පියාණෝ:1990ජුනි

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    පියාණෝ...



    ඒ 1990 ජුනි මස 11 වැනිදාය.
    සදාදරණීය පියාණෝ ලංකාව පාලනය කල සමයයි.දකුණේ තරුණ ජීවිත හැට දහසක් ටයර් සෑ උඩ සතපවා මාස කිහිපයක් නික්මුනා පමණි.
    එල් ටී ටී ඊ ත්‍රස්තවාදීහු නැගෙනහිර පලාතේ ආරක්ශක මර්මස්ථාන සීග්‍රයෙන් වටලමින් තිබිණි.
    ඒ රණසිංහ ප්‍රේමදාස ,වේලුපිල්ලේ ප්‍රභාකරන් ප්‍රේමයේ ප්‍රතිපලයක් ලෙස තමන්ට ලැබුණු නවීන අවි වලද පිහිටෙනි.
    සටන් නොකර යටත්වන ලෙස සියලුම පොලිස් නිලධාරීන්ට ජනාධිපති හරහා සෘජු නියෝග ලැබිණි.
    මේ මඩකලපු දිස්ත්‍රික්කය තුල සිදුවූ ඒ ඛේදවාචකයේ කතාවයි.

    හරියටම උදේ 8.05 ට කොටි ත්‍රස්තවාදීහු මඩකළපුව පොලිස් ස්ථානය සන්නද්ධ කොටි 200 ක් පමණ වැටලූහ. ඊට කලින්ම පණ බේරා ගැනීම සඳහා සිංහල පොලිස් නිලධාරීන් රැසක් තම අඹුදරුවන්ද රැගෙන ගුවන්තොටුපොළට ගොස් තිබිණ. ඉතිරිව සිටි වැඩබලන පොලිස් ස්ථානාධිපති හා නිලධාරීන් කොටින්ගේ අත්අඩංගුවට පත්විණ.

    මඩකළපු පොලිසිය භාරව තිබූ රුපියල් මිලියන 45 ක රන් අබරණද ටී 56 ගිනි අවි 109 ක්ද ටී 84 ගිනි අවි 77 ක්ද සාමාන්‍ය මැෂින් තුවක්කු 29 ක්ද උණ්ඩ දැමූ ගිනි අවි 28 ක්ද එස්.ඒ.ආර්. අවි 78 ක්ද කොටින් අතට පත්විණ.

    නැගෙනහිර පළාතේ සියලුම පොලිස් ස්ථානවල නිලධාරීන් ඉවත්ව නොගියහොත් මෙවැනි දරුණු ඉරණමකට එදා මුහුණදීමට සිදුවන බව කොටි සංවිධානය රජයට දැනුම් දුන්නේය.

    මෙම තත්ත්වය මත පොලිස් නිලධාරීන්ට අවි බාරදී යටත්වන ලෙස එවකට පොලිස්පතිව සිටි අර්නස්ට් පෙරේරා නියෝග කළේය. එම අණ ඇතැම් උසස් පොලිස් නිලධාරීන් පිළිගත් නමුත් එවකට කල්මුණේ පොලිසිය භාරව සිටි සහකාර පොලිස් අධිකාරි අයිවන් බොතේජු එකහෙළාම එම තීරණයට විරුද්ධ විය.

    පොලිසිය යටත් වුණොත් අනිවාර්යයෙන්ම උන් අපිව සමූලඝාතනය කරාවි. නැගෙනහිර පොලිස් ස්ථාන බේරගන්නට නම් ගුවන් යානා හා කාලතුවක්කු අපට ලබාදෙන්න. ඔහු කොළඹ ආරක්ෂක මූලස්ථානයට දැන්වීය. එයට පිළිතුර නිහඬතාවයි.

    මෙම යුගයේ ජනපතිවරයා වූයේ ආර්. ප්‍රේමදාසය. විදේශ ඇමතිවරයා වූයේ ඒ. සී. එස්. හමීඞ්ය. ඔහු එල්ටීටීඊ සංවිධානයේ න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම් ගෙන් ඒ ගැන විමසීය.

