අධිවේගී අන්තර්ජාලය ලංකාවට අහිමි වෙයි?

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
අධිවේගී අන්තර්ජාලය ලංකාවට අහිමි වෙයි?

ලංකාවේ අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා වල අනාගතය පිලිබඳ ගැටළුකාරී තත්වයක් පැනනැගී ඇති බව වාර්තා වේ. මෙයට ප්‍රධානම හේතුව වන්නේ අඩු වියදමක් යටතේ වේගවත් හා ගුණාත්මක බවකින් යුත් අන්තර්ජාල සම්බන්ධතා පවත්වාගැනීම සඳහා විදුලි සංදේශන නියාමන කොමිසම විසින් පිහිටවූ NBI (National Broadband Initiative) නම් ඒකකය අත්හිටුවීමට විදුලි සංදේශන නියාමන කොමිසමේ නව අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට පත්ව ඇති සුනිල් එස්. සිරිසේන මහතා විසින් තීරණය කිරීමය.

NBI ඒකකය පිහිටවනු ලැබුවේ 2010 දී එවක ජනාධිපති ලේකම් මෙන්ම විදුලි සංදේශන නියාමන කොමිසමේ සභාපති වූ ලලිත් වීරතුංග මහතා විසිනි. 2010 න් පසු වේගවත් අන්තර්ජාල සබඳතා සාධාරණ මිලකට ලබාදීම සඳහා එම ඒකකය විසින් විශාල වැඩකොටසක් සිදුකරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස 2012 වසරේදී ලෝකයේම අඩු වියදමක් සහිත අනත්රජාල සබඳතා ලබාදෙන රට ලෙස ජාත්‍යන්තර විදුලි සංදේශන එකමුතුව විසින් ශ්‍රී ලංකාව නම්කොට තිබේ.

මෙයට අමතරව අමෙරිකාවේ Akamai Technologies විසින් පැවැත්වූ සමීක්ෂණයකින් 2014 දී අධිවේගී අන්තර්ජාල ලබාදෙන (4 mbps වලට වඩා ඉහල වේගයක් සහිතව) හොඳම රටවල් 50 ට ශ්‍රී ලංකාව ඇතුලත්ව තිබුනේ 47 වන ස්ථානය හිමිකරගනිමිනි. එම ලැයිස්තුවේ 50 වන ස්ථානය ඔස්ට්‍රේලියාවට හිමිවී තිබූ අතර මැලේසියාව 72 වන ස්ථානයත්, චීනය 87 වන ස්ථානයත් ඉන්දියාව 99 වන ස්ථානයත් හිමිකරගෙන තිබුණි.

NBI ඒකකය විසින් ලබාගත් මෙම ජයග්‍රහණ පිටුපස සිටියේ එහි ප්‍රධානියාව සිටි සනත් සිරිවර්ධන මහතායි. බිලියන ගණන් වැයවෙන ව්‍යාපෘති විශේෂඥ දැනුම මගින් රටට ඉතිරි කර දීමට ඔහු සමත්ව තිබුණි.

නමුත් දෙසැම්බර් 31 වනදා සිට එම ධූරයෙන් ඔහුව ඉවත් කිරීමට විදුලි සංදේශන නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් සුනිල් එස්. සිරිසේන මහතා කටයුතුකොට තිබේ. ඔහුව එම තනතුරෙන් ඉවත්කොට විදුලි සංදේශන නියාමන ආයතනයේ වෙනත් පිරිස් යොදවා අධිවේගී අන්තර්ජාලය පිළිබඳව වෙනත් කමිටුවක් පිහිටුවීමට සූදානමක් පවතින බවද වාර්තා වේ.
 
