අන්තර් ජාලයට මුහුණු දෙකයි.......

sanduntharu

Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    අන්තර් ජාලයට මුහුණු දෙකයි.......

    රැව්පිළි රැව්
    සමාජ හෘද සාක්‍ෂියට කෙරෙන ඇමැතුම


    අන්තර් ජාලයට මුහුණු දෙකයි

    p12-1.jpg
    මෙයට ගත හැකි පිළියම කුමක්‌ද? කළ යුතු දේ නම් අන්තර්ජාල සබඳතා මෙරටට වැදීම නතර කිරීමයි. දෙවැනිව අසභ්‍ය දර්ශන සියල්ල නිත්‍ය සේවක මඬුල්ලක්‌ ලවා ශෝධනය කර අන්තර්ජාල සේවාව මෙරටට ගෙන්වා ගැනීමයි. දැනටත් බහුතරයක්‌ මුස්‌ලිම් රටවල් එය කරන අතර Faජැ ඊදදන වෙබ් අඩවිය තහනම් කිරීමට ද පාකිස්‌තානය ආදී රටවල් පියවර ගෙන ඇත. තවද විකිලික්‌ස්‌ නම් වෙබ් අඩවියේ රාජ්‍ය රහස්‌ ද පිට වී ඇති නිසා රජයක කටයුතුවලට ඉදිරියේදී මෙයට වඩා දැඩි බලපෑමක්‌ අන්තර්ජාලයට එරෙහිව දැඩි පියවර නොගත හොත් ඇති විය හැක.

    තවද අන්තර්ජාල පහසුකම් අවශ්‍යම නම් ගොන්නුන්ට පුන්නක්‌කු ලබාදෙන්නාක්‌ මෙන් එය රටේ සෑම තැනම ව්‍යාප්ත නොකර අධ්‍යාපන ආයතන, සරසවිවලට ආදියට පමණක්‌ ශෝධනය කළ අන්තර්ජාල සේවය ලබාදිය යුතුය.
    ශ්‍රී ලංකාවට අනාදිමත් කාලයක සිට සංස්‌කෘතියක්‌ තිබුණි. ලොව බොහෝ රටවල ද එය විය. මෙරට සංස්‌කෘතියට දැඩි බලපෑමක්‌ එල්ලවූයේ වසර 500 කට එපිට සිට පැවති පෘතුගීසි, ලන්දේසි, ඉංගී්‍රසි ආක්‍රමණ හෙයිනි. එය අප දන්නා මෑත ඉතිහාසයේ සියවස්‌ හි එල්ල වූ තර්ජනයකි. ඉන් පසුව දෙවැනි තර්ජනය එල්ල වූයේ 20 වැනි සියවස තුළ ප්‍රකට වූ මුද්‍රණ කලාවත් සමගිනි. එහිදී විවිධ වාර ප්‍රකාශන, පුවත්පත් මගින් දැඩි සංස්‌කෘතික හෝදාපාලුවක්‌ විය. එය වඩාත් දැඩිව දැනෙන්නට වූයේ 1950-60 දශක වලින් පසුව ඔබ අප මතය වේ. මන්ද 1948 රට නිදහස ලබන විට බොහෝ ජනයා සරම හෝ ජාතික ඇඳුම ඇඳීමට පුරුදුව සිටි අතර, කාන්තාවන් සාරි හෝ රෙදි හැට්‌ට ඇන්ද නමුත්, නිදහසෙන් පසුව මෙකී කාලය වන විට පිරිමින් කලිසමටත්, කාන්තාවන් සාරිය හෝ පසුව ගවුමටත් හුරු විය.

