අධිවේගයේ වේගයෙන් ගියොත් අද(14) සිට වැඩ වරදී

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    අධිවේගයේ වේගයෙන් ගියොත් අද(14) සිට වැඩ වරදී

    Highway-Vehicle-4.jpg
    අධිවේගයේ වේගයෙන් ගියොත් අද සිට වැඩ වරදී


    අධිවේගී මාර්ගවල වේග සීමා උල්ලංඝනය කරන වාහන පරීක්ෂා කිරීම සඳහා නව වේග මාපක පද්ධතය අද සිට ක්‍රියාත්මක බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
    එහි අධිවේගී මාර්ග හා නඩත්තු අංශයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේ, අධිවේගී මාර්ගවල සිදුවන අනතුරුවලින් 27%ක් අධික වේගය හේතුවෙන් සිදුවන බවට නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ය.
    අද සිට ක්‍රියාත්මක මෙම පද්ධතිය මගින් අධිවේගී මාර්ගවල ධාවනය වන සියලු වාහනවල වේග සීමා නිරීක්ෂණය කෙරේ.
    වේග සීමා උල්ලංඝනය කෙරෙන වාහනවල ඡායාරූප සෑම පිටවීමේ ස්ථානයක් කරා සම්ප්‍රේෂණය කරන අතර එම ස්ථානවල ස්ථාපිත ටැබ් යන්ත්‍ර‍ මගින් ඡායාරූප සහිත විස්තර පත්‍රිකාවක් රියැදුරන් වෙත ලබා දීමට නියමිත බව එස්. ඕපානායක මහතා පැවසුවේ ය.
    එම නිරීක්ෂණ පත්‍රිකාවේ වාහන අංකය, නිරීක්ෂණ දිනය, වේලාව සහ එම අවස්ථාවේ වේගය වැනි තොරතුරු ඇතුළත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය
     

    Ozzman

    Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    These speed traps are set up usually only near interchanges... If you are smart enough you can still go fast and not get caught..
     

    7007

    Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    These speed traps are set up usually only near interchanges... If you are smart enough you can still go fast and not get caught..

    But there’s an average speed based on in/out time.
    Atleast they should allow upto 140kmph or and keep strict lane rules. Always there’s an alto in right lane.
     

    Similar threads