    “අයියෝ බයවෙන්න එපා. ඒගොල්ලො පොලිස් නිලධාරීන් සතියක් විතර තියාගෙන නිදහස් කරාවි.” මේ දිනවල කොටි සංවිධානය සමග ශ්‍රී ලංකා රජය සාම සාකච්ඡා අරඹා තිබිණ. එම සාකච්ඡා සඳහා ඇන්ටන් බාලසිංහම් හෙවත් ස්ටැනිස්ලාවූස් කොටි හමුදා නායකයකු වූ යෝගරත්නම් යෝගි සමඟ සන්නිවේදන අංශයේ ජූඞ් ඇතුළු පිරිසක් කොළඹ ගලධාරී හෝටලයේ අංක 429 හා අංක 430 යන රහස් කාමරවල සැප විහරණ මැද ලැගුම්ගෙන සිටියහ.

    මෙම වාතාවරණය මැද ඇන්ටන් බාලසිංහම්ගේ වදන් විශ්වාස කිරීමට මේ රටේ දේශපාලන හා ආරක්ෂක අධිකාරිවල බලවතුන්ට සිදුව තිබිණ. කොටින්ට යටත්වන ලෙස නියෝග කෙරුණේ ඒ නිසාය.

    තම ස්වාමීන්ගේ කීම අනුව යටත් වූ පොලිස් නිලධාරීන් 600 ක් පමණ කොටි ත්‍රස්තවාදීන්ගේ ඇනුම් බැණුම් පහරදීම් මැද දෑත් පිටිතල හයා බැඳ තිරුක්කෝවිල් මහ වනයට ගෙනයනු ලැබිණ. ඊළඟ මොහොතේ ඔවුන් පේළියට තබා මැෂින් තුවක්කු ප්‍රහාර එල්ලකර අමුඅමුවේ මරාදමනු ලැබිණ.

    කලින් දින රාත්‍රියේ කොටි හමුදාව කලවංචිකුඩි පොලිසිය වටලා ඇති බව එහි කොටුවී සිටි බම්බලපිටියේ රාජකාරි කළ පොලිස් පරික්ෂකවරයකු බියමුසු හඬින් මූලස්ථානයට දැනුම් දුන් අතර කෙසේ හෝ තමන් බේරාගන්නා ලෙස ආයාචනා කළේය. ඒ සමගම කොටි, පොලිස් පණිවුඩ හුවමාරු මධ්‍යස්ථානය විනාශ කිරීම නිසා සම්බන්ධීකරණය නැතිව ගියේය.

    නිහඬ අඳුරු මූසල රැය පහන්වනතුරු වෙඩිහඬ හා මරළතෝනි, තිරුක්කෝවිල් ප්‍රදේශය දෙදුරුම් කෑවේය. මෙම අපරාධයේ තොරතුරු සංගමන්කන්ද විශේෂ කාර්ය බළකායේ ජනෙත් විමල ඇතුළු කණ්ඩායමක් විසින් රූපස්කුලම් වන ගැබේ කළ ගවේෂණයකදී දැකබලා ගැනීමට මාධ්‍යයට හැකි විය. ඒ ඝාතනය සිදුවී සතියකට පසුවය.

    හරිහැටි ගැඹුරට නොසෑරූ සමූහ මිනී වළෙන් මළ සිරුරුවල අත්පා හිස් ඇටකටු හා මස් වැදලි මතුවී තිබූ අතර හැඳුනුම්පතක්ද හමුවිය. මෙම මළ සිරුරු පිළිබඳ විශේෂ පරීක්ෂණයක් සිදුවනු ඇතැයි සියල්ලෝම සිතූහ. එහෙත් සිරුරු ඥාතීන්ට භාරදීමට තරම් වත් කෘතඥ නොවූ බලධාරීහු අම්පාර ප්‍රදේශයේ සිට බැකෝ යන්ත්‍රයක් ගෙන්වා මිනී වළ ඩෝසර්කර මළවුන්ගේ සාක්ෂි වසා දමනු ලැබිණි.

    රූපස්කුලම වනයේ සමූහ මිනීවළ ගැන රහස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගත් බව සදාකාලික රහසක් වූයේ ඔවුන් තුළද මරණයට වූ බිය නිසාය. කිසිදු දේශපාලන වාදවිවාදයක් පාර්ලිමේන්තුව තුළද සිදු නොවුණේය. එය සාමයට බාධාවක් විය හැකි බැවිනි.