    මෙවැනි වෙනසක්‌ යුරෝපයේ ද විය. එකල වික්‌ටෝරියානු සංස්‌කෘතියට අනුව යුරෝපයේ දික්‌කසාද ආදිය නොවුණු අතර, කාන්තාවන් 20 වන සියවස මුල පවා නාන ඇඳුම පිටින් ප්‍රසිද්ධ ස්‌ථානවල සිටීම වැළකී තිබුණි. බටහිර රටවල තිබූ මෙම වික්‌ටෝරියානු සංස්‌කෘතිය දෙදරා යැමට පදනම දැමුනේ සිනමාපට, රූපවාහිනි මෙන්ම, මුද්‍රිත මාධ්‍ය වලින් බව අප අදහසයි. 1950 දශකය වනවිට ලෝක යුද්ධ 2 ක්‌ අවසන් වී හෙම්බත්ව සිටී එම රටවල් එකී සංස්‌කෘතික වෙනස පිළිගත්ත ද, වික්‌ටෝරියානු සංස්‌කෘතියෙන් බැහැරට යැමෙන් අනාගතයේ ඇතිවිය හැකි පරිහානිකර තත්ත්වය ඔවුනට එකල නොතේරුනා විය හැකි බව අප මතයයි. මන්ද ඉහත කී මාධ්‍ය මගින් බටහිර සමාජය දූෂණයට ලක්‌කරවන විවිධ අසභ්‍ය හා ප්‍රචණ්‌ඩ සිදුවීම් ඉතා වේගයෙන් එකී මාධ්‍ය හරහා ජනතාව අතරට ගියේය. මිනිස්‌ මොළයේ එක්‌ හැසිරීමක්‌ නම් එය උකහාගන්නා දෙයට සමාන වන අයුරින් සිතුවිලි ඇතිකරමින් ඉදිරියට සිතීමයි. එසේ නොවීමට නම් පොදු මිනිසුන් මනෝවිද්‍යා විශාරදයන් විය යුතුය. නමුත් එසේ නොවේ. බටහිර සමාජයේ 1960 දශකයේ පළවූ එවැනි අපගමනාත්මක කෘතියකට උදාහරණ ලෙස එච්. ඩී. ලෝරන්ස්‌ගේ "ලේඩි චැටර්ජි" පොත දැක්‌විය හැක. එයට වඩා ප්‍රබල බලපෑමක්‌ සමාජයට සීනමාවත්, මුද්‍රිත මාධ්‍ය හා සඟරා වලිනුත් විය. මෙහි ප්‍රතිඵලය බටහිර රටවල දක්‌නට වූයේ 1970 දශකය වනවිට ඇතිවන්නට වූ හිපි සංස්‌කෘතිය, දික්‌කසාද බහුලවීම් ආදිය මගිනි. ලංකාවට ද එවැනි ප්‍රතිඵල ක්‍රමයෙන් 1970 න් පසුව පැමිණියේ, බටහිර රටවල සිට ගෙන එන ලද එවැනි අසභ්‍ය සඟරා මෙන්ම ඉඳහිට මෙරට හොරෙන් මුද්‍රණය කළ පොත්පත් හා බටහිර අසභ්‍ය සිනමාව හෙයිනි. ලංකාවේ මේ තත්ත්වය වඩාත් දරුණු වූයේ 1979 රූපවාහිනිය හඳුන්වාදීමත් සමගිනි. එතැන් සිට අසභ්‍ය තොරතුරු වැල නොකැඩී වීඩියෝ පට හරහා පැමිණිනි. නමුත් ඒවායේ බලපෑම් බොහෝ විට නාගරිකරණයට සීමා වූයේ, ගම්බද වඩා ප්‍රචලිත නොවූ බැවිනි. නමුත් 90 දශකයෙන් පසුව ක්‍රමයෙන් ඒවා ගම්බද ද ගිලගන්නට විය.

    කෙසේ වුවත් අප මේ කියන්නට යන්නේ මේ සේරටමත් වඩා ප්‍රබලව සංස්‌කෘතික සෝදාපාලුවක්‌ ඇති කළ දෙයක්‌ ගැනය. එනම් 90 දශකයේ අගභාගයේ පරිගණකය ඔස්‌සේ මෙරටට පැමිණි අන්තර්ජාලයයි. මේ වන විට එය නිවෙස්‌ හි පරිගණක, පාසල් පරිගණක, ජංගම දුරකතන හා ඇතැම් විට ඈත ගම්දනව්වල පරිගණක කරා ද ව්‍යාප්ත වී තිබිය හැක. අන්තර්ජාලය යනු හොඳ හා නරක එකට කැටිකළ පොතක්‌ බඳුය. මෙරට වැසියන්ගේ පරිහරණයට ඇති අන්තර්ජාලය ගැන නිර්වචනයක්‌ කරන්නේ නම් "අන්තර්ජාලය යනු උගතුන්ගේ, බුද්ධිමතුන්ගේ පාරාදීසයක්‌ නොව, නුගත් බූරුවන්, පිස්‌සන්, නරුමයන්ගේ පාරාදීසයකි." මන්ද විශ්වකෝෂයක්‌ ගතහොත් එහි ලොව පිළිබඳ පුළුල් තොරතුරු ඇත. නමුත් සමාජයක්‌ පරිහානිය කරා ගෙන යැමේ තොරතුරු විශ්වකෝෂයක නැත. උදා( බ්‍රිටැනිකා විශ්වකෝෂය. නමුත් යමෙකු විශ්වකෝෂයක්‌ හැදැරීමේ මනසකින් අන්තර්ජාලයට පිවිසිය හොත්, ඔහු දකින්නේ තොරතුරු තාක්‌ෂණය මත දැනුම් සම්ප්‍රේෂණය කිරීමක්‌ නොව, විවිධ ව්‍යවසායකයන්ගේ සම්ප්‍රHක්‌යෝගය හා නෂ්ටභ්‍රෂ්ඨත්වයට පත් වූ නරුමයන් විසින් වරින් වර එකතුකරන ලද තොරතුරුය. ඉන්ටර්නෙට්‌කාරයන් මහ ලොකුවට සලකන නොමිලයේ තොරතුරු ලබාගත හැකි විකිපීඩියා නම් විශ්වකෝෂයක්‌ ද අන්තර්ජාලයේ ඇත. නමුත් ලොව සම්මත සෙසු විශ්වකෝෂ මෙන් නොව විකිපීඩියා විශ්වකෝෂයේ නිර්මාතෘ අමනයින් අන්තර්ජාලයේ දැක්‌වෙන ඕනෑම කුනුහරුපයකට අර්ථකතන සපයා දීමට ද ඉදිරිපත් වේ.

