අන්තර්ජාලය ඔස්සේ පරිගණකය පාලනය කිරීම..
අන්තර්ජාලයට නිතරම සම්බන්ධ කර ඇති පරිගණකයක් වෙනත් පරිගණකයක් හරහා පාලනය කිරීමෙන් බොහෝ ප්‍රයෝජන ලබා ගත හැක.
Broadband සබඳතාවයක් සහිත පරිගණකයක් හරහා චිත්‍රපට, මෘදුකාංග ආදිය ඩවුන්ලෝඩ් කිරීම, එවැනි පරිගණකයක "ඔත්තු බැලීම" ආදිය උදාහරණ වේ.
මේ සඳහා Remote Desktop ක්‍රමය භාවිතා කළ හැකි වුවත් මෙහි දුර්වලකම් ඇත. උදා-
1. Remote Desktop වළින් log on වූ විට දැනට log on වී ඇති user ට log off වීමට සිදුවේ.
2. මෙහිදී වෙන කෙනෙක් log on වී ඇති බව පාලනය වන පරිගණකය අවට සිටින්නන්ට පෙනේ.
3. සමහර විට compatibility issues නිසා Remote Desktop වැඩ නොකරයි.
මේ දුර්වලතා නැති ක්‍රමයක් හදුන්වා දීම මෙහි අරමුණයි.
Tight VNC නම් මෘදුකාංගය ස්ථාපිත කර ගැනීමෙන් කිසිවෙකුට නොදැනී ඕනෑම පරිගණකයක් තුළට රහසේ ඇතුල් වී එහි සිදු වන්නේ කුමක්ද යන්න සොයා ගැනීමටත් එය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමටත් අවස්ථාව ලැබේ.
පියවර 1
පළමුව පාලනය වන පරිගණකයට ස්ථාවර IP Address එකක් ලබා දීමට සිදු වේ.
අප සාමාන්‍යයෙන් භාවිතා කරන අන්තර්ජාල සම්බන්ධතා වල IP Address ස්ථාවර නැත. සම්බන්ධතාව බිඳ වැටුණු විට IP Address එක වෙනස් වේ.
මේ සඳහා https://www.no-ip.com/ නම් වෙබ් අඩවිය භාවිතා කළ යුතුය.
මෙයට ඇතුල් වී අලුත් Account එකක් සාදාගෙන Domain name එකක් (හෝ වැඩි ගණනක් ) සාදා ගත යුතුය.
උදා- kumaraperera.myftp.biz, kumaraperera.myftp.org
මෙම Domain name එකක් පාලනය වන පරිගණකයට ලබා දීමට No-IP Windows Dynamic Update Client නම් මෘදුකාංගය එම පරිගණකයට install කරගත යුතුය.
බාගත කරගැනීම -
Download V 3.04 - https://www.no-ip.com/client/ducsetup.exe
Download V 2.21 - https://www.no-ip.com/client/duc221setup.exe
මෙහිදී වඩා පැරණි version එකක් වන 2.21, අලුත් version එකට වඩා කාර්යක්ෂම බව පෙනී ගොස් ඇත.
මෙය install කොට (වින්ඩෝස් ආරම්භ වන විටම ධාවනය වන ලෙස සකසා ගන්න ) තමාගේ ගිණුමේ දත්ත ලබා දීමෙන් පසු තමා සාදාගත් Domain name වළින් කුමන එකක් යෙදිය යුතු දැයි තීරණය කළ යුතුය.
ඉන්පසු අන්තර්ජාලයට සම්බන්ධ වී ඇති විට වරින් වර NO IP DUC මඟින් IP address එක වෙනස් වී ඇත්දැයි සොයා බලා ඒ අනුව වෙබ් අඩවියට IP address එක ලබා දෙයි.
අප කළ යුත්තේ වෙනත් පරිගණකයක්මඟින් https://www.no-ip.com/ වෙබ් අඩවියට පිවිස, මෙම නව IP address ලබා ගැනීමයි. මෙ සඳහා Manage Hosts නම් කොටසට පිවිසෙන්න
පියවර 2
Tight VNC මෘදුකාංගය පාලනය වන හා පාලක පරිගණකයට install කර ගත යුතුය.
බාගත කරගැනීම - http://www.tightvnc.com/download.php
මෙහිදී TightVNC Server සහ TightVNC Viewer යනුවෙන් software දෙකක් install වේ.
TightVNC Server install කිරීමේදී System Service එකක් ලෙස install කිරීම වඩා සුදුසු වේ.
පාලනය වන පරිගණකයට TightVNC Server Install කළ යුතු අතර පාලක පරිගණකයට TightVNC Viewer Install කළ යුතුය
ඔත්තු බැලීම -
පළමුව IP Address එක සොයා ගන්න.
ඉන්පසු TightVNC Viewer භාවිතා කර එම IP Address එක ලබා දුන් විට අදාළ පරිගණකයේ Desktop හි දර්ශනයක් ලබා දේ.
පාලනය වන පරිගණකයේ කරන සියළුම දේවල් ඔබට බලා ගත හැක.
මෙහිදී මවුසයේ cursor එක තිරය හරහට ගෙන යාමෙන් වළකින්න.
එසේ කළ හොත් පාලනය වන පරිගණකයේ cursor එකද එහා මෙහා වේ.
පාලනය කිරීම -
පළමු පරිදි Desktop වල දර්ශණයක් ලබා ගත් පසු ඔබට අවශ්‍ය කරන ඕනෑම දෙයක් කළ හැක.
මෙහිදී ප්‍රධාන අවාසිය නම් පාලනය වන පරිගණකයේ ඔබ කරන දේවල් අවට සිටින අයට පෙනීමයි.
Settings - 8 bit color භාවිතයෙන් වේගය වැඩි කර ගත හැක. Desktop Image එක අවශ්‍ය නොවන නිසා එය ඉවත් කර ගන්න.
Tight VNC මෘදුකාංගය සඳහා System Resources වැය වන්නේ අල්ප වශයෙනි.
Remote Desktop වලට වඩා වේගවත්ය. මුර පදයක් යෙදීමෙන් අනවසර පුද්ගලයන්ට ඇතුල් වීම වැළැක්විය හැක.
ලිපිය දීර්ඝ වීම වැලැක්වීමට ක්‍රමය කෙටියෙන් දක්වා ඇත.
ප්‍රශ්ණ ඇත්නම් විමසන්න...
අන්තර්ජාලය ඔස්සේ පරිගණකය පාලනය කිරීම

එසේ කළ හොත් පාලනය වන පරිගණකයේ cursor එකද එහා මෙහා වේ.පාලනය කිරීම -

Last edited: