අන්තර්ජාලය තුල ඔබ ආරක්ෂිත ද ?? ( Privacy Control - Doxing )

Seven Net

Active member
  • Jan 13, 2014
    290
    62
    28
    30
    Earth
    අන්තර්ජාලය තුල ඔබ ආරක්ෂිත ද ?? ( Privacy Control - Doxing )

    Doxing, විකාරයි නේද මේ මොකක්ද... කියලා සාමන්‍යන් dox කියන එක .. සයිබර් ආරක්ෂාව ගැන දන්නා කෙනෙකුට හුරු පුරුදු දෙයක් උනත් .. ජාලය තුල පොරවල් වෙන්න තතනන බොහෝ දෙනාට මේක නුහුරු වචනයක් සහ ක්‍රියාවලියක් ... සරලවම කිවුවොත් අපි dox කියන්නේ documents කියන එක කෙටි කරලා.. මම හිතන විදියට ..

    ජාලයේ තුල ඉන්න කෙනෙක් ට බොහෝ දුරට බලපෑම් කරන්න පුළුවනි... ඔහුගේ හෝ ඇයගේ Personal Dox එකක් කවුරු හරි එලි කිරීම මගින්...
    මොනවද මේ personal dox කියල එලි කරන්නේ

    නම
    ගම
    ආගම
    ලිපිනය
    දුරකථන අංක
    සේවා ස්ථාන
    වයිපරේ ගේ මනුස්පයගේ නම ගම ආගම.. ලිපිනයන්
    විද්‍යුත් ලිපින....

    එකී නොකී මෙකි.. සියලුම තමන්ගේ පෞද්ගලික දත්ත තමයි personal dox ඝනයට අයත් වෙන්නේ ..

    දැන් මොකක්ද හිතෙන්නේ... මොනවා කරන්නද බන් ඕවා හොයාගත්තා කියලා.. අපිට පාන් ද කියලා.... ?

    ඕක තමයි පුතා ලොකුම ප්‍රශ්නේ... අපි ඉන්නේ හරි අමුතු අමුතු මානසික මට්ටම් වලින් යුක්ත මිනිසුන් සමුහයක් මැද.. වැඩිය ඕනි නැහැ.. geek එක ගමු... sinhala help එකෙත් ටික දෙනෙක් ව . ගමුකො ඉතින් මේ අතර තමාට ලැබෙන කෙටි තොරතුරකින් අනෙකාගේ මුළු ජීවිතේම කෙලවලා දාන්න පුළුවන් මානසික මට්ටමේ අය ඉන්නවා ... අවුල් එකක් දෙකක් ද නෑ ගොඩක්... හදන්න පුළුවනි තමන්ගේ Personal dox එකක් අන්සතු උනොත් ..

    තොරතුරු වලින් බැංකු ගිණුමක් අරබන්න,
    ලෝන් එකක් ගන්න .
    Sim එකක් ගන්න ,

    වගේ පොඩි (ඒවා මොනවද බන් කියන අයට ) දේවල් ඉදල හිතාගන්න පුළුවන් හොදම දෙ කරන්න පුළුවන් ,

    සමාජශාලා අඩවි තියෙනවා ,ගෘප් තියෙනවා බොහොමයක් දැන් , අපි උදහරයකට වැඩිහිටියන්ට පමණයි වෙබ් අඩවියක් ගමු . මේ වගේ එකක එඩිට් කරපු හොද* පින්තුරයක් , ලිපිනය , ගෙදර ඉන්න වෙලාව , දිනය විද්‍යුත් ලිපිනය වගේ විස්තර දැන්මොත් කොහොමට තියෙයිද ?

    ගැහැණු අයට විතරක් නෙමෙයි , පිරිමි කෙනෙක්ටත් ගොඩක් අපහසුතාවයට පත් වෙන්න වෙන්ව ,
    උදා : "අදාල විස්තරත් එක්ක මම මේ වගේ අයව Deal කරන කෙනෙක් මේ වෙලාවට මේ දින වලට එන්න කැමති කෙනෙක් තෝරාගෙන යන්න "
    වගේ දෙයක් පොස්ට් කරොත් , Cert එකට , පොලිසියට කිව කියල වැඩක් තියෙයිද , එන්න පුළුවන් ඔක්කම බහුභූත මිනිස්සු තමාගේ ගෙදරටම ආවට පස්සේ ,