    සාමසාකච්ඡා මැද කොටි සන්නිවේදක ජූඞ් ඇතුළු කොටි කණ්ඩායමට විශේෂ කාර්ය බළකායේ දැඩි රැකවරණය මැද කළුතර හමුදා කඳවුරටත් අනතුරුව රත්මලාන ගුවන්තොටුපොළින් පලාලි බලා යාමටත් පහසුකම් සැලසිණ.

    කොටි කණ්ඩායම ගෙදර ගියේ හිස් අතින් නොවේ. එදා රජය පිරිනැමූ මුදල් සහිත පෙට්ටි තොගය සමගය. අතරමගදී නැගෙනහිර පොලිස් භටයන් ඝාතනය පිළිබඳව අසා ඔවුහු ඉතා සතුටට පත්වූහ.

    පලාලි ගුවන්තොටට ගොඩබෑ පෙට්ටි තොගය ගැන සැකසිතූ හමුදා භටයෙක් ඊට වෙඩි තැබූ අතර ඔවුන්ට මුදල් නෝට්ටු දැක ගැනීමට ලැබුණු බව මාධ්‍යවල පළවිය. කොටින්ට සන්තෝසම් දුන් පුවත ඉන් ඔබ්බට නොගියේය.

    2012 දී යටපත්ව තිබූ තිරුක්කෝවිල් පොලිස් ඝාතන සිද්ධිය යළි ඉස්මතුවිය. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 18 දෙනෙක් පෙබරවාරි 08 වැනිදා පොලිස්පති නලින් ඉලංගකෝන් වෙත ලිපියක් යවමින් කියා සිටියේ සමූල ඝාතනය ගැන විමර්ශනයක් කරන ලෙසය.

    අඩුම තරමින් “මියගිය පොලිස් කණ්ඩායම සිහිපත් කර රූපස්කුලම වනය තුළ ස්මාරකයක් හදන්න.” මෙම ඉල්ලීමද සුළඟට අසුවූ පුළුන් රොදක් සේ පාවී ගියේය. හිටපු පොලිස්පති ඇන්ටන් ජෙයනාදන් සහ හිටපු නියෝජ්‍ය පොලිස් අධිකාරි ටාසිස් සෙනවිරත්නද මැදිහත්ව එම නිලධාරීන් වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමට ගත් පියවර සියල්ල අසාර්ථක විය. ඊට පත්කළ මැක්ස්වෙල් පරණගම කොමිසමද නිහඬ විය.

    1990 ජුනි 19 වැනිදා ලන්ඩන් ටයිම්ස් පත්‍රයේ බ්‍රෝඞ් ඩ්‍රෝජන් නම් මාධ්‍යවේදියාට දිවිගලවාගත් පොලිස් නිලධාරීන් පිරිසක් හමුවී ඇත. උපපොලිස් පරීක්ෂක පියරත්න රණවීර හා ලතිෆ් පැවසුවේ අපූරු කතාවකි.

    කොටි ත්‍රස්තවාදීන් පොලිස් භටයන්ට වෙඩි තබපු කොටි කෙල්ලන් බලා හිටියේ සිනාසෙමින් අත්පුඩි ගහමින්. අපේ පණ බේරුණේ උන් පෙරළාගෙන දුවලයි. අපි 11 දෙනෙක් රාහුලගලට පැන ගිහින් බේරුණා.

    මෙම සිද්ධිය වනවිට අම්පාර සහකාර පොලිස් අධිකාරිවරයා වූයේ එම්. නූර්දීන්ය. ඔහු ගුවන් හමුදා සහාය හා කාලතුවක්කු ලබාගැනීමට උත්සාහ දරද්දී මඩකළපුවට පැමිණි පොලිස්පති අර්නස්ට් පෙරේරා වෙඩි තැබීම නතර කිරීමට පොලිසියට නියෝග දී අවසන්ය.

    පොලිස් නිලධාරීන් 600ක් අමු අමුවේ ඝාතනයට මුල්වූ අමණ තීරණ ගත් සදාදරණීය නායකයානෝ අවසානයේ තමන්ම සුරතලයට ඇතිකල බාබු නම් කොටියා අතින් මහ මගදී ඝාතනය කෙරිනි.

