියලා. ඔහු ඔහුගේ අකුරු බැරි අම්මට කියනවා එයාට වාණිජ කරන්න බෑ කියලා. ඔහු නැවත් පානදුර ශ්‍රී සුමංගලයට ගිහිල්ලා ගණිත අංශයෙන් හොඳම ප්‍රථිපල අරගෙන මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට සමත් වෙනවා. හැබැයි ඔහුගේ ජනාධිපති බලාදක්ෂයෙක් විදියට හිටපු අභාෂය නිසා ඔහු යන්නේ නාවික හමුදාවේ කැඩෙට් නිලධාරියෙක් විදියට කොතලාවල විද්‍යාපීඨයට. ඊටපස්සේ විද්‍යාපීඨයෙදී පුහුණුවීම් වලදී පෝලිම් කරලා අහනවා.. Anybody from Ananda , Nalanda ,Royal ,Trinity කියලා. කපිල සර් ට එතකොට හිතෙනවා... එහෙම අහන කොට පොරමඩුල්ලෙන් ආපු ළමයට මොනවා හිතෙනවා ඇත්ද ? නිවිතිගලින් ආපු ළමයට මොනවා හිතෙනවා ඇත්ද ? එවා ඔහු ගණං ගන්නේ නෑ. හැබැයි ඒ එක්කම ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු උපාධියත් හදාරනවා. එතනින් ඔහු පළමු පන්තියේ සමාර්ථයක් එක්ක උපාධිය සමත් වෙනවා. ඒ එක්කම ඔහු කොතලාවල විද්‍යාපීඨයෙනුත් හොඳට සමත් වෙලා නාවික හමුදාවට එනවා 86 දී... ඔහු 95 වෙනකම් නාවික හමුදාවේ ඉන්නවා. ඔහු නාවික හමුදාවෙන් ඉවත් වෙනකොට ලුතිනන් කමාන්ඩර් කෙනෙක්. ඔහු විවාහ වෙන්නේ 97 ජනවාරියේ එතුමාගෙ අකුරු බැරි අම්මා හොයලා දුන්න වෛද්‍යවරියක් එක්ක. ඇය දැන් විශේෂඥ වෛද්‍යවරියක්. ඔවුන්ට පුතෙක් සහ දුවෙක් ඉන්නවා. ඔහු නාවික හමුදාවෙන් අයින් වෙලා යන්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වරයෙක් විදියට රැකියාව භාරගෙන. ඔහු සිය Masters කරන්න ඇමරිකාවේ ගිහිල්ලා එන්නෙ PhD එකත් අරගෙන ආචාර්ය වරයෙක් විදියට. ඔහු මහාචාර්ය වරයෙක් වෙන්නේ 2007 පෙබරවාරියේදී. ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති වෙන්නේ 2017 නොවැම්බරයේදී.. හැබැයි ඔහුට පොඩි ගැටළුක් තිබ්බා. ඒ ඔහු ජනතා විමුක්ති පෙරමුණේ 2015 ජාතික ලැයිස්තුවේ අපේක්ෂාකයෙක් වීම. ඒත් හිටපු ජනාධිපති මෛත්‍රී මේක ඔහුට දෙනවා. ඊලඟට අහම්බය වෙන්නේ 2020 අගෝස්තුවේදී. ඒ ඔහුට අධ්‍යාපන අමත්‍යංශයේ ලේකම් ලෙස වැඩ භාර ගැනීමට ඇරයුම් කිරීම. වර්තමාන ජනාධිපති ගෝඨාභය ඔහුට මේ පත්වීම දෙනවා. මෙතනත් ඔහුට ජවිපෙ ජාතික ලැයිස්තුවේ අපේක්ෂාකයෙක් වීම බලපාන්නෙ නෑ. කපිල සර් කියන විදියට මොරටුව විශ්වවිද්‍යාලයේ ඔහුගේ ක්‍රියාකරකම් මේ පත්වීමට බලපාන්න ඇති බව තමයි කියන්නේ. මේ ඔක්කොම කතා පැත්තකින් තිබ්බොත් එතුමා 2019 අපුරු වැඩක් කරනවා. ඒ ඔහුගේ පුතා එක්ක සාමාන්‍ය පෙළ විභාගයට ආයේ මුහුණ දෙනවා.. දෙමළ විෂයට... ඒ දෙමළ කථා කරන්න තියෙන ආසාවට. ප්‍රථිපලය තාත්තාට C පුතාට A. එතුමා එතනදී නියම කථාවක් කියනවා. මොකක්ද ඒ ? "අධ්‍යාපනය ගුරා ට වැඩිය ගෝලයා අභිබවා ගියෙ නැත්නම් රටක් දියුණු වෙන්නේ නෑ. සමාජයක් දියුණු වෙන්නේ නෑ." ඔහු කියන්නේ ඔහු ඉගෙන ගත්තේ පුතගෙන් කියලා. මොකද පංතියේ පුතා නිසා. ඔහු 98 දී සසකාව එකට ගිහිල්ලා ජපනුත් ඉගෙන ගන්නවා. ඔහු 2020 ඔහුට අධ්‍යාපන ලේකම් තනතුර ලැබෙන්න කලින් නීති විද්‍යාලයේ නීති ප්‍රවේශයත් ලියන්න අයඳුම් කරනවා. ඔහු ඒක ලියන්නේ නැත්තේ විභාග දෙපාර්තමේන්තුව තියෙන්නේ ඔහුගෙ යටතේ නිසා. මේකෙන් ගන්න ඕන මේ ටික. එදා මෙතුමා ආනන්ද විද්‍යාලයට යන්න ආසාවේ වාණිජ කරා නම් හරි ඔහුගේ අකුරු බැරි අම්මා ඔහුව බලෙන් ආනන්ද විද්‍යාලයට දැම්ම නම් අද ඔහුගේ කථාව වෙනස් වෙන්න තිබ්බා. එදා මෙතුම කොතලාවල පීඨයෙදී පාසල නිසා යම් මානසික වැටීමකට ලක් උනා නම් එතුමගේ කථාව වෙනස් වෙන්න තිබ්බා. එදා එතුමා දේශපාලනයේ දී වෛරී, පහත් දේශපාලනයක නිරත උනා නම් එතුමාගේ කථාව වෙනස් වෙන්න තිබ්බා. මෙහෙම බලන කොට මේ සමාජයේ .. පවුලේ බලපෑම නිසා පාසල නිසා, සමාජ මට්ටම නිසා දේශපාලනය නිසා සැඟවුනු , වැලලුනු ශ්‍රේෂ්ඨ , වටිනා චරිත කොච්චරවත් ඇද්ද ? අන්තිමට ඔහු කියපු දෙයක් තදටම දැනුනා. ඔහු කියන්නේ Education can transform any human being to a brilliant person කියලා. අන්න ඒ නිසා මොනා හරි දෙයක් හරියට ඉගෙන ගන්න. ඉගෙන ගන්න එක පිපාසාවක් උන මනුස්සයෙක් ගේ කථාවක් තමයි මේක. කතාව ලිව්වේ විද්‍යා දේශක චිරාත් උයනහේවා — with Chirath Uyanahewa.