    ළමයකුට අවශ්‍ය දේ හා අසභ්‍ය දේ යන දෙකම ඇති මුද්‍රිත පොතක්‌ දී ඉන් සභ්‍යත්වයෙන් යුතු පිටු පමණක්‌ කියවන්න යෑයි කියා, දෙමාපියන් හෝ ගුරුවරුන් ඉවත් වී ළමයා එයම කරාවි යෑයි බලාපොරොත්තු විය හැක්‌කේ හීන ලෝකයේදී පමණි. නමුත් අද අන්තර්ජාල පහසුකම් නිවසේ, පාසලේ මෙන්ම කඩමණ්‌ඩියකින් ඕනෑම සුළු මුදලක්‌ ගෙවා ලබාගත හැක. මේ වන විටත් ඒවාට පිවිස අසභ්‍ය දේවලින් මනස ශෝධනය කරගන්නා ළමුන් හා තරුණ කොටස්‌ මෙන්ම වැඩිහිටියන් ද සමාජය දෙස බලන්නේ කෘතිම මානසික විකෘති තලයක පිහිටාය. පෙර තිබූ ගුරුගෝල සබඳතාව, ගරු කළ යුත්තන්ට ගරුකිරීම, වැඩිහිටියන්ට (හැමෝටම නොවේ) භික්‌ෂූන්ට සැලකීම ආදිය ගැන සිතීමට පවා ඉන් නොපෙළඹේ. රූපවහිනිය භික්‌ෂුව වෙළාගෙන භික්‌ෂුත්වයේ සීලය යම් තැනක තබයි ද, අන්තර්ජාලය ද පන්සල් ගිලගෙන ඉදිරියේදී භික්‌ෂුව බුදුදහමට අනුව නම් අපාගත වීමට තරම් දූෂිත තත්ත්වයකට මානසිකව පෙළඹවිය හැක.

    දැනට දශකයකට පමණ පෙර මෙරට ඉන්ටනෙට්‌ කැෙµa නමැති ස්‌ථාන ඇරඹුණේ ඉහළ මධ්‍යම පාන්තික තරුණ කොටස්‌ (බොහෝ විට පිරිමි) අරමුණු කරගෙනය. නමුත් මේ වන විට ඔවුහු බහුතරය පුද්ගලික අන්තර්ජාල සබඳතා ලබාගෙන ඇත. පසුව මෙය ක්‍රමයෙන් පහළ නාගරික සමාජයටත්, ක්‍රමයෙන් මුඩුක්‌කු පරිසරයටත් ව්‍යාප්ත විය. මුඩුක්‌කු සමාජය, තුන්වැනි පන්තිය ආදිය මෙය භාවිත කිරීමට බහුලව යෙදෙනුයේ අසභ්‍ය දර්ශන නැරඹීමට මිසක්‌, ඔවුනට මෙයින් ගත හැකි වෙනත් ප්‍රයෝජන දුබලය. මේ වන විට කොළඹ හා නගරාසන්න ප්‍රදේශවල ඇති අන්තර්ජාල කැෙµa බහුතරය සිසුන්ගේ ග්‍රහණයට ද රාත්‍රි කාලයේ පාතාල සාමාජිකයන්, කුඩුකාරයන්ගේ ග්‍රහණයට ලක්‌ වී ඇති බව අප කළ සමීක්‍ෂණවල දී පෙනේ. ඔවුන් බහුතරයකගේ අරමුණ අසභ්‍ය දර්ශන නැරඹීමය.

