අධිකරන අමත්‍යන්ශයේ ප්‍රමාදයක් නිසා මරන පරික්ශක වරුන්ට ගුටි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    ආපදාවට ලක්ව මියගිය පුද්ගලයන්ගේ සිරුරු භාරදීමට යෑමේදී හදිසි මරණ පරීක්ෂකවරුන් මහජනතාවගෙන් පහරකෑමට ලක්වන තත්ත්වයට පත්ව ඇතැයි හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති අනුර හේරත් මහතා පැවසීය.


    පස්කඳු කඩා වැටීම හෝ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සිරුරු ඔවුන්ගේ ඥාතීන්ට මරණ පරීක්ෂණයකින් තොරව ලබාදිය හැකි චක්‍රලේඛයක් අධිකරණ අමාත්‍යාංශය විසින් නිකුත් නොකිරීම නිසා ඉහත තත්ත්වය ඇතිවී තිබෙන බවද හේරත් මහතා කීය.

    හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය බවට මළසිරුරු භාරදී යම් කාලයක් ගතවූ පසු එම මරණ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාවලියකට යොමුවීමට හදිසි මරණ පරීක්ෂකවරුන්ට සිදුවුවහොත් ඒ ගැන වගකීමක් ගැනීමට හෝ ඊට අදාළ චක්‍රලේඛයක් නොමැතිවීම බරපතළ තත්ත්වයක් බවද ඒ මහතා පැවසීය.

    හඟුරන්කෙත ප්‍රදේශයේ හදිසි මරණ පරීක්ෂකවරයකු කිලෝමීටර් 27ක් පයින් ගොස් පස් කන්දකට යටවී තිබූ මරණ 07ක් පශ්චාත් මරණ පරීක්ෂණයක් (සිරුර කපා) පැවැත්විය යුතු බවට ප්‍රකාශ කිරීම නිසා එම ස්ථානයේ සිටි පිරිස දැඩි සේ නොසන්සුන් වී ඔහුට පහරදීමට පවා උත්සාහ දරා ඇති බවත්, අධිකරණ ඇමැතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදීමෙන් පසු සාක්ෂි සටහන් කරගෙන සිදුවූ ආපදාව (කන්ද නායයෑම හෝ ගංවතුර) සටහන් කර මෘතදේහ භාරදෙන ලෙස දැනුම් දුන් බවත්, එය ද වාචිකව පමණක් සිදුවූ බවත් ඔහු කීය.

    මෘත ශරීරයක් භාරදීම සඳහා පොලිසියට පොලිස්පති සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් චක්‍රලේඛ නිකුත් කර ඇතත් එවැනි චක්‍රලේඛයක් හදිසි මරණ පරීක්ෂකවරුන්ට නැතැයි ද හේරත් මහතා පැවසීය.

    අවම වශයෙන් දින 10ක කාලයක් බල පැවැත්වෙන ලෙස හෝ කොන්දේසි සහිතව හදිසි මරණ පරීක්ෂකවරුන්ට බලපාන ආකාරයට චක්‍රලේඛයක් නිකුත් කරන්නේ නම් එය තම සාමාජිකයන්ගේ මතු ආරක්ෂාවට හේතු වන බවද හේරත් මහතා කීය.

    හදිසි මරණ පරීක්ෂකවරුන් 170ක හිඟයක් පවතින බවත් දැනට සිටින 495 දෙනාගෙන් වැඩ ආවරණය කරමින් හදිසි මරණ කටයුතු සිදුකරගෙන යන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    චමින්ද සිල්වා/නෝමන් පලිහවඩන
     
    • Like
    Reactions: Inigo Montoya

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    --

    ආපදාවට ලක්ව මියගිය පුද්ගලයන්ගේ සිරුරු භාරදීමට යෑමේදී හදිසි මරණ පරීක්ෂකවරුන් මහජනතාවගෙන් පහරකෑමට ලක්වන තත්ත්වයට පත්ව ඇතැයි හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති අනුර හේරත් මහතා පැවසීය.

    අනුර හේරත් මහතා නෙවි මහත්වරු වෙන්න ඕනි නේද?

    අනුර දිසානයක සහ විජිත හේරත් මහත්වරු :rolleyes:
     
    • Wow
    Reactions: hirashgeff

    Similar threads