අනතුරු 2යි - 10ට තුවාලයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්රදේශයේ සිදුවු රිය අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු ඇතුළුව පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.
පින්නදූව සිට කොට්ටාව දෙසට ගමන් ගත් මෝටර් රථයක් මාර්ගයේ ආරක්ෂක වැටේ ගැටීමෙන් අද දහවල් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
අනතුරෙන් තුවාල ලැබූවන් නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් කෑගල්ල ප්රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පැවසුවේය.
අනතුර සම්බන්ධයෙන් වැලිපැන්න පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර නුවර - කොළඹ ප්රධාන මාර්ගයේ මාවනැල්ල වලකඩයාව ප්රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් හයදෙනෙකු තුවාල ලබා තිබේ.
කොළඹ සිට නුවර බලා ධාවනය වු වෑන් රථයක් ඊට ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.
අනතුරෙන් වෑන් රථයේ ගමන්ගත් පුද්ගලයින් හයදෙනෙකු තුවාල ලබා මාවනැල්ල රෝහල වෙත ඇතුළත් කර ඇත.
වෑන් රථයේ රියදුරු වැඩිදුර ප්රතිකාර සඳහා මහනුවර රෝහල මාරු කර යවා ඇති බව පොලීසිය පැවසුවේය.
(අදදෙරන)