    අන්තර්ජාලයේ අසභ්‍ය දර්ශන සඳහා පෙනී සිටින බොහෝ යුරෝපීය, අප්‍රිකානු, ආසියානු ජාතිකයන් ඉතා පහත් විෂමාචාරී පවුල් පසුබිමක්‌ යටතේ විවිධ සමාජ දූෂණ සිද්ධිවලට ගොදුරු වූ අය බව, ඔවුන් පිළිබඳ සමාජ විද්‍යා දෘෂ්ටි කෝණයකින් හා ඔවුන්ගේ මානව විද්‍යාත්මක හැඩතල නිරීක්‍ෂණයේදී පෙනී යයි. නමුත් ලංකාව වැනි ආසියාතික රටක නූගත් තරුණයකු බටහිර රටක කාන්තාවක්‌ හෝ පිරිමියෙකු දුටු පමණින් සිතනුයේ මේත් ඔවුනට වඩා හොඳින් උගත් ඉහළ සමාජයක අයකු කියාය. මෙහි ඇති භයානකම තත්ත්වය එයයි. ඒ කිසිත් හරිහැටි තේරුම් බේරුම් කිරීමට නොදත් ලොව ඕනෑම තැනක සිටින සාමාන්‍ය වැසියකු ඉන් අනතුරුව ක්‍රමයෙන් තමා ද අපචාරී ජීවිතයකට හෙවත්, බුදුදහම අනුව පස්‌පව් වලින් යුතුව අපායගාමී තත්ත්වයකට පත්වීම හෝ පත්කරලීම පහසුවෙන්ම අන්තර්ජාලය හරහා සිදුවේ. අන්තර්ජාලය ශ්‍රී ලංකාවට කිසිසේත්ම සුදුසු නොවන බවට අප අවධාරණය කරන අතර, එය ලොව කුමන ජනකොටසකට හෝ නුසුදුසු බවට දැඩිව පවසමු. මන්ද ලොව බහුතරයක්‌ සිටින්නේ අවශ්‍ය දේ තෝරාබේරා ගත හැකි බුද්ධිමතුන් නොවේ. 80% ක්‌ ම උපන් හැටියට, ලැබෙන දෙයකට අනුව ජීවත්වීමට සැරසෙන පිරිසකි. අන්තර්ජාලය හරහා ලොව ගෝලීකරණය වීම කෙසේ වෙතත් ලොවම අමනයින් වෙතට ළංවීම වැඩි ඈතක නැත.

    අන්තර්ජාලයෙන් එන තොරතුරු වාරණයට කිසිවකුත් නැතිවාක්‌ මෙන්ම, එය වාරණය කරන ආකාරයක්‌ ද කිසිවෙකුත් නොදනිති. හැක්‌කේ එකිනෙක රටවල් තම තමන්ගේ රටට නොගැලපෙන වෙබ් අඩවි එකින් එක තෝරා පෙරහන් කර අන්තර්ජාල සේවය තම රටට වැද්ද ගැනීමට ක්‍රියාකිරීමයි. කන්ටෙක්‌ට්‌ µsල්ටර් නම් තාක්‌ෂණික උපකරණයෙන් රටවල් අන්තර්ජාල අසභ්‍ය වෙබ් අඩවි තහනම් කරති. මෙය විදුලි සංදේශ නියාමක කොමිසම හරහා රජයෙන් පත් කළ නිත්‍ය සේවක මණ්‌ඩලයක්‌ සෑම විටම අනවශ්‍ය වෙබ් අඩවි ගැන විමසිල්ලෙන් සිට කළ යුතු දෙයකි.

    අප අදහස නම් අන්තර්ජාලයෙන් දැනුම ලබනවාට වඩා නිරවද්‍ය දැනුමක්‌ පොත්පත් භාවිතයෙන් ගත හැක. අන්තර්ජාලයේ බොහෝ විට සත්‍ය මෙන්ම අසත්‍ය තොරතුරු ද ඇත. පිළිගත් පොතක එසේ නැත. තවමත් ලොව පොත් වෙළෙ¹ම ඉහළ තලයක ඇත්තේ ඒ හෙයිනි. නමුත් මෙරට සිටින බූරුවන්ට එය තේරුම් කරදීම අපහසුය. ගොඩයා මැජික්‌ බලනා විලසින් අන්තර්ජාලය දෙස පරිගණක තිරය මගින් නෙත් යොමුකර, කුණු හරුප බලන කොලුකුරුට්‌ටන් මෙන්ම වැඩි හිටියන්ගෙන් ද පසක්‌ කරලන්නේ, ඉදිරි වසර 50 ක්‌ පමණ වන විට, සංස්‌කෘතික සෝදාපාලුවක්‌ ඇති, මානසික ඉච්චාභංගත්වයක්‌ සහිත නෂ්ටභ්‍රෂ්ඨ වූ මානව කොට්‌ඨාසයක්‌ අපට ලංකාව නම් රටෙන් සොයාගත හැකි බවය.

