අධිවේගී මගේ "බට" කැපීම

අධිවේගී මගේ "බට" කැපීම

ලන්කාවේ මිනිස්සුන්ගේ හිතයි ඔලුවයි හදන්නේ නැතුව කොච්චර ගොඩනැගිලි හැදුවත් වැඩක් නැ.. කොච්චි පාරේ පිලි ගලොන, කරන්ට් කම්බි කපන් උන් රට ගැන හිතයිද?, දැන් අලුත්ම එවුන්, අධිවේගී පාරේ ආරක්ශිත වැටට තියන බටත් කපන් ගිහින්.. හොරු අහුවෙලා.. ඒ බට ගත්තු මුදලාලිත් මාට්ටු.. උන්ට දඩුවම් දෙන්න ඔනා වගේම මිනිස්සුන්ගේ හිතත් හදන්න ඔනා, නැතිනම් මේ සන්වර්දනේ තෙරුමක්, නැ.. තව අවුරුදු 10-15ක් යනකොට මෙව්වා ගරා වැටෙයි.. :(:(:(


මහරාජාගේ සොස් ඉල්ලන වන්දිබට්ටයන් සදහා මෙන්න ලින්ක් එක.:
…http://sinhala.adaderana.lk/news.php?nid=39096


417488031highway2.jpg

අධිවේගයේ ගැල්වනයිස් බට ‍සොරාගත් 6ක් කොටු

November 25, 2013 10:28 am


අතුරුගිරිය - පෝරේ ප්‍රදේශයේදි කොට්ටාව කටුනායක අධිවේගි මාර්ග වැඩ බිමේහි වැටට සවි කර තිබු ගැල්වනයිස් බට සොරකම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අතුරුගිරිය පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

සැකකරුවන් විසින් සොරාගත් ගැල්වනයිස් බට 127ක් පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බොරළුගොඩ සහ අතුරුගිරිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද(25) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
 

waca

Well-known member
  • Nov 13, 2006
    3,729
    2,209
    113
    Nugegoda
    අර යකඩ හොරකම් කරපු සුදර්මන් කියල ආණ්ඩුවෙ ලොක්කෙක් හිටිය නේද. එයාගෙ නඩුව ගැන අළුත් ආරංචි මොනවද? මහේස්ත්‍රාත් වරෙන්තුවක් තිබිලත් තාම අත්අඩංගුවට අරං නෑ මයි හිතේ
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    රටක් දියුනුවෙන්න මිනිස්සුන්ගේ ඔලුගෙඩි දියුනු කරන්න ඕන. එහෙම නෑති කිසිම සන්වර්දනයක් තිරසාර නෑත.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔව්ව මොනාද බං ඕස්ට්‍රේලියාවෙත් කරන්ට් එක තියෙද්දී තඹ කම්බි කපන් ගිහින්ලු කරන්ට් ලයින් එකක.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ගොබ්බ නායකයෙක් රටක ඉන්න කොට මිනිස්සුන්ගේ ඔළු ගෙඩි දියුණු කරන්නේ කොහොමද.ලොල්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අර යකඩ හොරකම් කරපු සුදර්මන් කියල ආණ්ඩුවෙ ලොක්කෙක් හිටිය නේද. එයාගෙ නඩුව ගැන අළුත් ආරංචි මොනවද? මහේස්ත්‍රාත් වරෙන්තුවක් තිබිලත් තාම අත්අඩංගුවට අරං නෑ මයි හිතේ

    ආ එතුමා අතුරුදහන් වුවන්ගේ ලැයිස්තුවට ඇතුල් කරල නෙ
    විත්තිකරු නැතුව මොන නඩුද සිංහලු
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඕක හදල තියෙන්නෙ හොරුන්ට හොරකම් කරල ඉක්මනට මාරු වෙන්න