N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    හරි සංතෝසයි..
    ලංකාවෙ අනාගතේ ගැන තවත් සංතෝසයි..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    රට ලෝකෙට අහිමි කිරීමේ තවත් එක පරිච්ඡේදයක් :angry::frown:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    :yes::yes::yes:
    mans thami high speed deela limited kare. itin ain karana eka hodai ne. :P

    දැන් එතකොට මේකෙන් අල්ලපු වත්තයි, පය ගහපු වත්තයි දෙකම නැතිවෙනවද? :angry::frown:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    දැන් එතකොට මේකෙන් අල්ලපු වත්තයි, පය ගහපු වත්තයි දෙකම නැතිවෙනවද? :angry::frown:

    ඒක හරියටම කියන්න බෑ බන්, නමුත් වෙනසක් වෙයි මොකද මේ පැකේජස් ක්‍රමය නිසා ස්ල්ටී එකට වැඩි වාසියක් නෑ. කසටර්මස්ලා වැඩියේ සැටිස් ෆයි නෑ දැන් තියෙන පැකේජස් ගැන, ස්ල්ටී එකේ අමතර ඩේටා වැඩියේ විකිනේන්නේ නෑ ඊට වඩා හොද සේවා අනෙක් උන් දෙන නිසා. ඒක නිසා ස්ල්ටී එකෙන් වෙනසක් කරයි පැකේජස් වල.

    මම හිතන්නේ ස්පීඩ් එක අඩු කරලා, ඩේටා ටිකක් වැඩි කරයි. හෝම් පැකේජස් වලට ස්පීඩ් එකෙන් ඒ තරම් වැඩක් නෑ. උපරිම 6mbps තිබ්බත් ඇති. බිස්නස් වලට තමයි ස්පීඩ් එක ගොඩක්ම ඕනේ. මේ නිසා පැකේජස් වල වෙනසක් කරයි, බිස්නස් වලට ටිකක් වැඩි ස්පීඩ් එකක් දෙයි, වැඩි ඩේටා ප්‍රමාණයක් දෙයි, හෝම් පැකේජස් වල ස්පීඩ් එක අඩු කරයි, ඩේටා ටිකක් වැඩි කරයි, තව සමහර විට හෝම් එකෙත් ස්පිඩ් එක ඕන අයට වැඩි ස්පීඩ් එකක් සහිත පැකේජ් එකක් එයි නමුත් ඒකේ ගාන ටිකක් වැඩි වෙයි, අමතර ඩෙටා වල ගාණ අඩු කරයි.
     
    සිරාවට දැන් මුන්ගෙ package නම්ගොඩක් තියනවා. ඒත් ඔක්කොගෙම data limit speed 6 mbps කරල data වැඩි කලොත් අවුලක් නැහැ. ඒත් මුන් මෙච්චර නම් දාල package හැදුවෙ 1 gb එකේ මිල වැඩිකරන්න ඒක නිසා මුන් data වැඩි කරයිද? :frown:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    ay ban dan bra eka ko ban ?

    මේ උත්# ආණ්ඩු සතියෙන් සතිය එක එක දේවල් දාල මිනිස්සුන්ට කෙලිනවා.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කාලකන්නි පෙන්දන්ට හා උගේ පවුල් රෙජිමයට රට ගිය කල..... හිටං
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අනිත් අය ගැන නොදනිමි..දැන් SLT Family package use කරන්නේ.කලින් unlimited 512kbps ඉදලා මාරු උනේ :P

    සිරාවටම කියන්නේ ස්පීඩ් එක තියෙන එක ගොඩක් හොදයි,වෙනදා දවස් 03 යන films බාන්න දැන් යන්නේ උපරිම පැය එකමාරයි :love:(16mbps =>Torrent එනවා . 1 MB 1.8 MB අතරේ )

    ඒ නිසා වෙනදා වගේ machine එක දාලා නිදා ගන්නේ නැහැ..බලන්න ඕන උනාම download දාලා ගත්තා,අනික වෙනදට download එකක් යද්දී වැඩක් කරලා හමාරයි..දැන් එහෙම නැහැ :D

    TV series බලන කෙනෙක් නිසා පට්ටයි,උදේ 07ට නැගිට්ටා විනාඩි 5-10 කින් ගත්තා උදේට කද්දී බැලුවා :D හැමදාම උණ උණුවේ බලන්නේ දැන්

    මාසේ අන්තිම දවස් ටිකේ shape එකේ ඇද ගන්නවා,බැරිම උනොත් auto image load අයින් කර ගන්නවා :dull:

    තාම එක දවසක් extra gb අරන් නැහැ,ගන්න බලාපොරොත්තුවකුත් නැහැ..සිරාවටම මේ connection එක මරු..පට්ට විදියට වෙලා ඉතුරු වෙනවා...