    බොහෝ විට නුසුදුසු වෙබ් අඩවි බහුතරය නිර්මාණය කර ඇත්තේ යුරෝපීය ජාතීන්ම නොවුණත්, යුරෝපීය යන්ගේ ඡායාරූප යොදා සැකසූ ආසියාතික, අප්‍රිකානු වෙබ් අඩවි ද ඇත. බොහෝ විට අසභ්‍ය වෙබ් අඩවි විවිධ පරිගණක වෛරස ද සමග පැමිණෙයි. ඇතැම් විට අසභ්‍ය වෙබ් අඩවි වලට වැඩිපුර මුදල් ගෙවා වැඩි තොරතුරු ලබාගත හැකි ලෙසට ඒවා නිර්මාණය කර ඇත. ඇතැම් මෝඩයන් ඒ සඳහා තමාගේ ලිපිනය, බැංකු ගිණුම් හෝ ක්‍රෙඩිට්‌ කාඩ් අංක ලබාදීමෙන් වන්නේ, මුළු ගිණුමේම ඇති මුදල ක්‌ෂණයකින් ඔවුන් සොරා ගැනීමයි. ඇතැම් විට අසභ්‍ය වෙබ් අඩවි නරඹන්නන්ව අසභ්‍ය දැ සඳහා සම්බන්ධකර ගැනීමට ආරාධනා ද අන්තර්ජාලය ඔස්‌සේම ලැබේ. ඇතැම් විට මෙවැනි ආරාධනා ලංකාවේ අමන මිනිසුන් සහ ගැහැනු තුළින් ද ලැබේ. බොහෝ විට දික්‌කසාද වූ මැදි වයස්‌ කාන්තාවන් අන්තර්ජාලය ඔස්‌සේ තරුණයන් බිලිබාගත් අවස්‌ථා හා මෙරට තරුණියන් අනවශ්‍ය කරදරවලට මුහුණපාන අවස්‌ථා අසභ්‍ය වෙබ් අඩවි මෙන්ම සාමාන්‍ය වෙබ් අඩවි හරහා ද සිදුවේ.

    ශ්‍රී ලංකාවේ ජංගම දුරකතනවල අන්තර්ජාල පහසුකම් ඔස්‌සේ අසත්‍ය වෙබ් අඩවිවලට පිවිසීමේ හැකියාව 2010 වසරේ සිටම ක්‍රියාත්මකය. ළමා හා කාන්තා කාර්යාංශය විසින් කොළඹ ජනප්‍රිය පාසලක, පන්ති කාමරයක ළමුන්ගේ ජංගම දුරකතන 28 ක්‌ පරීක්‍ෂා කිරීමෙන්, ඉන් 23 කින් ම අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිස ඇති බව වාර්තා විය. අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසීම, අසභ්‍ය පොත පත ප්‍රසිද්ධ කිරීම ආදිය 1983 අංක 22 දරන සංශෝධිත අසභ්‍ය ආඥපනත යටතේ නීති විරෝධී ක්‍රියාවකි. පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශය ඉදිරිපත් කළ වාර්තා අනුව, බත්තරමුල්ල ළමා අධිකරණය විසින් ජංගම දුරකතනවල අසභ්‍ය වෙබ් අඩවි 940 ක්‌ පමණ තහනම් කරන ලෙස නියෝග කර ඇති බව වාර්තා විය. නමුත් සාමාන්‍ය පරිගණකයකට පිවිසිය හැකි අසභ්‍ය වෙබ් අඩවි රාශියක්‌ ඇති බව අප කළ සමීක්‍ෂණවල දී පෙනී ගියෝය.