    අර කෝට්ටෙ පන්සලේ හාමුදුරුවන්ව කඩුවෙන් කොටපු එකත් අධිවේගෙන් ගාල්ලෙ ගිහින් ඉන්නකොටනෙ මාට්ටු උනේ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    මේකනේ මචං ලා ,සාමාන්‍යෙන් රටක් හදනවා කියන්නේ රටේ තියෙන භෞතික සම්පත් ට්ක චීනෙට ඉන්දියාවට විකුණලා එව්වට ඒ රටවල් වලින් අරුමෝසම් තෑගී විදියට ලැබෙන එක එක ගොඩනැගිලි ,කර්මාන්ත්ශාලා ,වරායවල් ,එයාර්පොර්ට් හදනවා කියන එක නෙමේ .ඔය කිව්ව එව්වා හදන්න ඕනේ තමා .ඒත් ඊට කලින් රටේ ජීවත් වෙන මිනිහගේ ආකල්ප රටට අනුකූලව හදන්න ඕනේ .ඒක හදන්න ඕනේ අධ්‍යාපනයෙන් .මොකද අපේ අධ්‍යාපනයෙන් කරන්නේ පොඩි කාලේ ඉඳන් නිකන් ඉල්ලන්න පුරුදු වෙන්න කියලානේ .ඒකනේ නිකන් දෙන අධ්‍යාපන වරප්‍රසාද ලබා ගන්න \ඇති කරලා තියෙන විභාග ක්‍රමවේදය පස්සේ අපේ ළමයිනුයි අම්මලා තාත්තලයි පිස්සුවෙන් වගේ හති දම දම දුවන්නේ .ඒකේදි වෙන්නේ අවිචාරවත් සමාජයක් ගොඬ නැගෙන එක .එහෙම නිකන් ඉල්ලන අවිචාරවත් කම නිසා තමා මේ විදියට ගෙවීමකින් තොරව පොදුදේපල කොල්ල කන්නේ .ඇයි නිකන් නේ ? ඒකයි .ඔය සමාජවාදි කට්ටිය ගොඩක් අදහන චේ ගුවේරා එක පාරක් කියලා තියෙනවා ඒ ගොල්ලොන්ගේ විප්ලවයෙන් පස්සේ "අපි රට හදනවා කියලා කියන්නේ රටේ ඉන්න මිනිහා හදන එක මිසක් භෞතික දියුණුව නෙමේ " කියලා .ඉතිං අපේ රටෙත් මිනිහා හදන්න ඕනේ .ඒකට තමා අය-වැයකින් උනත් වියදම් කරන්න ඕනේ .ඒත් මේ රටේ සංවර්ධනය කියලා ගොඩ්ක් අය හිතන් ඉන්නේ අර විදියට භෞතික දේවල් හැදෙන එක ගැන විතරයි .ඒකෙන්ම පේනවා අපේ රටේ මනුස්සයාගේ ආක;පමය සොභාවය .මොකද ඒ ආකල්ප දියුණු මට්ටමක තිබ්බානම් මේ විදියේ සංවර්ධන මායාවල් වල වැටෙන්නේ නැහැ :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:[/QUOTE]
     
    Last edited:
    • Like
    Reactions: Sadun Buwa

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ආ එතුමා අතුරුදහන් වුවන්ගේ ලැයිස්තුවට ඇතුල් කරල නෙ
    විත්තිකරු නැතුව මොන නඩුද සිංහලු

    :P mehemath ratawal oka sudarman kapuwanam naduth na. Waranthu dilath mahinda ekka function wala ekata inne:baffled:
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මේකනේ මචං ලා ,සාමාන්‍යෙන් රටක් හදනවා කියන්නේ රටේ තියෙන භෞතික සම්පත් ට්ක චීනෙට ඉන්දියාවට විකුණලා එව්වට ඒ රටවල් වලින් අරුමෝසම් තෑගී විදියට ලැබෙන එක එක ගොඩනැගිලි ,කර්මාන්ත්ශාලා ,වරායවල් ,එයාර්පොර්ට් හදනවා කියන එක නෙමේ .ඔය කිව්ව එව්වා හදන්න ඕනේ තමා .ඒත් ඊට කලින් රටේ ජීවත් වෙන මිනිහගේ ආකල්ප රටට අනුකූලව හදන්න ඕනේ .ඒක හදන්න ඕනේ අධ්‍යාපනයෙන් .මොකද අපේ අධ්‍යාපනයෙන් කරන්නේ පොඩි කාලේ ඉඳන් නිකන් ඉල්ලන්න පුරුදු වෙන්න කියලානේ .ඒකනේ නිකන් දෙන අධ්‍යාපන වරප්‍රසාද ලබා ගන්න \ඇති කරලා තියෙන විභාග ක්‍රමවේදය පස්සේ අපේ ළමයිනුයි අම්මලා තාත්තලයි පිස්සුවෙන් වගේ හති දම දම දුවන්නේ .ඒකේදි වෙන්නේ අවිචාරවත් සමාජයක් ගොඬ නැගෙන එක .එහෙම නිකන් ඉල්ලන අවිචාරවත් කම නිසා තමා මේ විදියට ගෙවීමකින් තොරව පොදුදේපල කොල්ල කන්නේ .ඇයි නිකන් නේ ? ඒකයි .ඔය සමාජවාදි කට්ටිය ගොඩක් අදහන චේ ගුවේරා එක පාරක් කියලා තියෙනවා ඒ ගොල්ලොන්ගේ විප්ලවයෙන් පස්සේ "අපි රට හදනවා කියලා කියන්නේ රටේ ඉන්න මිනිහා හදන එක මිසක් භෞතික දියුණුව නෙමේ " කියලා .ඉතිං අපේ රටෙත් මිනිහා හදන්න ඕනේ .ඒකට තමා අය-වැයකින් උනත් වියදම් කරන්න ඕනේ .ඒත් මේ රටේ සංවර්ධනය කියලා ගොඩ්ක් අය හිතන් ඉන්නේ අර විදියට භෞතික දේවල් හැදෙන එක ගැන විතරයි .ඒකෙන්ම පේනවා අපේ රටේ මනුස්සයාගේ ආක;පමය සොභාවය .මොකද ඒ ආකල්ප දියුණු මට්ටමක තිබ්බානම් මේ විදියේ සංවර්ධන මායාවල් වල වැටෙන්නේ නැහැ :cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
    [/QUOTE]