    ඒ සදාදරණීය පියානන්ගේ ප්‍රතිපත්ති කරලියට ගෙන එන බවට නැවතත් කණින් කොනිණ් ඇසෙමින් තිබේ.
    මව්වරුණි.
    ඔබේ දරුවා බිලිදීමට සූදානමින් සිටින්න.
    ගණනින් ගත් කල එය මිනිස් බිලි 60600ක් විය හැකිය

    98589216e400c818dae46792abc07301f2e707502f2a97bfce487ab3be34eb8497c6c16b.jpg


    උපුටාගැනීමක්






    reputation_neg.gif
    පියාණෝ:1990ජුනි 10-15-2019 08:48 AM Lowano
    රෙප් කැපිම වැදගත් නැත, මට ඔනි තරම් රෙප් ඇත. ඔබ රෙප් කපා ඇත්තේ මිනිස් ජිවිත බිල්ලය අනුමත කරන නිසාය. ඔබ තිරිසනෙකි.
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ප්‍රේමයා නම් කිමැයි කියා හැදුනා ගත් කිසිවෙකුත් නැති...



     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,823
    3,853
    113
    Delaware
    ප්‍රේමදාස මැරුණු වෙලාවේ මිනිස්සු රතිඤ්ඤා පත්තු කරා
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,823
    3,853
    113
    Delaware

    ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු රණවිරුවන් රට වෙනුවෙන් දිවි පුදා විසිහත් වසරක් සපිරෙයි

    දශක තුනකට අධික කාලයක් පැවැති මිලේච්ච ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීම පිණිස ජීවිත පුජාවෙන් සටන් කළ දහස් සංඛ්‍යාත රණවිරුවන් අතර, මෙරටට යුද ඉතිහාසයේ නොමැකෙන නාමයක් තබා මීට වසර විසිහතකට පෙර දැයෙන් සමුගත් අභීත සෙන්පති ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව විරුවාණන් ඇතුළු රණවිරුවන් දස දෙනකු යාපනයේ අරාලි තුඩුවේ දී රුදුරු කොටි බෝම්බයකට බිලි වුයේ අද වැනි දිනකය.

    1992 වසරේ අගෝස්තු 8වැනි දින පෙරවරු දහයට පමණ සෙන්පති ඩෙන්සිල් කොබ්බැකඩුව ඇතුළු පිරිස යාපනයේ සිට කයිට්ස් සිට අරාලි තුඩුව හරහා යම් යුදමය රාජකාරියක් සඳහා ප්‍රදේශ සංචාරයක යෙදී ආපසු එන අතර තුර කොටි ත්‍රස්තවාදීන් අරාලි තුඩුවේ අටවා තිබූ විශාල බිම් බෝම්බයකට හසුවීමෙන් මෙම පිරිස ගමන් ගත් ජීප් රථය විනාශයට පත්වී ජෙනරාල් කොබ්බැකඩුව විරුවාණන් ඇතුළු දස දෙනා ජිවිතක්ෂයට පත්වුහ.

    බ්‍රිගේඩියර් විජය විමලරත්න , රියර් අද්මිරාල් මොහාන් ජයමහ , කර්නල් එච් ආර් ස්ටිවන් , කර්නල් ජී එච් ආරියරත්න, ලුතිනන් කර්නල් එච් එන් පලිපාන , ලුතිනන් කමාන්ඩර් අසංග ලංකා තිලක ලුතිනන් කර්නල් නලින්ද අල්විස්, ලුතිනන් කමාන්ඩ්ර් සි බි විජේපුර , සහ සෙබළ ඩබ් ජේ වික්‍රමරත්න යන අය මෙම පිපිරිමේ දී ජිවිතක්ෂයට පත්වූ අතර එම ජීප් රථයේ ගමන් ගත් කෝප්‍රල් උපාලිගේ පමණක් ජිවිතය බේරුන ද ඔහුගේ දෙපා අහිමි වී ආබාධිත තත්ත්වයට පත්විය.

