අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයා දිගටම මැණික්

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයා දිගටම මැණික්

    VijithamuniSoyza.jpg


    මීට පෙර වාර්තාවකින් අප ඔබට පැවසුවේ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජිතමුණි සොයියා විසින් ලුණුගම්වෙහෙරින් හමුවූ මැණික් ඉල්ලමේ මැණික් සහිත පස් හමුදාව යොදවා රැගෙන යන පුවතකුයි.

    දහවල් කාලයේ ඉල්ලම් සොයන පුද්ගලයන් හමුදාව ලවා මර්ධනය කළ ඇමතිවරයා ඔවුන් කිහිප දෙනෙකුට රාත්‍රියේ ප්‍රහාරද එල්ල කරමින් රාත්‍රී කාලයේදී තමන්ගේ ටිපර් රථ ගෙනවිත් මැණික් සහිත බොරළු පස් එතුලට දමාගෙන ගොස් තිබුණා.

    ඉන්පසු කීප විටක්ම රජයට අයත් වාහන යොදාගනිමින් අමාත්‍යවරයා මෙලෙස මැණික් ඉල්ලම් රැගෙන ගොස් ඇති අතර වෙන්දේසි කළ ඉඩමකින් පසුගිය 12 වනදා හොර රහසේ ඉල්ලම් රැගෙන ගිය අවස්ථාවේ අමාත්‍යවරයාගේ ආරක්ෂකයින් පිරිසක් ට්‍රැක්ටරයක් සමඟින් කතරගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    එම ඉල්ලම් සොරාගන ඇත්තේ මැණික් වෙන්දේසියෙන් කට්ටිකර විකුණූ අංක-2 කැබැල්ලෙනි. රු. ලක්ෂ 80කට මිලදී ගෙන ඇති එක්ම ඉඩමේ කැණීම් අවුරුදු උත්සවය සඳහා සේවකයන්ට නිවාඩු දීමට නවත්වා තිබෙන අවස්ථාවේදීයි අමාත්‍යවරයා මෙලෙස මැණික් හොරකමේ ගොස් තිබෙන්නේ.

    මැණික් හා ස්වර්ණාබරන අධිකාරියේ සේවකයන් දෙදෙනෙක්, ප්‍රදේශයේ පුද්ගලයෙකු හා ඇමති ආරක්ෂකයින් දෙදෙනෙකු මෙලෙස අත් අඩංගුවට ගෙන තිබෙන අතර ඉල්ලම් හමුවූ දෙන පටන් රජයට අයත් වාහන යොදාගනිමින් කීප අවාස්ථාවක්ම අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිවරයා මෙලෙස ඉල්ලම් රැගෙන ගිය බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    නොදකින් ගල් මූස්ලයාගේ සෙවල හිනාව.. යකෝ ඇමතියෙක් වෙලා හොරකම් කරනවට වැඩිය නම්බුයි ලේන්සුවක් එලාගෙන මොනරාගල බස් ස්ටෑන්ඩ් එකේ හිඟාකාපිය. මොකක්ද පොන්නයෝ හැමදේකටම ඔච්චර තණ්හාව? දැන් තොපේ ඇමති මණ්ඩලේ ඉන්න එවුන්ගෙයි
    මහා එකගෙයි අතරේ තියෙන්නේ වැඩියෙන්ම හොරකම් කරලා, "මම තමයි ගොඩක්ම හොරකම් කරපු එකා" කියලා කියන තරඟයක්. යකෝ තොපි හොරකම් කරන එකේ ඉවරයක් නෑනේ.. සමහර එවුන් මිනී මරනවා, තව එවුන් නිදන් හාරනවා, තවත් එවුන් කුඩු බිස්නස් කරනවා, කැසිනෝ, බඩු පොට්, රට පුරා.., හැබැයි තොට මේ කරන අපරාද වලට දේව දඬුවම් ඉක්මනටම ලැබුනේ නැත්නම් තොපේ පළාතට ඉන්න කතරගම දෙවියොත් බොරු... ඔන්න බලපන් තොට වැඩි කල් නොගොස් වෙන දේ..... බලු වැඩ කරලා දෙවියන්ට පූජා වට්ටි නෙමෙයි, තොපේ සේසතම ගිහින් දුන්නත් වැඩක් නැහැ, නිසි කලට තොපි සේරටම දඬුවම් හම්බ වේවි.
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    හොරුන්ගෙත් හොරු කම්බහොරු කිව්වලු. මහා එක නිදන් හොරා, ගෝටා සුදු වැන් හොරා, මු මැණික් හොරා. මුළු මැති_ඇමති මණ්ඩලයම අලි බබා සහ හොරු 40 බය්ස්කොප් එක වගේ.