    ශ්‍රී ලංකාවේ දූෂිත දේවල් අන්තර්ජාලයේ දැකීම තරමක්‌ සීමාසහිත වුව ද, ශ්‍රී ලංකාවට හානි ගෙන දෙන පරිදි ශ්‍රී ලාංකිකයන් ලෙස නම්කර විවිධ යුරෝපීය කාන්තාවන්ගේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට ඇතුළත් කර තිබීම, රටේ සංස්‌කෘතියට ඕනෑකමින්ම හානි කිරීමේ අරමුණින් කර ඇති බව ද මෙරට සංස්‌කෘතික කටයුතු අමාත්‍යාංශය දත යුතුය. එමෙන්ම මෙරට නළු නිළියන්ගේ විවිධ විගඩම් ඇතුළත් දර්ශන කිහිපයක්‌ ද අන්තර්ජාලයේ සැරිසැරීම රටට හිතකර නොවේ. අඩු තරමින් තමන්ගේ අනවශ්‍ය ඡායාරූපයක්‌ හෝ අන්තර්ජාලයේ සැරිසරනවා නම් එය ඉවත්කරවා ගැනීමට තරම් මෙරට නළු නිළියන්ට බුද්ධියක්‌ නැති බවත් අපි හො¹කාරවම දනිමු. මන්ද ප්‍රකට හින්දි හා ද්‍රවිඩ නිළියන්ගේ අසභ්‍ය ඡායාරූප ගෙඩිපිටින් අන්තර්ජාලයේ ඇති අතර ඇතැම් ප්‍රකට හින්දි නිළියන් ඒවායේ පෙනී නොසිටි අතර ඔවුන්ගේ මුහුණ පමණක්‌ යොදා ඒවා සකස්‌ කර ඇති බව දැක්‌වේ. කෙසේ වුවත් මෙරට අමන ගැහැනු, මිනිසුන් පෙනී සිටින අසභ්‍ය වෙබ් අඩවි ද අන්තර්ජාලයේ සැරිසරන බවත්, ඒවාට පෙනී සිටින අමනයන්ව අල්ලා ගැනීමට ආරක්‍ෂක අංශ පරීක්‍ෂණ කරන බවත් වාර්තා විය.

    ජංගම දුරකථනවලට අන්තර්ජාල පහසුකම් ලබාදීම පාසල් සිසුන් හා තරුණ කොටස්‌ අතරේ ඉතාමත් භයානක අන්දමින් අසැබි දේ පැතිරවීමට එක්‌ හේතුවකි. කුරුණෑගල හා රටේ වෙනත් ප්‍රදේශවල ළමුන් ජංගම දුරකථන ඔස්‌සේ අසභ්‍ය දේවල් බැලීමට යොමු වී ඇති බවත්, පසුව ළමුන්ගෙන් දුරකථන උදුරාගත් ගුරුවරු හා අවසානයේ විදුහල්පති එම දර්ශන නැරඹීමට තරම් අද අප රටේ ගුරු-ගෝල සදාචාරය ඉහළ ගොස්‌ ඇති බවටත් වරක්‌ පුවත්පත් හි පළවිය. ළමයකුට විද්‍යා පොතක්‌, පාසල් පොතක්‌ හා කුණුහරුප පොතක්‌ යන පොත් තුනක්‌ ලබාදී, ළමයා ඉන් විද්‍යා හා පාසල් යන පොත් දෙක පමණක්‌ කියවතිZ යි යන්න බුද්ධිය යන්තමින් හෝ තිබෙන කෙනකුට සිතිය නොහැක. පරිගණකය යනු ඊටත් එහා ලොව ඇති ඕනෑම අසභ්‍ය දෙයක්‌ මොහොතකින් ළඟාකරගත හැකි උපකරණයකි. එය ළමයකුගේ නිවසේ, පාසලේ හෝ වැඩිහිටියකුගේ කාර්යාලයේ ඇති විට ළමයකු නම් අසම්මත ජීවන චරිතයකට ළඟාවීමටත්, වැඩිහිටියකු නම් අසම්මත සබඳතා දක්‌වා ගොස්‌ පවුල් දිවිය පවා කෙළවරවීමටත් හේතුවකි. ඇතැම් විට ළමුන්ව දූෂණය කිරීම, ස්‌ත්‍රීන්ව දූෂණය කිරීම, අසම්මත සබඳතා ඇතිකර පවුල් සබඳකම් බිඳ දැමීමට උපදෙස්‌ පවා අන්තර්ජාලයෙන්ම නොමිලයේ ලබාගත හැක.

    අන්තර්ජාල පහසුකම් මෙරටට ලැබ ගෙවීගිය පසුගිය වසර 10-15 අතර කාලයේදී බොහෝවිට එය පරිහරණය කළ ඉහළ සමාජ පන්තියේ සහ නාගරික හා අර්ධ නාගරික ලංකා සමාජයේ දික්‌කසාදවීම් බහුලවීමට එය ද ප්‍රධාන හේතුවක්‌ වූ බවට අපි අනුමාන කරමු.