    1992 වසරේ දී මේ ර‍ට පැවැතියේ දරුණුම යුදමය තත්ත්වයකි. එවකට උතූරු නැඟෙනහිර කොටි ත්‍රස්තවාදින් අත් පත් කර ගෙන සිටි හා අත්පත්කර ගැනීමට උත්සාහ කරමින් සිටි ප්‍රදේශවලින් එක් බිම් අගලක් හෝ කොටින්ට අත්පත්කර ගැනීමට නොදි දස දහස් සංඛ්‍යාත රණවිරුන් ජිවිත පරිත්‍යාගයෙන් මෙහෙයුම්වල යෙදි සිටියහ. මෙම මෙහෙයුම්වලට නායකත්වය දි වැඩි වශයෙන් රට බේරා ගැනීමේ මෙහෙයුම්වල යෙදි සිටියේ අභිත සෙන්පති ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව සෙන්පතියාණන් ඇතුළු හමුදා නායකයන් පිරිසකි. නැඟෙනහිර පළාතේ ප්‍රදේශ ගණනාවක ආරක්ෂාව තහවුරු කර එම ප්‍රදේශ අත්පත්කර ගැනීමෙන් පසු උතුරු ප්‍රදේශය බේරා ගැනීම පිණිස දැවැන්ත මෙහෙයුමක් දියත් කිරීම සම්බන්ධයෙන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව විරුවාණන් ඇතුළු පිරිසත් රජය දැනුවත් කරමින් අවසන් මෙහෙයුමකට සුදානමින් සිටියහ.

    එවකට රාජ්‍ය නායකයා වූ ජනාධිපති රණසිංහ ප්‍රේම දාස මහතා සමඟ ආරක්ෂක ප්‍රධානින් සාකච්ඡා කර සාමයෙන් සාකච්ඡාවෙන් රට බේරා ගැනීමට නොහැකි බවට ස්ථිරවම දැනගත් පසු ජනාධිපතිවරයාගේ අනුමැතිය මත අවසන් යුද්ධයක් දියත් කිරීමට සැලසුම් සකස් කෙරිණි . එම සැලසුම් දියත් කිරිම පිණිස ජෙනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව සෙන්පතියාණන් ඇතුළු හමුදා ප්‍රධානීන් විටින් විට ඒ සඳහා සාකච්ඡා පවත්වා එම අවසන් යුද්ධයට අවශ්‍ය කරන කටයුතු සඳහා යම් ප්‍රදේශයක් නිරීක්ෂණය කිරීම පිණිස මෙම විරුවන් පිරිස කලින් දින කයිට්ස් දුපතේ පිහිටි කඳවුරක සාකච්ඡාවක් පවත් වා පසුදින අදාළ ප්‍රදේශය නිරීක්ෂණය කිරීම පිණිස යම් ප්‍රදේශයකට යනු ලැබුණි. මේ පිරිස ජිප් රථ දෙකකින් එම සංචාරය කරා ගොස් පසුව සියලු දෙනාම අතරමඟ කැලැ බද

    ප්‍රදේශයක දී යම් ආරක්ෂක හේතු මත එක් ජීප් රථයකට නැඟ එම ප්‍රදේශය නිරීක්ෂණය කර ආපසු එම ගමන ගිය මාර්ගයෙන්නොව අරාල් තුඩුව හරහා වෙනත් මාර්ගයකින් එන ගමනේ දී මෙම රුදුරු බිමි බෝම්බයට ගොදුරු වී රටක් ජාතියක් බේරා ගැනීමට එදා කැප වූ අභිත රණවිරුවෝ ජීවිතක්ෂ්‍යට පත්වූහ.

    ජෙනරාල් කොබ්බැකඩුව විරුවාණන් ඇතුළු සමස්ත හමුදාවන් එවකට ත්‍රස්තවාදය සම්පුර්ණයෙන් විනාශ කර රටට නිදහස ලබා ගන්නා බවට ස්ථිරවම දැනගෙන දැඩි බලාපොරොත්තු තබා ගෙන සිටි මේ රටේ ජනතාව මෙම විරුවන්ගේ වියෝවෙන් දැඩි කම්පාවට පත්වුහ.

