අධිරුධිර_පීඩනය

signshop

Well-known member
  • May 30, 2011
    12,174
    8,879
    113
    Dubai
    අධිරුධිර_පීඩනය

    ඔබත් අධි රුධිර පීඩනයේ ගොදුරක් වන්නට පෙර…

    ‘‘අවුරුදු 25ට වැඩි ශ්‍රී ලාංකිකයන් අතරින් 42%කට අධි රුධිර පීඩනය….”
    ‘‘ශ්‍රී ලංකාවේ පිරිමි ජනගහනයෙන් 41.9%කට හා කාන්තා ජනගහනයෙන් 37%කට අධි රුධිර පීඩනය….”
    ‘‘අධි රුධිර පීඩනය ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන සෞඛ්‍ය තර්ජනයක්..!
    (සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවක් – 2013 අපේ‍්‍රල්)

    මොකක්ද මේ අධි රුධිර පීඩනය…..?

    මේ නමින් කිව්වට ගොඩක් දෙනෙක් නො දන්න මේ රෝගය බොහෝ දෙනා හඳුන්වන්නේ ‘ප්‍රෙෂර්’ කියලයි… හැබැයි මේ රෝගයේ නිවැරදි ම නම තමයි ‘හයි බ්ලඞ් ප්‍රෙෂර්’ (High Blood Pressure)….

    සිරුරට වුවමනා කරන ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ අරගෙන සිරුර පුරා සංසරණය වන්නේ රුධිරය. හුස්ම ගැනීමෙන් ලබාගන්නා ඔක්සිජන් පෙනහලූවල දී රුධිරයට එක් වී නිපැදවෙන ඔක්සිජනීකෘත රුධිරය සිරුර පුරාත්, සිරුර පුරා ගමන් කරලා ඔක්සිජන් ප‍්‍රමාණය අඩු වී ඇති රුධිරය එකතු කරගෙන යළි පෙනහල්ලටත් ගෙන යන කාර්යභාරය ඉටු කරන්නේ හෘදය වස්තුවෙනුයි…. ‘ලබ් – ඩබ්’ හඬින් ගැහෙන හදවත වරෙක හැකිලෙමින් සහ වරෙක දිගහැරෙමින් තමයි ‘සිරුරේ රුධිර පොම්පාගාරය’ විදිහට ක‍්‍රියාත්මක වෙන්නේ.

    මේ රුධිරය සිරුර පුරා ගමන් කරන්නේ රුධිර නාල ඔස්සේ. එලෙස ලේ ගමන් කරන්නට පීඩනයක් අවශ්‍යයි. හෘදය වස්තුවෙන් රුධිරය පොම්ප කරන විට සහ හෘදය වස්තුව විවේකීව තිබෙන විට මේ පීඩන අගයන් වෙනස් වෙනවා….

    එ් අවස්ථා දෙකේ මනින ලබන පීඩන අගයන් දෙක අනුපාතයක් ලෙස දක්වනවා. එය මනින්නේ රසදිය මිලිමීටර් කියන එ්කකයෙන්. සාමාන්‍ය රුධිර පීඩනය ලෙස හඳුන්වන මේ අනුපාතයට වැඩි අගයක් රුධිර පීඩනය පෙන්වන්නේ නම් එය අධි රුධිර පීඩන තත්ත්වයක්….

    සාමාන්‍ය රුධිර පීඩන අගය – 120/80 mmHg

    ලෝකයේ තත්ත්වය…….

    * ලෝක ජනගහනයෙන් බිලියනයකට ආසන්න පිරිසකට අධි රුධිර පීඩනය….!
    * එයින් 2/3ක් ම සංවර්ධනය වෙමින් පවතින රටවල්වල වැසියන්…..!
    * වර්ෂ 2025 වනවිට ලෝක ජනගහනය තුළ වැඩිහිටියන් බිලියන 1.56ක් අධි රුධිර පීඩනයෙන් පෙලෙනු ඇති….!
    * අධි රුධිර පීඩනයෙන් පෙලෙන්නවුන්ට දියවැඩියාව වැළඳීමේ වැඩි අවධානමක්….!
    * අධි රුධිර පීඩනය යනු අනතුරු හැඟවීමකින් තොරව එන ‘නිහඬ මරුවා’යි….!
    (ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා සහ ජගත් සමීක්ෂණ වාර්තා)

    http://www.world-heart-federation.org/press/fact-sheets/cardiovascular-disease-risk-factors/quick-facts-on-hypertension-high-blood-pressure/#sthash.F5gSKbjx.dpuf

    අධි රුධිර පීඩනයට බලපාන හේතු…..

    - මේදය හෝ දුම්වැටිවල අන්තර්ගත නිකොටීන් හෝ රුධිර නාලවල තැන්පත් වීම නිසා රුධිර නාල සිහින් වීම…
    - ජානමය හේතු නිසා රුධිර නාල සිහින් වීම
    - තෙල් සහිත ආහාරපාන අධිකව ගැනීම
    - නිතර මානසික පීඩාවන්ගෙන් පෙළීම
    - අවිවේකී බව
    - දියවැඩියා රෝගයෙන් පෙළීම
    - දීර්ඝ කාලීනව වකුගඩු රෝගවලින් පෙළීම

    රෝග ලක්ෂණ නැති රෝගයක්…..

