අධිවේගී මාර්ගය 1cm = 8000/=
අධිවේගී මාර්ගයෙන් ජන ජීවිතයට කාන්දු වන්නේ ණය බර හා පොලියත්, දූෂණයේ ඕජසුත් පමණි
එක්සත් ජාතික පක්ෂ ලෝක බැංකුව සමග එක්ව 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ යෝජනා කරන ලද මෙම ගාස්තු අය කරන අධිවේගී මාර්ගය සඳහා මුදල් යෙදවීම පිණිස විදේශ ආයෝජකයන් සොයා ගැනීම මුල් ඉලක්කය විය.
එහෙත්, එය සාර්ථක වූයේ නැත. අධිවේගී මාර්ගය හදන්න අවසානයේදී සිදු වූයේ රජයට ම ය. මෙම දැවැන්ත ව්‍යපෘතිය ආරම්භ කිරීමේ හා ඒ සඳහා විශාල වශයෙන් මුදල් ණයට ගනිමින් එය අවසන් කිරීමේ ධෛර්යය තිබුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂට ය.
මේ පාර හැදීම තුළ දැවැන්ත වංචා රැසක් සිදු වූ බව පාර ආසන්නයේ ජීවත් වන බල්ලෝ පවා දනිති. ඔප්පු වී නැත. ඔප්පු වන්නට පරීක්ෂණ පැවැත්විය යුතු ය. පරීක්ෂණ පැවැත්විය යුත්තේ මහජනයා නොව ඒ සඳහා මහජන මුදලින් පවත්වාගෙන යනු ලබන ආයතන විසිනි.
කොට්ටාව මාකුඹුරේ සිට ගාල්ල පින්නදූව දක්වා දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය ඉදිකිරීමට රජය වැය කර ඇති මුදල රුපියල් බිලියන 77කි. ඉඩම් අත්පත් කර ගැනීම සඳහා වැය කළ මුදල වන රුපියල් බිලියන 4.7 ක් ක් ද මෙයට ඇතුළත් ය.
මෙම මාර්ගය නිසා ඉවත් කරන ලද මිනිසුන් සිය ජීවිත නැවත ගොඩනඟා ගැනීම සඳහා වැය කළ මුදල පිළිබඳ තක්සේරුවක් මෙයට ඇතුළත් වන්නේ නැත.
කොට්ටාව මාකුඹුරේ සිට ගාල්ල පින්නදූව දක්වා දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ දුර කිලෝමීරට් 96කි. ඒ අනුව එක් කිලෝමීටරයක් හදන්නට ගිය වියදම රුපියල් මිලියන 800කට අධික වේ. ඒ අනුව එක් මීටරයක් හදන්නට ගිය වියදම රුපියල් අටලක්ෂයකි. එක් සෙන්ටිමීටරයකට රු. 8000කි.
මේ වෙනුවෙන් ලංකාව ආසියානු සංවර්ධන බැංකුවෙන්, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායනයෙන් (JICA) ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඩොලර් මිලියන 500කට ආසන්නය. එනම් රුපියල් බිලියන 55කට අධික මුදලකි.
ඍජුව ම පාර හදන්නට ය කියා ගත් විදේශ ණය පමණක් ලංකාවේ ජනගහණය කෝටි දෙකක් ය කියා ගණන් හදා බැලුවොත් මේ රටේ ලොකු කුඩා සෑම පුරවැසියකු ම මේ පාර වෙනුවෙන් රු. 2750 බැගින් ලෝකයට ණය වී හමාර ය.
ඒ ණය ගෙවන අපි මේ පාරේ යන්නේ ද තවත් මුදල් ගෙවා ය.
දැන් මෙපමණ ණය වී හැදූ පාරේ හයියෙන් ගිය විට රට සංවර්ධනය වන්නේ කෙසේ ද යන්න ආණ්ඩුව අපට කියා දිය යුතු ය.
රටේ මෙවැනි අධිවේගී මාර්ග හැදෙනවාට අප විරුද්ධ නැත. නමුත් මෙහි ඇති මූලික ගැටලුව වන්නේ මෙයින් ජන ජීවිතයේ සිදු වන සංවර්ධනය අත්පත් කර ගැනීම සඳහා ජනතාව ගෙවා ඇති මිළ උවමනාවට වැඩි වීමයි.
අනෙක් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂය රටට අධිවේගී මාර්ග පද්ධතියක් යෝජනා කළේ මූලික වශයෙන් විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමටයි. මේ ආණ්ඩුව පෞද්ගලික අංශයේ දේපල පවා රජයට පවරා ගනිමින් සිටින තත්වයක් තුළ කොටස් වෙළඳපල පවා අර්බුදයට පත් වී තිබේ.
සංචාරකයන් ලංකාවට එන්නේ අධිවේගී මාර්ග ඕනෑතරම් ඇති රටවල සිට ය. අධිවේගී මාර්ග පෙන්වා ප්‍රවර්ධනය කළ හැකි සංචාරක කර්මාන්ත ක්ෂේත්රයේ ලංකාවට තරග කළ නො හැකි ය.
එජාපය කීවේ මෙම මාර්ගය හරහා එන ආයෝජන හා ඇරඹෙන ව්‍යාපාර හේතුවෙන් සිදු වන සංවර්ධනය පහළට කාන්දු වී ජන ජීවිතය ඉහළ යන බවයි.
දැන් මේ අධිවේගී මාර්ගයෙන් ජන ජීවිතයට කාන්දු වන්නේ ණය බර හා පොලියත්, දූෂණයේ ඕජසුත් පමණි.
අප කියන්නේ කිලෝමීටර් 96ක පාරක් හදන්නට වැය කළ මුදලින් ලංකාවේ මහාමාර්ග, දුම්රිය මාර්ග පද්ධතියක් ම සංවර්ධනය කරන්නට තිබුණු බව ය.
අධිවේගයෙන් ගොස් කරන්නට තරම් කැකිරි ගෙඩියක් මේ රටේ මිනිස්සු වැඩි දෙනෙකුට නැත.
අපට අවශ්‍ය පුහු අධිවේගයක් නොව, චිරස්ථායී සංවර්ධනයකි.
පසුගිය දිනවල අධිවේගී මාර්ගය මහජනයාට විවෘත කළ අවස්ථාවේ ඔවුහු එහි ගොස් කා, බී, නටා, බෝතල් පාරේ ගසා කුඩු කර, බොග දමා පැමිණිය හ. ඒ අධිවේගී මාර්ග ආතල් එක කදිමට සංකේතවත් කිරීමකි.
Gaththe http://w3lanka.blogspot.com/2011/11/blog-post_27.html