අධික කොලෙස්ට්‍රෝල් තත්වය පාලනය කරන ආකාරය

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    අධික කොලෙස්ට්‍රෝල් තත්වය පාලනය කරන ආකාරය

    අධික කොලෙස්ට්‍රෝල් තත්වය පාලනය කරන ආකාරය

    activelife.jpg
    රුධිරයේ අධික කොලෙස්ටරෝල් මට්ටමක් තිබෙනවා යයි දැන ගත් විට බොහෝ දෙනෙක් ඉතා බියට පත් වෙනවා. එය ජීවිතයේ අවසානය නොවෙයි. නිසි ලෙස එම කොලෙස්ටරෝල් මට්ටම පාලනය කලොත් ඔබට හදවත් රෝග හෝ ආඝාතය ආදියට ගොදුරු නොවී වලක්වා ගන්න පුළුවන්. නමුත් එක අතකට එම බිය නිසා හොඳ දෙයක් වෙනවා. ඒ තමයි තමන්ගේ ආහාර සහ ජීවන රටාවන් සෞඛ්‍ය සම්පන්න කර ගැනීමට පෙළඹීම.
    ඉතින් ඒ වගේ කොලෙස්ටරෝල් මට්ටම අධික බව දැනගත් අයටත් මේ වන විට ඒ ගැන සැළකිල්ලක් නොදැක්වූ සහ කොලෙස්ටරෝල් මට්ටම සාමාන්‍ය ලෙස තිබෙන අයටත් සමව වැදගත් වන අධික කොලෙස්ට්‍රෝල් තත්වය වැළැක්වීමට උපදෙස් ටිකක් තමයි මේ…
    ආහාර

    ඇතැම් අආහාර වල අධික ලෙස මේදය ඇති අතර ඒවා හෘදයේ ධමනි තුල මේද තට්ටු ගොඩනැඟීමට බොහෝදුරට ඉඩ තිබේ. මෙයට හේතුව වන්නේ මේදය සහිත ආහාර වල කොලෙස්ට්‍රෝල් අඩංගු වීමයි.
    සංතෘප්ත සහ අසංතෘප්ත ලෙස හඳුන්වන මේද වර්ග දෙකක් ඇත. ආහාරයේ සංතෘප්ත මේදය අඩංගු වීම හේතුවෙන්, ඔබේ රුධීරයේ අහිතකර කොලේස්ට්‍රෝල් වැඩිවීමට ඉඩ ඇත. ඔබ මෙම ආහාර අනුභවය අවම කළ යුතුය.
    සංතෘප්ත මේදය අඩංගු ආහාර වන්නේ:

    • මස්
    • සොසේජ් සහ මේදය සහිත මස්
    • බටර්
    • ගිතෙල් (බොහෝවිට ඉන්දීය ඉවුම් පිහුම් වල යොදාගන්නා බටර් වැනි වර්ගයකි )
    • සත්ත්ව තෙල් ක්‍රීම් (සමහර අතුරු පස වල මෙය භාවිතා වේ)
    • චීස්
    • කේක් සහ බිස්කට්
    • පොල්තෙල් සහ පාම්තෙල් අඩංගු ආහාර
    කෙසේ වෙතත්, ඔබේ ආහාර වේලෙහි ඇති සියළුම මේදය කපාහැරීම සෞඛ්‍ය සම්පන්න නැත. සංතෘප්ත මේදය වෙනුවට අසංතෘප්ත මේදයට ප්‍රතිස්ථාපනය කිරීම වඩා වැදගත්වේ. එයට හේතුව වන්නේ, එම අසංතෘප්ත මේදය හේතුවෙන් හිතකර කොලෙස්ට්‍රෝල් මට්ටම වැඩිවී (ඉහල ඝනත්වයක් ඇති ලිපෝප්‍රෝටීන හෝ HDL ) ධමනි වල ඇති අවහිරතා ඇති වීමේ අවදානම අඩුවේ.
    අසංතෘප්ත මේදය අඩංගු ආහාර වන්නේ

    • තෙල් සහිත මාළු වන මැකරල්, සැමන් සහ ටූනා (මෙම මාළු වලට ශ්‍රී ලාංකීය ආදේශක මාළු අනුභව කල හැක)
    • අලිගැටපේර
    • ඇට සහ බීජ වර්ග
    • සූරියකාන්ත, rapeseed සහ ඔලිව් තෙල්
    ප්‍රධාන ආහාර වේල් වලදී කොලෙස්ටරෝල් පාලනය