    ගත්ත සිම් එකකින්ම කෝල් කරනවා හතර වටේම තියෙන ඩිලිවරි ෂොප් වලට අහවල් ඒවා ගෙන්න කියල , කොහොමද ෆන් එක , අන්තිමේදී නම්බර් එක බැලුවමත් තියෙන්නේ තමාගේම නමට උනාම ,

    තවත් දුර යන්නව නම් පත්තරේ , Yellow Page , අන්තර්ක්ජාලය වගේ හැකි හැම දේම අරගේම ජොබ් ඉල්ලලා තියෙන අයට අදාල කෙනාගේ නිවසේ ජොබ් එකට අදාළ මිටින් සෙට් කරන්න ,
    ටොයිලට් ක්ලීනින් සර්විස් ගෙන්න ගන්න , ඉන්ෂුරන්ස් පොරවල් යවන්න , එලෝ මෙලෝ නැතිව ලිපි යවන්න ,

    වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන් කියල තේරෙනවනේ ,
    අමන්දා ටොඩ් ව මතක නම් එයාටත් උනේ Black Mail කරන සිද්දියක් ඒවගේ පින්තුර ප්‍රසිද්ද කරන නිසා .

    තවත් ක්‍රම තියෙනවා E-Whoring කියල , කෙටියෙන් කියනව් නම මුදල් හෙවීමේ පරමාර්ථය කරගත්ත පරිඝනක අපරාද කාරයන්ගේ ප්‍රියතම මාතෘකාවත් තමයි එක නම් ,

    ගොඩක් කාන්තා පාර්ශවයේ අයතමාගේ එක එක විදියේ පින්තුර එක ඇල්බම් එකකට 100 ක් විතර එකතු කරනවා , ඉතින් ඔය වගේ ඇල්බම් අරගෙන වෙනම නමකින් තවත් සෝෂල් නෙට්වර්ක් වල අකවුන්ට් හදල ,
    ඒ පින්තුර විකුනන (තව එඩිට් කරලා ) එක තමයි මේ අය කරන්නේ .සාමාන්‍ය මුදල වෙන්නේ 10 කට 5$ වගේ , වැඩේ දක්ෂයි නම් දවසට බර ගානක් ගලවගන මේ අය දක්ෂයි .

    දැන් මේවා කියලා ඕව කොරන ගිහින් CERT එකට මාට්ටු උන්නට පස්සේ තමයි වැඩේ තේරෙන්නේ ..

    _______________________________________________________________________________________

    Facebook Hacking කරන ගොඩක් දෙනෙක් කරන්නේ Forget My Password බොත්තම ඔබන එකනේ .
    ඉතින් අච්චර ඔයාගේ විස්තර හොයා ගත්ත මනුස්සයෙක්ට Security Question එකට උත්තර දෙන එක එච්චර අමාරු වැඩක් නෙමෙයි නේද ?

    තව තමාගේ පාසලට , සේවා ස්ථානයට එහෙම ඔහොම ෆන් එකක් අවොත් බෙල්ල වැල දාගන්න එක සැපයි නෙහ් ?

    හත් ඉලව්වේ කොහොමද මේව නවත්තන්නේ ?
    අර අහවල් ඒවා කෑවා නම් ඉවසපන් පුසෝ කිවලු

    ඕක නවත්තන්න එච්චර දෙයක් කරන්න ඕනේ නැහැනේ , මුලින්ම පුළුවන් තරම් සෝෂල් නෙට්වර්ක් වල රෙජිස්ටර් වල එකතු වෙන එක නවත්තන්න , (MySpace,Hi5,LinkedIn විශේෂයෙන් )

    කරන්න දෙයක් නැහැ facebook එපා කීවට ඕක වෙන්නේ නැති දෙයක්නේ ,හැබැයි ඔයාගේ විස්තර ගන්න පුළුවන් හොදම source එකත් වෙන්නේ මුණු පොත දැන් ,අර About Me ටැබ් එකට ගිය ගමන් ඔක්කම තියෙනවනේ ,
    ඉතින් ෆේක් එකක් භාවිතා කරනවා නම් ඔන්න වැඩියම හොදයි , එත් ඉතින් දැන් තියෙන මට්ටම අනුව එකත් බැහැනේ .
    මුලින්ම (ඔය ලෙඩේ නම් මම දැකල තියෙනෙන් ගොඩක්ම කෙල්ලොන්ගේ ) තමාගේ ශරීර කුඩුවේ අංශක 360 ම පින්තුර දැමීමෙන් වලකින්න ,ඒ දැම්මත් එකට ප්‍රයිවසි කොන්ටෝර්ල් දාන්න අමතකක රන්න එපා.
    කොල්ලොන්ටත් එක්ක ඈ කිවේ , (ආසයිද ඩයල්* ඇවිත් යමුද අහනවට ) .