    දවසෙන් බාගයක් බොලද මෙගා මගුල් බලන.. ඉතිරි ටික හින්දි බයිලා නන්ස්ටොප් අහන.. වෑටක් ලග හරි නෙට් එකේ හරි එල්ලිලා ඕපදූප හොයන, ස්ටාර්ලාව අදහන, මෑටි හරක් ඉන්න රටක මොන ඔලුගෙඩි සන්වර්දනයක්ද බන්...

    එහෙම උනානම් ආන්ඩු මෙහෙම පිස්සු කෙලින්නේත් නෑ.. මිනිස්සුන්ගේ අතට මීට වඩා බලයක් එනවා.. දෑන් පෙලපාලියක් ගියත් කිසිම ගානක් නෑ ඒකටත් මිනිස්සු ගෙන්නන්න ඕන පගාව දීලා.

    හෑමදාම කියනවා වගේ කියන්න තියේන්නේ මේ රටේ අපිට වෙලා තියේන්නේ හොද එකාගෙන හොද වෑඩිම එකා පත් කරගන්න නෙමෙයි.. නරක උන්ගේන් නරක අඩුම එකා පත් කරගන්නයි.


     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,713
    2,503
    113
    Bevery Hills-90210
    මිනිස්සුන්ට සල්ලි නැති හින්දනේ බට කපන්නේ.. සල්ලි තියනවා නම් මොකටද ඔව්ව කරන්නේ...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අර කටුගෙට පැන්න කන් ගැට්ටා ගැන දැන් ආරංචියක්වත් නැහැ නේද..:lol:

    එතුමා මෙවර පළාත් සබා මැතිවරණයට බස්නාහිරින් චන්දෙ ඉල්ලනවලු :cool:
     
    • Like
    Reactions: Vampire

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    අර යකඩ හොරකම් කරපු සුදර්මන් කියල ආණ්ඩුවෙ ලොක්කෙක් හිටිය නේද. එයාගෙ නඩුව ගැන අළුත් ආරංචි මොනවද? මහේස්ත්‍රාත් වරෙන්තුවක් තිබිලත් තාම අත්අඩංගුවට අරං නෑ මයි හිතේ

    ඌ ආණ්ඩුවේ එකා ඌට මොන නඩුද ඒවගේ ද කුඩ්ඩෝ මරන්න ඕනා දෙකෙන් එල්ලලා..

    :( යථාර්තය ඕකයි මචං. කොච්චර සංවර්ධනය කළත් වැඩක් නැහැ ජනතාවට හම්බ කරන තුට්ටුදෙකෙන් ජිවත් වෙන්න බැරිනම්. අපි හම්බ කරන සල්ලි භාගයක්ම ටැක්ස් වලට ආණ්ඩුවම ගහලා ඒකෙන් සංවර්ධනය කරනවා කියලා උන් කොමිස් ගහනවා අපි අප්පුඩි ගහනවා.
     
    • Like
    Reactions: Sadun Buwa