    නිවුඩු සහිත සහල්,whole grain පාන් සහ පැස්ටා සහ වැඩි වශයෙන් පලතුරු සහ එළවළු ගැනීමෙන් ශරීරයේ කොලෙස්ට්‍රෝල් ප්‍රමාණය පාලනය කල හැක. පලතුරු සහ එළවළු වල විටමින්, ඛනිජ ලවණ සහ කෙඳි වර්ග පිරී තිබීම හේතුවෙන් ඔබේ සිරුර හොඳ තත්වයක තබාගැනීමට උදව් වේ. දිනපතා එළවළු සහ පලතුරු 80g කොටස් පහක් ආහාරයට ගැනීමට උත්සහ කරන්න.
    දුම්පානයෙන් වැළකෙමු!

    සිගරට් වල ඇති රසායනික ද්‍රව්‍යයක් වන acrolein වලින් අක්මාවේ තැනපත් වීමට යන HDL මේද තැන්පතු නතර කර, එය අධික කොලෙස්ට්‍රෝල් තත්වයක් ඇතිවීමට සහ ධමනි සිහින් වීමක් (රුධීර නාලිකා සිහින්වීමේ රෝගය ) ඇතිවීමට මූලික වේ.
    හෘදයාබාධ සහ අඝාතය යන ප්‍රධාන අවදානම් ඇතිවීමට දුම්පානය හේතුවක් වන බව පෙන්වා දෙයි.
    ඔබ දුම්පානය නැවැත්වීමට කැමැත්තක් දක්වන්නේ නම්, නමුත් ඔබට දුම්පානය නවත්වන සේවයක උදව් ලබාගැනීමට කැමැත්තක් හෝ හැකියාවක් නොමැති නම්, දුම්පානය නැවැත්වීමෙන් පසු ඇතිවන රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර ලබාගැනීමට ඔබේ වෛද්‍යවරයාට හැකියාවක් ඇත.
    ව්‍යායාම

    නිතිපතා ක්‍රියාකාරී වීම සහ ව්‍යායාම කිරීමෙන් ශරීරය තුල HDL මට්ටම වැඩිවී අක්මාවේ මේද තැන්පත් වීම සඳහා ශරීරය උත්තේජනය වීම හේතුවෙන් ඒවා බිඳ ගත හැක.
    ව්‍යායාම කිරීමෙන් ඔබට සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වාගෙන යාමට, සහ ඔබේ බර වැඩිවී ඇතිනම් බර අඩුකර ගැනීමට උපකාරී වේ. තරබාරු වීම හේතුවෙන් රුධීරයේ අහිතකර කොලෙස්ට්‍රෝල් (අඩු ඝනත්ව ලිපෝප්‍රෝටීන, ළ්ඪ්ළ්) මට්ටම වැඩිවේ.
    ඔබේ රුධීර වාහිනී සහ හෘදය හොඳ තත්වයේ පවත්වාගෙන යාමෙන් රුධීර පීඩනය පාලනය කිරීමට නිතිපතා ශාරීරික ව්‍යායාම වල යෙදීමේ තවත් ප්‍රතිලාභයකි.
    සෑම සතියකම විනාඩි 150ක මධ්‍යස්ථ ව්‍යායාමයක යෙදීමෙන් ඔබේ රුධීර කොලෙස්ට්‍රෝල් ප්‍රමානය පාලනය කල හැක. මේ සඳහා ඇවිදීම, පිහිනීම සහ බයිසිකල් පැදීම වැනි ක්‍රියාකාරකම් ඒවාට හොඳ උදාහරණ වේ.
    * සියළු ව්‍යායාම සහ ප්‍රතිකර්ම කිරීමට පෙර වෛද්‍ය උපදෙස් පතන්න.
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    හොන්ද පෝස්ට් එකක්....

    "මෙයට හේතුව වන්නේ මේදය සහිත ආහාර වල කොලෙස්ට්‍රෝල් අඩංගු වීමයි"

    මේක නන් ටිකක් වැරදියි. මේදය සහිත ආහාර වල චොලෙස්ටෙරොල් තියෙන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන් (පොල් තෙල් වල කොලෙස්ටරොල් නැහැ ). ඒවගේම මේදය අත්තෙම නැති වගේ ආහාර වල කොලෙස්ටරොල් තියෙන්නත් පුලුවන් (ඉස්සො ).