    මේ රටේ දහස් සංඛ්‍යාත රණවිරුවන් දශක තුනකට වැඩි යුද ඉතිහාසයක් තුළ රට වෙනුවෙන් ජිවිත පුජා කර ඇත. විවිධ වු ඛේදවාචකවලට ලක්වී ඇත. සිත කම්පාකරවන ආකාරයේ බොහෝ සිදුවිම්වලට ලක්වූ ලක්ෂ සංඛ්‍යාත රණවිරුවෝ වෙති.

    උතුරු නැඟෙනහිර මහ පොළව ඔවුන්ගේ රුධිරයෙන් තෙත් වූ අවස්ථා අප්‍රමාණය. ඒ රණවිරුවන් අපට කිසිදා අමතක නොවේ . එහෙත් සෙන්පති ඩෙන්සිල් කොබ්බැකඩුව විරුවාණන් ඇතුළු පිරිස මේ ආකාරයෙන් සිහිපත් කරන්නේ එදා අවසන් සටනකට සුදානම්ව මේ රටේ අවසන් මෙහෙයුමක් දියත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු සුදානම් කර තිබිය දී ඔවුන් ට සිදු වූ එම අවාසනාවන්ත ඛේදවාචකය නිසා සහ එම ඛේදවාචකය එදින එසේ සිදු නොවුනා නම් මේ රටින් ත්‍රස්තවාදය සම්පුර්ණයෙන් අවසන් කෙරෙන්නේ මීට වසර දහයකට පෙර නොව මීට වසර විසි පහකට පමණ පෙරය.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,339
    8,469
    113
    රූකඩ රාජ්ජේ
    ප්‍රේමදාස මැරුණු වෙලාවේ මිනිස්සු රතිඤ්ඤා පත්තු කරා


    රතින්ඥා දැම්මා විතරක් නෙවි කිරිබත් හිටන් කැවා...එච්චරට එපා උන එකාගේ අවතාරේ ආයි චන්දෙ ඉල්ලනවා... ප්‍රේමදාස උට්ටානය . ...

     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    තම ස්වාමීන්ගේ කීම අනුව යටත් වූ පොලිස් නිලධාරීන් 600 ක් පමණ කොටි ත්‍රස්තවාදීන්ගේ ඇනුම් බැණුම් පහරදීම් මැද දෑත් පිටිතල හයා බැඳ තිරුක්කෝවිල් මහ වනයට ගෙනයනු ලැබිණ. ඊළඟ මොහොතේ ඔවුන් පේළියට තබා මැෂින් තුවක්කු ප්‍රහාර එල්ලකර අමුඅමුවේ මරාදමනු ලැබිණ.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    රතින්ඥා දැම්මා විතරක් නෙවි කිරිබත් හිටන් කැවා...එච්චරට එපා උන එකාගේ අවතාරේ ආයි චන්දෙ ඉල්ලනවා... ප්‍රේමදාස උට්ටානය . ...

    ඒ සාපෙ රටේ ජනාධිපති වුනොත් තවත් දෙතුන්දාහක් මැරෙයි:eek:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    reputation_neg.gif
    පියාණෝ:1990ජුනි 10-15-2019 08:48 AM Lowano
    රෙප් කැපිම වැදගත් නැත, මට ඔනි තරම් රෙප් ඇත. ඔබ රෙප් කපා ඇත්තේ මිනිස් ජිවිත බිල්ලය අනුමත කරන නිසාය. ඔබ තිරිසනෙකි.
     
    • Like
    Reactions: nicjosh83

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,213
    9,110
    113
    ඒකනේ ඒ විදියටම පාරෙ මැරෙන්නත් උනේ..:angry::angry:
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,357
    6,456
    113
    අප්පෝ මේවා අවුස්සලා ගන්න ඕනේ බන්. මේවා 1990 වගේ ඉපදුන ගොඩක් උන් දන්නේ නෑ
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,816
    113
    ගෙදර/බෝඩිමේ
    bump
    u depu weapons bomba walin uuma maha pare ballek wage marila giya
    lensuwa wanapu eka mathakai da?

    issara podi kale oka tv eke yanawa mathakai, e dawas wala patta bayai uge oya lensuwa wanana scene eka tv eke yaddi.. lol