අධ්‍යාපන අමාත්‍යංශයට හොරු පනිති

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අධ්‍යාපන අමාත්‍යංශයට හොරු පනිති

    අධ්‍යාපන අමාත්‍යංශයට හොරු පනිති

    නිලන්ත මදුරාවල

    ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේ ගෙවීම් ශාඛාවට පෙරේදා (8 වැනිදා) රාත්‍රියේ ඇතුළුවූ කිසියම් පිරිසක්‌ එහි ලිපි ලේඛන සහිත ලාච්චු ඇද දමා ඇත.

    සිව්වැනි මහලේ පිහිටි එම ශාඛාවේ යතුරුවලින්ම දොරගුළු හැර තිබෙන අතර එහි සේප්පුවේ යතුර සෙවීම සඳහා සෙසු ස්‌ථාන මෙලෙස අවුස්‌සා ඇතැයි පැවසේ.

    කාර්ය මණ්‌ඩලයට එදිනෙදා ගෙවීම් සිදු කරන්නේ මෙම කාර්යාලය මගිනි. එහි සියලුම අංශවල යතුරු ආරක්‌ෂක අංශ භාරයේ තිබියදී ගෙවීම් අංශවල දොරගුළුවලට කිසිදු හානියකින් තොරව විවෘත කර ඇත්තේ කෙසේද යන්න ගැටලුවක්‌ බව අමාත්‍යාංශය කියයි.

    සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‌ෂණ පවත්වන තලංගම පොලිසිය එහි ආරක්‌ෂක අංශවලින්ද ප්‍රශ්න කර ඇත.


    http://www.divaina.com/2012/05/10/news26.html

    යකෝ දැන් පුදුම හොරු ටිකක්නේ ඉන්නේ. :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    අයියෝ සල්ලි..... හෙට අනිද්දට මහා භාණ්ඩාගාරෙටත් වැඩේ දෙයි මෙහෙම උන්...... :lol: :P
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මල මඟුලයි...
    තව ටික දවසකින් ජනාධිපති මන්දිරේට හොරු පැනලා ජනාධිපතිගේ සරම උස්සලා කියාවිද දන්නෙත් නෑ...
    :oo: :oo: :oo: :oo: :oo:

    picture.php