    - අධි රුධිර පීඩනය පවතිනවා නම් ඔක්කාරය, දහදිය දැමීම, නින්ද ලැබීම අපහසු වීම වගේ රෝග ලක්ෂණ මතු වන බව සාමාන්‍ය පිළිගැනීම වුණත් එය සත්‍යයක් නො වන බවයි නවතම පර්යේෂණ පෙන්වා දෙන්නේ. බොහෝ දෙනෙකුට කිසිදු රෝග ලක්ෂණයක් මතුවන්නේ නැහැ….
    - මෙය දැනගන්නට ලැබෙන්නේ රුධිර පීඩනය මැන බැලීමෙන් ම යි….!
    - විශේෂ රෝග ලක්ෂණ කිසිවක් නැති වුණත් මරු කැඳවිය හැකි රෝගයක් වීම නිසයි මේ රෝගය ‘නිහඬ මරුවා’ නමින් හඳුන්වන්නේ…

    රෝගය නො සලකා හැරියොත්…….?

    සාමාන්‍ය අයෙකුට වඩා අධි රුධිර පීඩන රෝගියෙකුට
    - ආඝාතය (Stroke) වැළඳීමේ ප‍්‍රවණතාවය 7%කින් ඉහළයි….
    - හදවත් රෝග වැළඳීම 3%කින් ඉහළයි….
    - රුධිර කැටි ඇති වීමේ අවධානමත් ඉහළයි….
    එවිට,
    - වකුගඩු අක‍්‍රිය වීම
    - හෘදයාබාධ ඇති වීම
    - මොළයේ රුධිර නාල පුපුරා යාම
    - අංශභාගය
    ඇති වන්නට පුළුවන්…..

    රෝගයෙන් වළකින්න නම්…….

    අවම කරමු! – අධික මේදය සහ අධික ලූණු සහිත ආහාර පාන
    - ටින්වල ඇසිරූ ආහාර, කරවල, ලූණු මිශි‍්‍රත අල පෙති, සෝස් වර්ග, කල් පවතින ලෙස සකස් කළ ආහාරවල අධික ලූණු ප‍්‍රමාණයක් අන්තර්ගතයි.
    - මස්, බේකන්, හැම්, ලිංගුස්, මස්පෙති යෙදූ බර්ගර් ආදියේ මේදය අධිකයි.
    නවත්වමු! – මත්පැන් හා දුම්වැටි භාවිතය
    වෙනස් කරගමු! – ඔබේ ආහාර රටාව හා චර්යාවන්….
    * බොහෝ රෝග වගේ ම අධි රුධිර පීඩනයත් මුළුතැන්ගෙයින් පාලනය කරන්නට පුළුවන්….
    * නිවුඩු සහල්, කුරක්කන්, තල, මෙනේරි, මුං, පලතුරු, එළවළු, මත්ස්‍ය ආහාර අපේ ආහාර වේලට එක් කරගමු..!
    * අධි රුධිර පීඩනය මට්ටු කරන්නට ගොරකා සහ කරපිංචා කමු……….!!!
    (මේ දෙක ම මේදය පාලනය කරන අතරේ ම රුධිර පීඩනයත් පාලනය කරනවා….)
    * ආතතියෙන් සහ කනස්සල්ලෙන් තොරව දිවි ගෙවමු..!
    * භාවනාවන්ට හා ආගමික වතාවත්වලට යොමු වෙමු..!
    * සරල දිවි පැවැත්මක් ගත කරමු..!


    අධි රුධිර පීඩනය වළක්වන්නටත්, මැනවින් පාලනය කරන්නටත් හැකියාව ඇත්තේ ඔබටයි….
    එය සිහියේ තබාගෙන ඔබේ යුතුකම ඉටු කරන්න..!



    ගොඩක් වැදගත් දෙයක් නිසා ගෙඩිය පිටින් ඉස්සුවේ මෙතනින්..ඔක්කොම Credits මෙ Website එකට


    mahamegha_logo.png


    http://mahamegha.lk/:yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo::frown::frown::frown:
    නොදකින් ,,,මෙච්චර වටිනා ලිපියක් දාලත්
    කොමන්ට් කරලා තියෙන්නේ දෙන්නයි
    ගෑනියෙක් රෙද්දක් උස්සගෙන ඉන්න එකක් දැම්මා නම් බලන්න තිබුනා ප්‍රතිචාර.
    2014 නෙවෙයි 1914 දැම්මත් වටින ලිපිය වටිනවා
    බොහෝම ස්තුතියි යාළුවා...
    +19
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    :oo::frown::frown::frown:
    නොදකින් ,,,මෙච්චර වටිනා ලිපියක් දාලත්
    කොමන්ට් කරලා තියෙන්නේ දෙන්නයි
    ගෑනියෙක් රෙද්දක් උස්සගෙන ඉන්න එකක් දැම්මා නම් බලන්න තිබුනා ප්‍රතිචාර.
    2014 නෙවෙයි 1914 දැම්මත් වටින ලිපිය වටිනවා
    බොහෝම ස්තුතියි යාළුවා...
    +19

    :sorry: buwata mala panala :eek:
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    තවත් ප්‍රදාන හේතුවක් තමා ලුණු අදික අහර ගැනීම
    You must spread some Reputation around before giving it to signshop again.