    ඊළගට උදේ පාන්දර වැසිකිලි ගිය එකේ ඉදල රාත්‍රී ගමන වෙනකම් මුණු පොතේ ස්ටේටස් පල කිරීමෙන් වැළකිලා ඉන්න ,

    කොල්ල විනාඩියක් මැසේජ් නොකරම , කෑම්ප් ගියාම , කෙල්ලගේ ෆෝන් එකේ බැටරි ලෝ උනාම , කලින් එක නැවතුනාම , ආසම ෆිල්ම් එක බලල ඉවර උනාම ,
    තව ටික දවසකින් ***** එක්කෝ ඕනේ නෑ වගේ කියන්න

    මම බොරු නම් කියනනේමේ දැන් ගිහින් Home tab එක ඔබල බලන්න ඕවා නැද්ද කියල ,
    ස්ටේටස් අප්ඩේට් කරන්න ඕනේ ,කරන්න ඕනේ දේවලුත් තියෙනවා ඕනේ නැති ඒවත් තියෙනවා.

    ඊළගට නිතරම එකම E-mail ලිපිනය භාවිතා කිරීමෙන් වැළකීමේ ශික්ශාපදයක් හදා ගන්න.මොකද කඩපු අනිත් පන්සිල් ඔක්කම එලි වෙයි . අර මේල් එක එක්ස්පොස් උනොත්
    ඒ නිසා හැම වෙබ් අඩවියකටම ලොග් වෙන්න එකම මේල් එක භාවිතයෙන් වළකින්න,

    ඩොමේන් එකක් ගන්නවා නම් Privacy Protection එකත් තව ඩොලර් 2 ක් විතර දීලා ගන්න අමතක කරන්න එපා.


    එහෙම නැතත් අමුතුම ක්‍රමයක් තියෙනවා බොහොමයක් සයිබර් ආරක්ෂාව ගැන දන්නා දෙනා පවා දන්නේ නැති Misleading කියලා . වචනයෙන්ම පැහැදිලි වෙනවා ඇති මොකක්ද සිද්දිය කියල .එක ගැන ලියම්දෝ නොලියම්දෝ හිතල තමයි අන්තිමේදී මේක ලිවේ .

    අන්තිමේදී හොදම දෙ පිස්සොත් එක්ක ගණන් හදන්න යන්න එපා.අදහස් කරේ හැම තැනකම පැටලෙන්න හදන්න එපා . මොකද අපේ අය ඉන්නවනේ ඉන්ටර්නෙට් හිරෝලා . කෙහෙල් ගහක හොට පටලුනාට පස්සේ අඩව්වට උත්තර නම් ලැබෙන්නේ නැහැ .

    ඔය කොහොම ආරක්ෂාව තහවුරු කරත් උවමනාව තියෙන කෙනාට තමාගේ අරමුණ සාර්ථක කරගන්න නම් නමේ මුල් අකුර තිබ්බත් ඇති වෙයි (මේ එක ජෝගියට හොදේ කිවේ )

    www.namechk.com/ , www.pipl.com/වගේ වෙබ් අඩවි වලට ගිහින් තමාගේ මොන මොනා විස්තර එලියේද කියල බලාගන්න , අනවශ්‍ය ඒවා ඉවත් කරන්න අමතක කරන්න එපා.

    ඒ වගේම බ්ලොග් වල , සයිට් වල කොමෙන්ට් කරන්නෙත් මොනවටද කියල පොස්ට් කරන්න කලින් දෙපාරක් කියවල ඉන්න අමටහ්ක කරන්න එපා .
    හැගීම් වලට වහල් වෙලා පොස්ට් කරා වගේ නෙමෙයි ගින්න අවිලෙනකොට. :) :)

    මේ පොස්ට් එකේන් ඔබ මොනව හරි දෙයක් දැන ගත්ත නම් , Comment එකකුත් දාන්න.