අනවසර චිත්‍රපට ගොණු නාමය අඳුනා ගැනීම

rex99

Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    අනවසර චිත්‍රපට ගොණු නාමය අඳුනා ගැනීම

    avengers.jpg


    ඔබ අන්තර්ජාලයෙන් චිත්‍රපටයක් බාගත කරගන්නා විට බොහෝවිට එහි ඇති කෙටි යෙදුම් දැක ඇත. ඔබ එම සියළු කෙටි යෙදුම් වල තේරුම් ගැන සිතා බැලුවාද?. එමඟින් අපට වඩා හොඳ පිටපතක් තෝරාගැනීමට හැකිවනු ඇත. දිනෙන් දින අලුත් යෙදුම් භාවිතයට පැමිණියත් අප වඩාත්ම භාවිතයේ තිබෙන බහුල යෙදුම් කිහිපයක් අඳුනා ගැනීමට උත්සහ කරමු.

    මෙම නාමය සලකා බලන්න.

    Some.Movie.2009.WS.PDTV.XviD-PRiYaNCe.avi
    මෙම ගොණු නාමයම පහත දැක්වෙන පරිදි කෙටි යෙදුම් සම්පූර්ණ ලෙස දක්වා ඇත.

    Some.Thing. = චිත්‍රපට නාමය
    2009 හෝ S01E02 = නිකුත් කළ වර්ෂය හෝ කතා මාලාව හා කොටස
    WS. = විභේදනය
    PDTV. = ප්‍රභවය
    XviD- = Codec
    PRiYaNCe = නිකුත් කළ කණ්ඩායම් නාමය
    .avi = ගොණු නාමය

    අපි දැන් එකින් එක සලකා බලමු.

    කතා නාමය:

    මෙයින් හැඳින්වෙන්නේ කතා මාලාවේ හෝ චිත්‍රපටයේ නාමය වේ. උදාහරණයක් ලෙස The Partiot, The passion of Christ, 24 etc.



    නිකුත් කළ වර්ෂය හෝ කතා මාලාව හා කොටස:

    මෙමගින් හැඳින්වෙන්නේ චිත්‍රපටය නිකුත් කල වර්ෂය වේ. රූපවාහිනී කතා මාලාවකනම් මෙම කොටසේ එහි කතා මාලාව හා එහි අංකය දකින්නට ලැබේ. එහි අංකය මෙලෙස දැක්වූ විට එයින් පැහැදිළිව කතා මලාව හා කොටස අඳුනා ගත හැකි අතරම එම කොටසට වෙනමම නමක් තිබේ නම් එය ඊට පසුව දක්නට ලැබේ.

    උදා: Some.TVShow.S01E02.The.One.Where.Stuff.Happens.WS.HDTV.XviD-PRiYaNCe.avi
    විභේදන සූචකය:

    මෙම කොටසින් කියවෙන්නේ විඩියෝ වේ විභේදනයයි.

    WS: පුළුල් තිරය, නැතහොත් 16:9 උස පළල අනුපාතයයි. පැරණි 4:3 අනුපාතය වෙනුවට.
    720p: High Definition සම්මතයකි. මෙයද පුළුල් තිරයක් වුවද තරමක් විශාලය.
    1080i: තවත් High Definition සම්මතයකි. මෙම ගොණු ප්‍රමාණයෙන් විශාලය.



    ප්‍රභවය:
    මෙම කොටසින් කියවෙන්නේ ආකේතනය කරගැනීමය යොදාගත් ප්‍රභවය වේ. මෙම ප්‍රභව අනුව ගුණාත්මක භාවය තීරණය වේ.

    CAM
    පිටපත ලබාගන්නේ කැම්කෝඩරයක් ආධාරයෙන් සිනමා ශාලාව තුලදීය. ශබ්ද ප්‍රභවය වන්නේ කැමරාවේ මයික්‍රොෆෝනයයි. ගුණාත්මක භාවය අඩුය. මෙහි ප්‍රධාන අවාසියනම් ශබ්ද තත්වයයි. මයික්‍රෝෆෝනය මගින් චිත්‍රපටයේ පමණක් නොව සිනමා ශාලාව තුල ඇති බාහිර ශබ්දද පටිගත වේ. එලෙසම සිනමා ශාලාව තුල සිදුවන පුද්ගල චලනය වීම් ද පටිගත වේ.

    Telesync
    CAM පිටපතකට සමානවේ. එහෙත් හොඳ ශ්‍රව්‍ය තත්වයක් ඇත. CAM ප්‍රභවය හොඳ වෙනත් ශබ්ද ප්‍රභවයක් සමඟ සමමුහුර්තකරණය කර ඇත. එය සමහර විට සිනමා ශබ්ද පද්ධතියෙන් හෝ ඇසීමේ ආබාධිත තත්ව ඇති පුද්ගලයින්ට තිබෙන FM රේඩියෝ විකාශනයෙන් උකහා ගෙන ඇත. බොහෝ විට cam පිටපතම telesync ලෙස වැරදියට නම් කරනු ලබයි.

    PDVD, නැතහොත් Pre-DVD

    මෙනමින් හැඳින්වෙන්නේ බොහෝ විට ඉන්දියාව තුල හෝ ඉන්දියානු බොලිවුඩ් චිත්‍රපට සමග නිකුත් වන වර්ගයකි. අඩු ගුණාත්මක භාවයකින් යුත් CAM/TS නිකුතු ඉන්දියාව තුල DVD ලෙස මහමාර්ගයේ විකුණනු ලබයි. ඒවා සමහර කණ්ඩායම් විසින් PDVD-rips ලෙස නිකුත් කරනු ලබයි.

    WORKPRINT
    මේ පිටපත චිත්‍රපටියේ වැඩ අවසන් නොකළ පිටපතකින් සාදා ගනු ලබයි. ආකෘතික වශයෙන් මෙහි සිනමා නිකුත් කිරීමට වඩා දර්ශන වල අඩුවක් පැවතිය හැක. සමහර පිටපත් වල කොනකින් හෝ ඉහල පෙදෙසක කාල රාමුවක් ගමන් ගන්නා ආකාරයද දැකිය හැකිය. සමහරවිට දියසළකුණුද ඇතුලත් විය හැක.

    SCREENER
    චිත්‍රපටය තිරගත වීමට කලින් DVD හෝ VHS නිකුත් වීම් සිදුවේ. මේවා බොහෝවිට යවනු ලබන්නේ චිත්‍රපට විචාරකයන්, ඇකඩමි සාමාජිකයින් වෙත එය විචාරය කිරීමේ කටයුතු සඳහා වේ. Screener පිටපත් වල සාමාන්‍යයෙන් පහත සඳහන් පණිවිඩයට සමාන පණිවුඩයක් දක්නට ලැබේ.:”The film you are watching is a promotional copy, if you purchased this film at a retail store please contact 1-800-NO-COPIES to report it.” මීට අමතර සමහර ආයතන විසින් සමහර දර්ශන කොටස් කළු-සුදු ආකාරයෙන් දර්ශනය කරනු ලබයි. මේවාටත් අමතරව වෙළඳපලට නිකුත් වන DVD වලට වඩා ස්වල්ප ප්‍රමාණයකින් දර්ශණ තත්වය අඩුය.

    Digital Distribution Copy-DDC
    DDC මූලිකව Screener එකට සමාන වුවත් එය සමාගම් වෙත තැපෑලෙන් නොව ඩිජිටල් ලෙස යවනු ලබයි. උදා (email/ftp/http/etc.). එය බෙදා හැරීමේ වියදම් අඩු කරනු ලබයි. මෙය R5 වලට වඩා ගුණාත්මක බවින් අඩු වුවද Cam හෝ Telesync වඩා ගුණාත්මක බවින් වැඩිය.

    R5
    R5 යනු කලාප 5 හි විකුණනු ලබන DVD වේ. කලාප 5ට අයත් වනුයේ නැගෙනහිර යුරෝපය (පැරණි සෝවියට් සමූහාණ්ඩුව), ඉන්දියානු උපමහද්වීපය,අප්‍රිකාව, උතුරු කොරියාව සහ මොන්ගෝලියාව වේ. R5 නිකුතු සාමාන්‍ය නිකුතුවකට වඩා වෙනස් වන්නේ ඒවා කිසිම දෘශ්‍ය සැකස්මකින් තොරව කෙලින්ම හුවමාරු කළ ඇති නිසාය. මුල් පිටපතේ ඉංග්‍රීසි භාෂාව නොතිබුනහොත් R5 පිටපත වෙත ඉංග්‍රීසි භාෂාව වෙනමම සමමුහුර්තකරණය කරනු ලබයි. එවිට එයට LiNE ටැගය එක් කරණු ලැබේ. මෙහි තේරුම බොහෝවිට මෙහි ශබ්දය DVD-Rip ලෙසම ගුණාත්මක බවින් අඩුවිය හැකිය.

    TELECINE
    මෙම කොපිය පිටපත් කරගන්නේ චිත්‍රපටය ඇනලොග් පටයේ සිට සංඛ්‍යාංක(Digital) පිටපත වෙත පරිවර්තනය කරනු ලබන යන්ත්‍රයෙනි. මෙම පිටපත් බොහෝ දුර්ලභ වන්නේ මෙය බොහෝ වියදම්කාරී හා විශාල පිටපත් වන බැවිනි. කෙසේවුවද මෑතකදි මෙය සාමාන්‍ය තත්වයට ලං විය. මෙහි සාමාන්‍යයෙන් ගුණාත්මක භාවය DVD තරම්ම වන්නේ මෙය සාමාන්‍ය චිත්‍රපටියක් DVD ගත කරන තාක්ෂණයට සමීප නිසාය. කෙසේ වුවද සාමාන්‍යයෙන් ඇනලොග් පටයේ අඩු ගුණාත්මක භාවය මත මෙය වෙනස්විය හැක. Telecine යන්ත්‍ර මගින් සාමාන්‍යයෙන් වමේ සිට දකුණට සියුම් සෙලවීමක් දකින්නට ලැබෙන අතර DVD පටයට සාපේක්ෂව වැරදි වර්ණතත්ව භාවිතාවන බවද දක්නට ලැබේ.