    පොඩි අවුලකට තියෙන්නේ දඩාර සයිට් එකකට ගිය ගමන් ලොඩ් වෙන නිසා ඩේටා කැපෙනවා වැඩි.. :baffled:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,008
    21,211
    113
    බ්‍රා එක අරූ ගෑනිට අන්දලා ඇති..

    මේ උත්# ආණ්ඩු සතියෙන් සතිය එක එක දේවල් දාල මිනිස්සුන්ට කෙලිනවා.

    kathira gahapu ewun mko wune dan ?
    issrahata okkoma musical shows cultural ministry eka haralu danna onelu ban :rofl::rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    TxDA62N.png

    මේ මාසේ usage එක..හෙට උදේ නැගිටලා 4.9GB දානවා..රැ වෙද්දී ඉතුරු වෙලා තිබ්බොත් 11.45ට ඉතුරු ටික ඉවර කරනවා :dull::yes::P
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    අනිත් අය ගැන නොදනිමි..දැන් SLT Family package use කරන්නේ.කලින් unlimited 512kbps ඉදලා මාරු උනේ :P

    සිරාවටම කියන්නේ ස්පීඩ් එක තියෙන එක ගොඩක් හොදයි,වෙනදා දවස් 03 යන films බාන්න දැන් යන්නේ උපරිම පැය එකමාරයි :love:(16mbps =>Torrent එනවා . 1 MB 1.8 MB අතරේ )

    ඒ නිසා වෙනදා වගේ machine එක දාලා නිදා ගන්නේ නැහැ..බලන්න ඕන උනාම download දාලා ගත්තා,අනික වෙනදට download එකක් යද්දී වැඩක් කරලා හමාරයි..දැන් එහෙම නැහැ :D

    TV series බලන කෙනෙක් නිසා පට්ටයි,උදේ 07ට නැගිට්ටා විනාඩි 5-10 කින් ගත්තා උදේට කද්දී බැලුවා :D හැමදාම උණ උණුවේ බලන්නේ දැන්

    මාසේ අන්තිම දවස් ටිකේ shape එකේ ඇද ගන්නවා,බැරිම උනොත් auto image load අයින් කර ගන්නවා :dull:

    තාම එක දවසක් extra gb අරන් නැහැ,ගන්න බලාපොරොත්තුවකුත් නැහැ..සිරාවටම මේ connection එක මරු..පට්ට විදියට වෙලා ඉතුරු වෙනවා...

    පොඩි අවුලකට තියෙන්නේ දඩාර සයිට් එකකට ගිය ගමන් ලොඩ් වෙන නිසා ඩේටා කැපෙනවා වැඩි.. :baffled:

    ඔව් මචන්, 16 ලැබෙනවා කියන එක නම් මාරම සහනයක්. ඉස්සර 4gb වගේ down කරනවා කියන්නේ දවස් 3ක් වත් බලන් ඉන්න ඕන අඩුම ගානේ, දැන් නම් ඉතින් පැයකින් දෙකකින් විතර ගන්න පුළුවන් නේ.
    ඉස්සර game නම් download කරනවා කියන්නේ කරන්නම බැරි දෙයක්.
    පුළුවන් නම් තව 10gb වගේ ලැබෙනවා නම් මරු. ඒ නැතත්, 512 එකෙන් මේකට මාරු උන එක ගැන නම් මමත් සතුටුයි