අධික පිපාසයට ඇත්දෙමට

අධික_පිපාසයට



අධිකව පිපාසය දැනෙනවද ??

ශ්‍රී ලංකාවේ සෑම පලාතකම පාහේ වැවෙන ශාකයක් වන ඇත්දෙමට ඖෂධයක් ලෙසිනි. මෙම ශාකය හැඳින්වීම සඳහා විවිධ නම් භාවිතා කර ඇති බව සදහන් වේ
මෙහි ඖෂධීය ගුණ බොහෝ ඇත. ගුණයෙන් ගුරු ද රසයෙන් තිත්ත කෂාය, මධුර, වීය¸යෙන් උෂ්ණ ද විපාකයෙන් කටුක ද වෙයි. මුත්‍රා කාරකයි. හන්දිපත් වේදනාව, රක්ත පිත්ය, රක්ත අතීසාරය නාඩි ගත රෝග යන රෝගාබාධයන් සුව කිරීම සඳහා යොදා ගනු ලැබේ.
කහට තිත්ත යන රසයෙන් යුතු වුවත් ඇත්දෙමට පැණිරස මුසු වූ රසයකින්ද යුතුයි. ආහාර ජීර්ණය කරයි. බඩගින්න ඇති කරයි. ඥාන ශක්තිය වඩාලයි. කරකැවිල්ල වේලුම , තුන්දොස් පිපාසය බඩේ අමාරු, අර්ශස් උණ, වාත අමාරු සෙම ඉදිමුම, පනු රෝග නැති කරයි. ඇත්දෙමට මල් ප්‍රනීතයි. සිසිල් ගුණයෙන් යුක්තයි. වාතය වඩවයි. අජීර්ණ නිසා රත් - පිත් දෝස නැති කරයි.
ඇත්දෙමට ගෙඩි කෘෂ වූ ශරීරය තර කරයි. ශරීර ශක්තිය ඇති කරයි. කෙස් වර්ධනය වේ. රසායන ගුණ ඇත. වාතය, පිත, පිපාසය ලේ අඩුකම, මුත්‍රා, දැවිල්ලට ගුණදායකයි. ආහාර ජීර්ණය කරයි. ශරීරය සිසිල් කරයි. කහට හා ඇඹුල් රස නිසා මල බද්ධයට ඖෂධයකි.
මුලේ පොතු අජීර්ණය හා උණ රෝග සඳහා ගන්නා අතර එහි ගෙඩි දාහය හා උණ නැසීමට උපකාරී වේ. එහි මල් රත් පිත් සඳහා යොදා ගන්නා බව සඳහන්වේ. අධික පිපාසය සංසිඳුවීම සඳහා ඇත්දෙමට ගෙඩි කලං 12 ගෙන කපා, කොටා වතුර පත හතරක් වත්කොට පතට සංසිදුවා සූකිරි කලං එක හමාරක් මිශ්‍ර කොට වරකට කසාය පත භාගයක් බීමෙන් අධික පිපාසය නැති වේ.
රත්පිතට ඉදුනු ඇත්දෙමට ගෙඩි අඹරා , මී පැණියෙන් ආලේප කරන්න. ඇත්දෙමට මුල් කලං 12 ක් කෂාය කර බීමෙන් ශරීර වැඩීමට සුදුසුයි. ඊටම ඇත්දෙමට ගෙඩි කෂාය පානය කිරීම ද සුදුසුය. ඇත්දෙමට මුල්, වැල්මී යන මේවා සමව ගෙන කෂාය කර බීම වාත රක්තයට යෝග්‍ය වේ.
අග්නිමාන්දයට ඇත්දෙමට කොළ ඉස්මට ඉඟුරු ස්වල්පයක් දමා බීම හොඳයි. ඇත්දෙමට මුල්, බෙලි මුල්, මිදි, තොටිල, කටුවැල් බටු එළ බටු, රත්කිහිරිය, යන මේවා සමව ගෙන කෂාය කර බීම ඇතිවන හන්දිපත් වේදනාවට සුදුසුයි.
මෙවැනි රෝගවලට ඇත්දෙමට බෙහෙතක් ලෙස ගනු ලබන අතර වණ කුෂ්ඨ ආදියෙහි ආලේපනය කරනු ලබන තෙල් සිඳීමට මෙහි ගෙඩි භාවිතා කෙරේ. සර්ප විෂය ඇත්දෙමට යුෂ ප්‍රත්‍යක්‍ෂයි. දේශීය වෛද්‍ය විද්‍යාවේ කැඩුම් බිඳුම් හා ගෙඩි වෙදකමට ඇත්දෙමට පොතු ගනු ලැබේ. පොත්ත අළු පැහැති කහ පාටය. පත්‍ර නටුව සෙ. මී. 12ක් පමණ දිගය. පත්‍ර තරමක් විශාලය.
මල් තැඹිලි කහ පාටින් යුක්තය. ගෙඩි පොකුරු වශයෙන් ඇත. මෙහි මල්, ගෙඩි, පොතු, මුල් ආදී කොටස් ඖෂධ පිණිස ගනී. ඇත්දෙමට ගසේ කලින් කලට කොළ හැලේ. රිකිලි හා ළපටි කොටස් සියුම් සුදු බූවකින් වැඩී ඇත.



ethdemata.jpg
 
Last edited:
  • Like
Reactions: Hasistranger

MOZ

Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    mewa apita hoyaganna bane ban. dan gamwalath na beheth baduwak hoyaaganna.
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඇත්දෙමට නම් මචෝ තාම එච්චර විරල නම් නෑ මම දන්නා විදිහට .!!
    සමහර පැතිවල එහෙනම් අඩු ඇති :yes:

    අහලා තිබුනාට මෙහෙත් නැ බං :no: :(

    බෙදා ගත්තට ස්තුතියි මචං..!​