    බුදුදහමට අනුව යමෙක්‌ අපාගත වීමේ විවිධ ක්‍රියා පැහැදිලිව දක්‌වා ඇත. නමුත් අන්තර්ජාලය භාවිත කරන්නකුට එවැනි පස්‌පව් පිරෙන ඕනෑම ක්‍රියාවක්‌ කිරීමේ උපදෙස්‌ ද, එවැනි දැ කළ අයගේ අත්දැකීම් ද නොමිලේම ලබාගත හැකි බව අපගේ නිරීක්‍ෂණයට ලක්‌විය. මන්ද ලොව සිටින අමනයින් බහුතරය බුදුදහමින් පෝෂණය වූවන් නොවේ. මෙරට සාරධර්ම ගැන දෙසන බකපණ්‌ඩිතයන්ට තවම අන්තර්ජාලයෙන් සිදුවන අනතුර නොපෙනී ඇතිවාක්‌ සේය. අප අදහස නම් 21 වැනි සියවස ආරම්භයේදී මෙරට ආක්‍රමණය කළ භයානකම උපද්‍රවය මද්‍යසාර, දුම්වැටි හෝ මත්ද්‍රව්‍ය නොව අන්තර්ජාලයයි. මන්ද සෙසු ද්‍රව්‍ය ඇත්තේ සීමිත පිරිසක්‌ අතරය. නමුත් අන්තර්ජාලය ලොකු - කුඩා, උගත් - නූගත්, ළමා - මහලු, ශීල - දුෂ්ශීල සෑම අයකු වෙතටම බාධාවකින් තොරව පිවිසිය හැක හෝ නිවසටම ගෙන්වා ගත හැක.

    ළමයකු ප්‍රවෘත්ති නැරඹීම සඳහා බී. බී. සී. සේවය වෙත හෝ යමකු මෝටර් කාර් නැරඹීම සඳහා බී. එම්. ඩබ්. රථ තෝරා ගැනීමේදී යම් ආකාරයකින් එක්‌ අකුරක්‌ හෝ වැරැදියට එබුණොත් පිවිසිය හැක්‌කේ කිසිවකුත් බලාපොරොත්තු නොවන තරම් දූෂිත වෙබ් අඩවියකටය. එවැනි දේ ලොවපුරා සෑම තැනම සිදුවී ඇත. සිදුවිය හැක. අන්තර්ජාලයෙන් හඳුනාගන්නා මිතුදම් ද කෙළවර වන්නේ එවැනි දෙයකින් විය හැක. තවදුරටත් අප අමනයන් විලසින් අන්තර්ජාලයෙන් රටට හානියක්‌ වන තෙක්‌ බලා සිටිය යුතු ද යන්න විමසිය යුතුය. ශ්‍රී ලංකාවේ පාසල්වල Sජයදදක බැඑ කියා වෙබ් අඩවියක්‌ ඇත. නමුත් ඒ හරහා ද අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසිය හැකි බවට දැක්‌වේ.

    රජය වැඩිහිටියන්ට පමණක්‌ වූ සිනමාපට නාමිකව තහනම් කරන ලදී. නමුත් අන්තර්ජාලය පැතිරී ඇති අන්දම බලනවිට වැඩිහිටියන්ට පමණක්‌ වූ සිනමාපට රජය විසින් සියලුම වයස්‌ කාණ්‌ඩවලට නොමිලයේ පෙන්වනවාටත් වඩා දැඩි හානියක්‌ කරමින් අන්තර්ජාලය මගින් අසභ්‍ය දර්ශන කුඩා කොලුකුරුට්‌ටාගේ සිට මහල්ලා දක්‌වා සැමට මොහොතක්‌ මොහොතක්‌ පාසාම නැරඹිය හැක. දැනට දශකයකට පමණ පෙර වැඩිහිටියන්ට පමණක්‌ වූ සිනමාපට සඳහා බහුලව තරුණ කොටස්‌ ඇදී ගියත් අන්තර්ජාලය පැමිණි පසු වැඩිහිටියන්ට පමණක්‌ වූ සිනමාපට සඳහා බහුලව මැදි වයසේ හා මහලු පිරිමි සිනමාහල් කරා ඇදී යන බව පෙනී යන්නේ තරුණ කොටස්‌ එම අවශ්‍යතාව අන්තර්ජාලයෙන් ඉටුකරගන්නා හෙයිනුත්, මහල්ලන් බහුතරය අන්තර්ජාලයේ ඇති දෙය නොදන්නාකම හෝ එය භාවිත කිරීමේ නොහැකියාවක්‌ ඇති පිරිසක්‌ බව පෙනෙනා හෙයිනි.

    මෝඩ සිංහලයාට යමක්‌ හරිහැටි තේරුම් ගත හැක්‌කේ හානිය සිදුවී බොහෝ කාලයක්‌ ගියාටත් පසුවය. මන්ද වත්මන් සිංහලයා උපතින් අඩු බුද්ධියකට, කුඩා ශරීරයකට, කුඩා හිස්‌කබලකට උරුමකම් කියන බව පෙනේ. නමුත් වැදි ගෝත්‍රිකයන් පවා සාමාන්‍ය සිංහලයාට වඩා විශාල සිරුරක්‌, විශාල හිසක්‌ හා වැඩි බුද්ධියක්‌ ඇති බව අපට පෙනී ඇත. කෘෂි රසායන මිශ්‍ර ආහාර හා උපතේදීම ශරීරයට ඇතුළු කරන ප්‍රතිශක්‌තිකරණ ඖෂධ එයට එක්‌ හේතුවක්‌ විය හැකි බවට අපට සැකයක්‌ ඇති වී තිබේ. වත්මනේ දුගී පවුල් හි ඉපදී සිටින එවන් බුද්ධිහීන බහුතර සමාජය මෙම අන්තර්ජාල ක්‍රියා නිසා තවදුරටත් විකෘති මනසකින් පීඩාකාරී සමාජ අපගමනයකට යොමුවෙනවා මිසක්‌ විශේෂ බුද්ධියක්‌ අන්තර්ජාලය භාවිතයෙන් ලබා නොගනී. ඒ නිසා අනාගතය දෙසට දැන් පටන්ම ගමන් කරනුයේ නෂ්ට භ්‍රෂ්ඨ පරපුරක්‌ බව අපට අවිවාදයෙන් සඳහන් කළ හැක. ඇතැම් විට බුදුදහමේ දැක්‌වෙන කලියුගයේ ආරම්භක අවධියේ ලක්‌ෂණ අපට මේ අයුරින් දිස්‌වනවා විය හැක.

    මෙයට ගත හැකි පිළියම කුමක්‌ද? කළ යුතු දේ නම් අන්තර්ජාල සබඳතා මෙරටට වැදීම නතර කිරීමයි. දෙවැනිව අසභ්‍ය දර්ශන සියල්ල නිත්‍ය සේවක මඬුල්ලක්‌ ලවා ශෝධනය කර අන්තර්ජාල සේවාව මෙරටට ගෙන්වා ගැනීමයි. දැනටත් බහුතරයක්‌ මුස්‌ලිම් රටවල් එය කරන අතර Faජැ ඊදදන වෙබ් අඩවිය තහනම් කිරීමට ද පාකිස්‌තානය ආදී රටවල් පියවර ගෙන ඇත. තවද විකිලික්‌ස්‌ නම් වෙබ් අඩවියේ රාජ්‍ය රහස්‌ ද පිට වී ඇති නිසා රජයක කටයුතුවලට ඉදිරියේදී මෙයට වඩා දැඩි බලපෑමක්‌ අන්තර්ජාලයට එරෙහිව දැඩි පියවර නොගත හොත් ඇති විය හැක. ඉරාකයේ ඇමරිකානු යුද කඳවුරු තුළ ඇති අන්තර්ජාල පහසුකම්වල අසභ්‍ය දර්ශන ලබාගත නොහැකි බවට අපගේ මෙම පරීක්‍ෂණයේදී වාර්තා විණි. එයට එක්‌ හේතුවක්‌ විය හැක්‌කේ අසභ්‍ය දර්ශන නරඹා සොල්දාදුවන්ගේ මනස විකෘති නොවීමට ඇමරිකානු රජය පියවර ගෙන තිබීම විය හැක. තවද මෙරට ක්‍රියාත්මක ඉන්ටර්නෙට්‌ කැපේද වසා දැමිය යුතුය.

    තවද අන්තර්ජාල පහසුකම් අවශ්‍යම නම් ගොන්නුන්ට පුන්නක්‌කු ලබාදෙන්නාක්‌ මෙන් එය රටේ සෑම තැනම ව්‍යාප්ත නොකර අධ්‍යාපන ආයතන, සරසවිවලට ආදියට පමණක්‌ ශෝධනය කළ අන්තර්ජාල සේවය ලබාදිය යුතුය.


    එස්‌. එච්. පෙරේරා
    සමාජ විද්‍යාඥ



    source


    පසු සටහන:
    මෙම ලිපියේ සදහන් කරන ඈතැම් කරුණු අදට ප්‍රායෝගිකද යන ගැටළුව පැන නගී.කෙසේ නමුත් මෙම ලිපිය මෙහි පළකළේ සමාජයේ විවිධ පුද්ගල කොට්ඨාශ වල අදහස් දැන ගැනීම ඔබට ද වැදගත් යැයි සිතූ නිසා බව සලකන්න.