    අද පවතින මතය තමයි සිරුරේ LDL කොලෙස්ටෙරොල් වැඩි වෙන්නෙ අපි ආහාරයට ගන්න saturated fat හා trans fat නිසා කියල. කෑමෙන් කෙලින්ම ලැබෙන කොලෙස්ටෙරොල් වලින් එච්චර බලපෑමක් නැහ කියල තමයි අලුත්ම පිලිගැනීම. ඒ හින්ද ඉස්සො බිත්තර කහ මද, දැල්ලො වගේ කෑම එච්චර නරක නෑ කියන එක තමයි අලුත්ම මතය.
     
    AnuradhaRa

    Well-known member
  • හොන්ද පෝස්ට් එකක්....

    :yes::yes:
    කොලෙස්ටරෝල් කියන්නෙ මේදයටවත් තෙල් ජාතිවලටවත් නෙමේ..
    අනික තමා කොලෙස්ටරෝල් කියන දේ අපේ ඇඟ ඇතුලෙත් හැදෙනව පිටින් නොගත්තත්.. ඒ නිසා පිටින් ආහාර වලින් ලැබෙන කොලෙස්ටරෝල් ප්‍රමාණය සීමා කළාට වැඩක් නෑ
    කොලෙස්ටරෝල් ලෙඩ්ඩුන්ට දෙන බෙහෙත් වලින් ගොඩක් ඉෆෙක්ට් වෙන්නෙ Atorvastatin වගේ බෙහෙත්.. මොකද මේ බෙහෙත් ඇඟ ඇතුලෙන් වෙන කොලෙස්ටරෝල් නිෂ්පාදනය අඩු කරනව
    තව බෙහෙත් ජාතියක් තියෙනව Ezetimibe කියල. මේකෙන් කරන්නෙ අපි කන ආහාරවලින් එන මේදය සහ කොලෙස්ටරෝල් ඇඟට උරා ගන්න එක අඩු කරන එක
    එහෙම බලන කොට statin බෙහෙත් කාණ්ඩය තමා ගොඩක් වැදගත් වෙන්නෙ..
    (මගේ දැනුමෙ හැටියට. වැරදි ඇත්නම් පෙන්වා දෙන්ඩ :)
    )
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • අනික තමා LDL HDL කියන්නෙත් කොලෙස්ටරෝල් වලට නෙමේ..
    මේ දෙකේම කොලෙස්ටරෝල් තියෙනව.. මේව ඇවිල්ල කොලෙස්ටරෝල් ප්‍රවානය කරන මාධ්‍ය දෙකක් විතරයි. හරියටට හිමොග්ලොබින්, ඔක්සිජන් ඇඟ පුරා බෙදා හරිනව වගේ..
    LDL නරක වෙන්ඩ හේතුව ඇඟ පුරා කොලෙස්ටරෝල් බෙදා හරින නිසයි..
    HDL හොඳ වෙන්ඩ හේතුව ඇඟ පුරා තියෙන කොලෙස්ටරෝල් අහක් කරන නිසයි

    Low Density Lipoprotein = LDL
    High Density Lipoprotein = HDL
     
    අනික තමා LDL HDL කියන්නෙත් කොලෙස්ටරෝල් වලට නෙමේ..
    මේ දෙකේම කොලෙස්ටරෝල් තියෙනව.. මේව ඇවිල්ල කොලෙස්ටරෝල් ප්‍රවානය කරන මාධ්‍ය දෙකක් විතරයි. හරියටට හිමොග්ලොබින්, ඔක්සිජන් ඇඟ පුරා බෙදා හරිනව වගේ..
    LDL නරක වෙන්ඩ හේතුව ඇඟ පුරා කොලෙස්ටරෝල් බෙදා හරින නිසයි..
    HDL හොඳ වෙන්ඩ හේතුව ඇඟ පුරා තියෙන කොලෙස්ටරෝල් අහක් කරන නිසයි

    Low Density Lipoprotein = LDL
    High Density Lipoprotein = HDL

    :yes:

    Exactly! Many people think that fat and cholesterol are the same thing, and that LDL and HDL are types of cholesterol. :)