අන්තර්ජාල ගනුදෙනුවලට ලංකාවෙන්ම විසඳුමක&#

mudantha

Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    අන්තර්ජාල ගනුදෙනුවලට ලංකාවෙන්ම විසඳුමක&#

    logo.png


    4a0d3ba01d7a9792c61b9bb5ef445183_L.jpg


    ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය ඔස්සේ බොහෝ ව්‍යාපාර කටයුතු සිදුවන බැවින් එම ව්‍යාපාරිකයන් සහ ව්‍යාපාර ආයතන මුහුණදෙන විශාල ගැටලුවකට දේශීය විසඳුමක් ලබාදීමට PayHere ආයතනය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
    ඒ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් වෙත අදහස් දක්වමින් එහි නිර්මාතෘවන ධනික පෙරේරා මහතා හඳුන්වාදීමට නියමිත නව තාක්ෂණික ක්‍රමවේද පිළිබඳ මෙලෙස සඳහන් කළේ ය.
    ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාර කරන බොහෝ දෙනෙක් මුහණදෙන විශාල ගැටලුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ අන්තර්ජාලය හරහා ගෙවීම් භාර ගැනීමේ නිසි ක්‍රමවේදයක් නොමැතිවීමයි.
    එම ගැටලුවට විසඳුමක් ලෙස PayHere සේවාව හඳුන්වාදීමට අපේක්ෂා කරන බව ධනික පෙරේරා මහතා පෙන්වා දෙයි.
    මේ වනවිට ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය හරහා ව්‍යාපාරික කටයුතු කිරීමේ වැඩි නැඹුරුතාවයක් දක්නට ලැබෙන අතර ඒවා බොහෝමයක් සිදුවන්නේ Facebook හෝ වෙබ්අඩවි හරහා බව ඔහු ප්‍රකාශ කරයි.
    එම වෙළෙඳ භාණ්ඩ මිල දී ගැනීමේ දී ව්‍යාපාරිකයාට හෝ වෙළෙඳ සමාගමට දුරකතන ඇමතුමක් ලබා දී ඒ පිළිබඳ දැනුම් දිය යුතු වේ. එහි දී පාරිභෝගිකයා විසින් වෙළෙඳාම් කරන පුද්ගලයාගේ හෝ වෙළෙඳ ආයතනයේ බැංකු ගිණුමට අදාල මුදල් බැර කිරීමෙන් අනතුරු ව ලබාදෙන රිසිට්පතේ පිටපතක් ඔවුන් වෙත යැවිය යුතු ය. ඉන්පසු තැපෑල මගින් අදාල භාණ්ඩ පාරිභෝගිකයාට ලබාදීමට කටයුතු කරන අතර එහි අකාර්යක්ෂම බවක් පෙන්නුම් කරන බව ඔහු පවසයි.
    ඊට මූලික හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ වෙනත් රටවල මෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය හරහා මුදල් අය කර ගැනීමේ හැකියාව තවමත් නොමැතිවීමයි.
    අන්තර්ජාලය හරහා ගෙවීම් භාර ගැනීමේ නිසි ක්‍රමවේදයක් නොමැති බව සඳහන් කරන ඔහු මේ වනවිට බැංකු internet payment gateway පහසුකම පැවතුන ද ඒවායේ මිල ගණන් අධික බව පෙන්වා දෙයි. ඒවායේ වාර්ෂික වියදමක් දැරීමට සිදුවන බවත් ස්ථාපනය කිරීම සඳහා ද වියදමක් දැරීමට සිදුවන බවත් ඔහු පවසයි. එම වියදම සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරවලට දැරීමට අපහසු බව හෙතෙම සඳහන් කරයි.
    මේ හේතුවෙන් PayHere නමැති නව තාක්ෂණික විසඳුම හරහා සිදු කෙරෙන්නේ අන්තර්ජාලය හරහා මුදල් ගෙවීමේ දී බැංකු හරහා ගනුදෙනු කිරීමට අවශ්‍යතාවයක් ඇති නොවන බව ඔහු පෙන්වා දෙයි. එහි දී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට PayHereහි ලියාපදිංචි වී PayHere ගිණුමක් ආරම්භ කළ හැකි බව ඔහු ප්‍රකාශ කළේ ය.
    එහි දී ඔවුන්ගේ භාණ්ඩවලට පාරිභෝගිකයන්ගෙන් අය කරන මුදල් සම්පූර්ණයෙන් ම ඔවුන්ගේ PayHere ගිණුමට ලබාගත හැකි වේ. එමගින් තමන්ගේ බැංකු ගිණුමට පහසුවෙන් මුදල් බැර කර ගැනීමේ විශේෂ හැකියාව PayHere තුළින් අත්විඳීමට හැකිවක් පවතී.
    වාර්ෂික වියදම් හෝ ස්ථාපනය කිරීමේ වියදමක් නොමැති බවත් සරළ ව කිවහොත් නොමිලේ එම සේවාව සැපයෙන බවත් ධනික පෙරේරා මහතා සඳහන් කරයි. එකම වියදමවන්නේ PayHere හරහා බාර කෙරෙන මුදලින් සුළු ප්‍රතිශතයක් ගනුදෙනු ගාස්තුවක් ලෙස අය කිරීමයි. බැංකුවල මෙන් වාර්ෂික වියදම් හෝ ස්ථාපනය කිරීමේ වියදමක් දැරීමට සිදු නොවන බව හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.
    එසේ ම ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන් බොහෝමයක් ශ්‍රී ලංකාවට PayPal සහාය ලැබෙතැයි අපේක්ෂාවෙන් සිටි බවත් එය සිදු නොවන බවට මේ වනවවිට ප්‍රත්‍යක්ෂ වී ඇති බවත් ඔහු පැවසී ය. PayPal එනතුරු බලා හිඳින්නේ නොමැති ව PayHere හරහා දේශීය විසඳුමක් සැපයීමට අපේක්ෂා කරන බවත් ධනික පෙරේරා මහතා පෙන්වා දුන්නේ ය.
    PayHere දේශීය බැංකු හා ටෙලිකොම් ආයතනය සමග සම්බන්ධ වී දේශීය විසඳුමක් ලෙස සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන් වෙත තව නොබෝ දිනකින් එළි දැක්වීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.


    http://sinhala.asianmirror.lk/si-economy/item/21877-payhere-bhasha
     
    • Like
    Reactions: DangerMan119

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    හොඳයි කරනවා නම්.. ඒත් ඉතින් ලොකු ලොකු සයිට් වලට නම් සපෝර්ට් ගන්න ලැබෙන එකක් නෑ. ලංකාවේ වැඩ වලට නම් හොඳටම තියෙයි.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    පට්ට වැඩක් නේ...මේකෙන් ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් කරන්න පුලුවන්ද දන්නේ නැහැ...ලංකාවේ බිස්නස් කරන අයටනම් හොදයි...එත් පිට රටක ගැනුම් කරුවෙක් ගෙන් මේ හරහා ගෙවීම් කරවන්න යොමු කරන එක ලේසි වෙන්නේ නැහැ...පිටරටක කෙනෙක් මාස්ටර් කාඩ් පේමන්ට් ගේට්වේ එහෙම නැත්තම් පේපැල් වගේ එකකින් මිසක ආවට ගියාට ගෙවන්නේ නැහැනේ...ඕකෙන් ලංකාව ඇතුලේ ගනුදෙනු වලට හොදයි...එත් Ezcash එකට තියෙන නිසා ලොකු වාසියක් කියන තරම් නැතිවෙයි...
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    danika ayya dala thibba dakka
    small online business walata hodai
    bank wala payment gateway patta annual fee ekak gewanna wenawane
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අඩු ලාභ වැඩි බිස්නස් මයින්ඩ් එක තියන එකෙක් නම් හොඳයි :yes:
     

    Similar threads