    DVDRip
    චිත්‍රපටයේ අවසාන නිකුතු විශේෂයයි. සාමාන්‍යයෙන් චිත්‍රපටිය පෙන්වීමට පටන්ගත් කලාපයෙන් පිට කලාපයකදී පෙන්වීමට පෙර නිකුත් වේ. බොහෝවිට එක් කණ්ඩායමක් මෙම වර්ගයේ හොඳ පිටපතක් නිකුත් කල විට එම පිටපත් නිකුත් කිරීම වෙනුවෙන් පැවති “තරඟය” නිමාවට පත්වේ.

    Full-Rip
    DVD වර්ගයේ අවසන් ආකෘතියයි. සාමානයයෙන් මුල් DVD හි සම්පූර්ණ පිටපතයි. මුල් DVD පටය DVD-9 ආකෘතියෙන් නිකුත් කර ඇත්නම් අතිරේක අංග ඉවත් කොට සහ/හෝ විඩියෝව අඩු වියදම් හා සාමාන්‍ය (පිටපත් කිරීමට) DVD-5 ආකෘතියට සකස් කොට ඇත. DVDR නිකුතු බොහෝ විට DVD-Rip නිකුත් කොට පැය කිහිපයකින් නිකුත් වේ. DVDR සාමාන්‍යයෙන් විශාල ෆයිල් වේ, (ආසන්න වශයෙන් 4.5GB). DVDR හී මෙනුව අඩංගු වේ.

    HDTV, PDTV
    මෙම පිටපත් බොහෝ විට පැමිණෙන්නේ විකාශ සම්ප්‍රේෂණයෙනි. HDTV ප්‍රභවයකින් සමහරවිට DVD තත්වයද ඉක්මවා යන ගුණාත්මකභාවයක් ලැබේ. මෙවැනි වර්ගයේ පිටපත් වල ඉල්ලුම ඉහල යාමට පටන් ගෙන ඇත. Analog, DSR, සහ PDTV ප්‍රභවයන් පූර්ණ තිරය නම් 512×384, පුළුල් තිරය නම් 640×352 ලෙස බහුලව නැවත ආකේතනය කර තිබේ. HDTV ප්‍රභවයන් 640×352 (360p), 960×528 (540p), 1280×720 (720p) ලෙස විව්ධ විභේදනයන්ට හා විවිධ ගොණු ප්‍රමාණ වලට පවතී.

    BDRip, BRRip
    DVD-Rip පිටපතට සමානය, වෙනසකට පවතින්නේ මූලාශ්‍රය Blu-ray තැටියක් වීමය. DVD ප්‍රමාණයේම BD/BR පිටපතක් බොහෝවිට DVD rip පිටපතට වඩා ගුණාතමක භාවයක් දක්වයි. ඊට හේතුව හොඳ ප්‍රභව මාධ්‍යයක් පැවතීමය.

    Codec:
    මෙමගින් ඇඟවෙන්නේ මෙම පිටපත් නිපදවීමට ගනු ලබන මෘදුකාංග වර්ගය වේ. ජනප්‍රිය වර්ග නම් Divx, Xvid, MP4, Ogg (an open source format), MPEG-2 (the DVD codec), Quicktime, and ASF. වේ.

    නිකුත් කළ කණ්ඩායම් නාමය:
    මෙම පිටපත නිකුත් කළ කණ්ඩායම් නාමය වේ. බොහෝ විට මෙම නාමය ගැන බොහෝ දෙනා උනන්දුවක් දක්වයි.

    ගොණු නාමය:
    ප්‍රධාන වශයෙන් ආකෘති දෙකක් ඇත. එනම් .avi (Audio Video Interleave) හා .mkv. (Matroska Video) වේ.

    රොයිලි ප්‍රනාන්දු
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Codec:
    මෙමගින් ඇඟවෙන්නේ මෙම පිටපත් නිපදවීමට ගනු ලබන මෘදුකාංග වර්ගය වේ. ජනප්‍රිය වර්ග නම් Divx, Xvid, MP4, Ogg (an open source format), MPEG-2 (the DVD codec), Quicktime, and ASF. වේ.

    macho codec ekak kiyanne software ekak nemei ban:no::no::yes:
    Oka awilla compress medium eka mamanan danna widihata:yes::cool: