අන්තරේට ශාප කරනා අපේ කාලයේ මා - පියෝ

138

Banned
Oct 14, 2010
112
8
0
අන්තරේට ශාප කරනා අපේ කාලයේ මා - පියෝ

සරසවි සිසුන් අරගලකාරී විය යුතු ය, යන කතාවට මාන්නය හා මෝඩකම ද එක් වූ විට සිදුවන්නේ මහා විනාශයෙකි. අරගලකාරී වීම සම්ප්‍රදායෙන් හා ජානවලින් ගලා එයි. මාන්නය අවට සමාජය විසින් ගොඩනඟනු ලැබේ.

අන්තරය නම් සංවිධානය විසින් මෝඩකම එන්නත් කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ නූතන සරසවි ශිෂ්‍යයන් ඒ සියල්ලෙන් සන්නද්ධ බව අපගේ පිළිගැනීම ය. දැන් විනාශය සිදුවෙමින් පවතී. ශිෂ්‍යයෝ මහ පාරේ අරගල කරති. රජයේ ගොඩනැගිලිවලට කඩා වදිති. ඇමැතිවරුනට හූ කියති. අධ්‍යාපනය කඩාකප්පල් කර ගනිමින් නිස්කාරණේ නාකි වෙති.

චීනයේ සරසවි සිසුහු ඒ රටේ ආණ්ඩුවට එරෙහි ව පාරට බැස සටන් කළහ. ඉන් මහා විනාශයක් සිදුවිණි. චීන ආණ්ඩුව සිය ප්‍රතිපත්ති වෙනස් කළේ නැත. ශිෂ්‍යයන් ආර්ථිකය ගැන දැන සිටියේ නැත.

නූතන චීනය තව වසර කිහිපයකින් ලෝක බලවතා පසු කොට ඉදිරියට යනු ඇත. දකුණු කොරියාවේ ශිෂ්‍යයෝ ද, දකුණු අපි‍්‍රකාවේ ශිෂ්‍යයෝ ද එලෙස අරගලවල යෙදුණහ. ඒ දෙරටේ ම ශිෂ්‍යයන් අල්ලා හිරේ දමන ලදී.

රටේ නීතියට එරෙහි ව කටයුතු කිරීමේ අයිතියක් සරසවි ශිෂ්‍යයාට තබා රාජ්‍ය නායකයාටවත් නැත. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන් කිහිප දෙනකු චෝදනා මත රිමාන්ඩ් භාරයට ගෙන තිබේ.

ඉහත කී ශිෂ්‍යයන්ගේ මාපියෝ දින කිහිපයකට පෙර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමු වූහ. ඔවුන්ගේ කතාව දුක්බර ය. මවුපියන්ගේ අදහසට අනුව ඔවුන්ගේ දරුවන් අන්තරය හා ජනතා විමුක්ති පෙරමුණ විසින් නො මඟ යවනු ලැබ තිබේ.

මේ දරුවන් දේශපාලන වශයෙන් නො මේරූ, අත්දැකීම් අතින් හීන හැඟුම්බර තරුණයන් ය. ඔවුන් නොමඟ යැවූ පිරිසට හා සංවිධානවලට දඬුවම් දිය යුතු යැයි කියන වැඩිහිටියෝ නොමඟ ගිය දරුවන් ගැන අනුකම්පා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති. අනුකම්පාව, කරුණාව, සමාව දීම යනු වෙනත් කාරණා ය. වරදට දඬුවම් දීම යනු අනිවාර්යයෙන් සිදුවිය යුතු නියමයෙකි.

ශ්‍රී ලංකාවේ සරසවි ශිෂ්‍යයා යනු වාසනාවන්ත තැනැත්තෙකි. ඔහුට නොමිලේ අධ්‍යාපන පහසුකම් ලබා දී තිබේ. අවශ්‍ය තැනැත්තකුට ප්‍රථම උපාධිය පමණක් නො ව පශ්චාද් උපාධිය පවා නොමිලයේ ම ලබාගත හැකි ය.

ඉක්බිති ව අධි ශිෂ්‍යත්වයක් ලබා විදේශ රටක අධ්‍යාපනය ලද හැකි ය. විශ්වවිද්‍යාල කථිකාචාර්ය පදවියක් ලදහොත්; පඩි පිට සත් වසරක අධ්‍යයන නිවාඩු ලබා ගත හැකි ය.

ප්‍රථම උපාධිය ලබාගත් පිරිසට රාජ්‍ය අංශයේ රැකියා ලැබේ. ඒ සඳහා රජය විශේෂ කැපවීමක් කරයි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට ඇති අවස්ථා හා උසස් අධ්‍යාපනයට දක්වන සැලැකිල්ල වෙනත් රටවල දක්නට නො ලැබෙන තත්ත්වයෙකි. කමකට නැති දේශපාලනයක් බදාගන්නා ඇතැම්හු මේ අනගි අවස්ථා අපතේ හරිමින් ජීවිතය නාස්ති කර ගනිති.

අපේ සරසවි තුළ අන්තරය විසින් මෙහෙයවනු ලබන පාතාල කල්ලිවලට සමාන මැර කණ්ඩායම් සිටින බව දැනගන්නට ලැබේ. පේරාදෙණියේ මෝරා, කොළඹ මාරා, රුහුණේ බස්සා යනා දී ලෙසින් ඔව්හු හඳුන්වති. සරසවි පාලනය වනුයේ ඔවුන්ගේ අනු - දැනුම මත ය.

පොදු ශිෂ්‍යයෝ ඉහත කී පාතාල කල්ලිවලට බියෙන් තම හැඟීම්, මතවාද හා ඉලක්ක අත්හරිති. ඉහත කී පාතාල කල්ලි විසින් පොදු සිසුන්ගේ සියලු සංවිධාන පමණක් නො ව ස්වාධීන මත පවා මර්දනය කරනු ලැබේ. ඒ අනුව බලන විට අධ්‍යාපනයට අවශ්‍ය වූ නිදහස් පරිසරයක් මෙරට විශ්වවිද්‍යාල තුළ නැත. එය වහාම වෙනස් විය යුතු ය. ඒ වෙනස්වීම කළ හැක්කේ රජයට පමණි.

උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා අපගේ විශ්වවිද්‍යාල පද්ධතියට අලුත් ජවයක් දීමට සැලැසුම් සකස් කර තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වනු දක්නට ලැබේ. ඒ මහතාගේ එක් අදහසක් වන්නේ මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය අන්තර්ජාතික මට්ටමින් ඉහළ නංවා නූතන ලෝකය හා පෑහෙන දැනුමකින් ශිෂ්‍යයා සන්නද්ධ කිරීම ය. තවත් අදහසක් වන්නේ විශ්ව විද්‍යාලවලට ඇතුළත් කර ගන්නා සිසුන්ගේ ප්‍රමාණය වැඩිකිරීම ය.

තවත් අගනා අදහසක් වන්නේ විදේශීය සිසුනට මෙරට අධ්‍යාපන අවස්ථා උදාකර දීම ය. එමෙන් ම මෙරට සිසුනට විදේශීය මට්ටමින් යුතු උපාධි ලබාගැනීමට අවස්ථාව උදාකර දීම ය. මේ එක ඉලක්කයක්වත් නරක නැත.

මෙරට විශ්වවිද්‍යාල තව ම පවතින්නේ සාම්ප්‍රදායික තත්ත්වයේ ය. ඒවා වැඩිදියුණු විය යුතු බව විද්වතුන්ගේ මතය වේ. කලකට පෙර මෙරට මහාචාර්යවරු තොග පිටින් විදේශ රටවලට ගියහ.

ඔවුන්ගේ මතය වූයේ වැඩි පඩි ලබාගැනීම සඳහා ම එසේ පිටත් නොවූ බව ය. සාම්ප්‍රදායික විශ්වවිද්‍යාල තුළ සිට තම දැනුම හා කුසලතා මොට කර ගැනීමට උගත්හු කැමැති නො වෙති. ඇමැති එස්. බී. දිසානායක මහතාගේ වැඩපිළිවෙළට මෙරට උගතුන්ගේ අනුමැතිය හා ප්‍රශංසාව හිමිව තිබේ.

එහෙත් අවාසනාවක් ද තිබේ. එනම්; විශ්වවිද්‍යාල පද්ධතියේ සිදු වන යහපත් පරිවර්තනයට එකඟ නො වන කණ්ඩායමක් සිටීම ය. ඔව්හු ශිෂ්‍යයන් මුළා කොට කඩාකප්පල්කාරී වැඩවලට යොමු කරති.

ජනතා විමුක්ති පෙරමුණ මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ බලහත්කාරකම් කරන බව කව්රුත් දනිති. එය විවේචනයට ලක් කරනු විනා ඊට එරෙහි ව පියවරක් ගෙන ශිෂ්‍යයන්ගේ අනාගතය මල් ඵල ගැන්වීමට වෑයම් කළ කෙනකු දක්නට නැත.

අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය හා ජනතා විමුක්ති පෙරමුණ දක්වන ශිල්ප ඉදිරියෙහි බොහෝ බලධාරීන් දුර්මුඛ වූ බවක් අප දැක තිබේ. දැන් – දැන් ඒ තත්ත්වය වෙනස් වෙන්නට පටන් ගෙන තිබේ.

මෙහිදී වැඩිහිටි ප්‍රජාවගෙන් ද යම් වැඩ කොටසක් ඉටු විය යුතු බව අපගේ හැඟීම ය. තමන්ගේ දරුවන් ගැන සෙවිල්ලෙන් පසුවීමත් ඔවුන්ගේ අනාගතය ගොඩනැඟීමත් වැඩිහිටි පරපුරට භාර කටයුත්තෙකි.

මවුපියනි, ඔබ ගේ සරසවි දරුවා නොමඟ ගොස් තිබේ ද? වහා ම සොයා බලන්න!
 

138

Banned
Oct 14, 2010
112
8
0
ජවිපෙට අවශ්‍ය විශ්වවිද්‍යාල සිසුන් කිහි&

ජවිපෙට අවශ්‍ය විශ්වවිද්‍යාල සිසුන් කිහිපදෙනකු මරාදමා හෝ තම බලය රැකගැනීමටයි
n1010219.jpg

ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය විශ්වවිද්‍යාල සිසුන් කිහිප දෙනෙකු මරා දමා හෝ තමන්ගේ බලය රැක ගැනීමට බව උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා පවසයි. මේ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නවක සිසුන් උද්ඝෝෂණ, පිකටින් ආදියට මෙන්ම පහර දීම්වලට ද යොදා ගන්නා බව ඒ මහතා ප්‍රකාශ කරයි.

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට පහර දීම පිටුපස ද ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සිසුන් සිටින බවත් ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා වරදකරුවන් වන ශිෂ්‍යයින් විශ්වවිද්‍යාලයෙන් අස් කර දමන බවත් දිසානායක මහතා ඊයේ (20) උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කෙළේය.

ඉකුත් දා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට කඩා වැදී දේපළ වලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන්ගෙන් වැඩි දෙනා නවක සිසුන් බවත් එම සිසුන්ට නවකකවදය දී බිය ගන්වා එම අවස්ථාවට සහභාගි කරවා ගෙන ඇති බවට තොරතුරු තිබෙන බවත් ඇමැතිවරයා සඳහන් කෙළේය.

දැනට බන්ධනාගාර ගතව සිටින එම සිසුන් ඒ බව සඳහන් කර ලිපියක් ලියා මවුපියන්ගේ මාර්ගයෙන් තමන්ට ලබා දුන් බවද හෙතෙම කීවේය. විශ්වවිද්‍යාලවල ජනතා විමුක්ති පෙරමුණට පැවැති බලය අද වන විට ගිලිහෙමින් තිබෙන බවත් එය රැකගැනීම උදෙසා නවක සිසුන් මෙවැනි ක්‍රියාවන්ට සම්බන්ධ කරවා ගන්නා බවත් දිසානායක මහතා පැවැසීය. විශ්වවිද්‍යාල සිසුන්ගේ මවුපියන් අද මේ තත්ත්වය හොදින් අවබෝධ කරගෙන සිටින බවද කීවේය.

ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සඳහා සිසුන්ට බස්රථ ලබා දීමෙන් ප්‍රවේශම් වන ලෙසද ඇමැතිවරයා මෙහිදී බස් රථ හිමියන්ගෙන් ඉල්ලීමක් කෙළේය. බස් රථ හිමියන් පිළිබඳව මවුපියන් කෙරෙහි දැඩි විරෝධයක් තිබෙන බවත් ඇමැතිවරයා අවධාරණය කෙළේය.

මෙහිදී උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවෙන්, පළාත් සභාවෙන්, ප්‍රාදේශීය සභාවෙන් මෙන්ම වෘත්තීය සමිති මට්ටමින්ද අද වන විට ජනතා විමුක්ති පෙරමුණේ බලය ගිලිහී ගොස් ඇති බවයි.

දැඩි වගකීමෙන් යුතුව උපක්‍රමශීලීව විධිමත් සැලසුමක් ඇතුව කටයුතු කරන බව ප්‍රකාශ කළ යුතුය.
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    රටේ අනාගතයට අනිවාර්යයෙන්ම කලයුතු දෙයක මේක. antharaya කැම්පස් එකෙන් ගිලිහින කොට තමයි අධ්යාපනයට හොඳ කාලයක් ලැබෙන්නේ
     
    Last edited:

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මෝඩ හැත්ත ... මුන්ට පොතේ දැනුම තිබ්බට සාමන්‍ය දැනීම බිංදුවයි......
     

    chandana02187

    Member
    Apr 7, 2007
    18
    1
    3
    අන්තරේ ඉතිහාසය ගෙන දන්නවද? එස්. බී. තුමත් එකෙ හිටපු සභාපති කෙනෙක්. චම්පික, රතන හාමුදුරුවො එහෙමත් ඒකේ ඉදල තියෙනවා.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කවුරැ හිටියත් අන්තරය කරපු වැඩ වැරදියි. තරැණ කාලයේ අන්තරයට වැඩකරපු අය දැන් තමන්ගේ තරැණ කාලයේ නොමග හියපු එක ගැන දුක් වෙනවා. ගැන නම මම දන්නේ නෑ. මට ආරන්චි වුනු විදිහට සමවාදී ශිෂ්ය සංගමයේ සභාපති වෙලා හිටියා. නමුත් චම්පිකයි රතන හාමුදුරුවොයි තරැණ කාලයේ අන්තරයට වැඩකලා. නමුත් දැන් ඔවුන් අන්තරයේ ක්‍රියා අනුමත කරනවාද ?
     

    unlimit

    Active member
  • Jun 29, 2010
    241
    31
    28
    හිටියේ කවුද කියන එක නෙවෙයි ප්‍රශ්නය ... අහිංසක ළමයි ගේ අධ්‍යපනය මොවුන්ගේ පැවැත්මට යොදා ගැනීමයි
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    me jvp karayonva elavanna one campus hadanna one nam

    ape evun me parath jvp karayo 3k parliment yavvvame:angry::angry:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    අන්තරෙ ශාපයක් වෙන තරමටම වර්දනෙ වෙලා නම් එකට ඇස්.බි මහත්තයත් වග කියන්න ඔනි මොකද එ මහත්තයා 70වෙදි අන්තරෙ ප්‍රදාන කැදවුම්කරු වෙලා හිටියා ,අන්තරෙ දන්නවා ඇස්.බි කරන්න යන දෙවල් ඇස්.බි දන්නවා අන්තරෙ නටන්න හදන තොවිලය ,දෙපැත්තම එගොල්ලොන්ට සරදමක්වෙලා දගලනවා මැද ඉන්න අපි ගැන කව්රුත් හිතන්නෙ නැ
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අන්තරෙ ශාපයක් වෙන තරමටම වර්දනෙ වෙලා නම් එකට ඇස්.බි මහත්තයත් වග කියන්න ඔනි මොකද එ මහත්තයා 70වෙදි අන්තරෙ ප්‍රදාන කැදවුම්කරු වෙලා හිටියා ,අන්තරෙ දන්නවා ඇස්.බි කරන්න යන දෙවල් ඇස්.බි දන්නවා අන්තරෙ නටන්න හදන තොවිලය ,දෙපැත්තම එගොල්ලොන්ට සරදමක්වෙලා දගලනවා මැද ඉන්න අපි ගැන කව්රුත් හිතන්නෙ නැ

    ඇස් බී කියනවා
    අපි ඉන්න කාලේ අපි දේශපාලනය කලාට අපි ඉගෙන ගැනිමත් කලා කියලා
    එයාත් හිටපු දැන් දේශපාලන නොවන පිළිගත් බුද්ධිමතුන් ලිස්ට් එකක් ඉදිරිපත්කලා

    එකට දැන් බලන්න

    අර උදුල

    අවුරුදු ගණනාවක් විභාග නොකිරිම නිසා අයින් කරලා
    මේ පාර ලමයින්ට විභාග ලියන්න දීලා නැහැ ජෙවිපි ඇතුලු අන්තරෙන්:angry::angry:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    ඇස් බී කියනවා
    අපි ඉන්න කාලේ අපි දේශපාලනය කලාට අපි ඉගෙන ගැනිමත් කලා කියලා
    එයාත් හිටපු දැන් දේශපාලන නොවන පිළිගත් බුද්ධිමතුන් ලිස්ට් එකක් ඉදිරිපත්කලා

    එකට දැන් බලන්න

    අර උදුල

    අවුරුදු ගණනාවක් විභාග නොකිරිම නිසා අයින් කරලා
    මේ පාර ලමයින්ට විභාග ලියන්න දීලා නැහැ ජෙවිපි ඇතුලු අන්තරෙන්:angry::angry:


    මම අන්තරො අයියලා සුද්ද කරන්න හැදුවෙ නැනෙ...මම කිව්වෙ අන්තරෙ ශාපයක් වෙන තරමට වර්දනෙ වෙලානම් එකෙ ඇස්.බි මහත්තයාත් හවුල්කාරයෙක් කියලා විතරයි , මට ඇහිච්ච විදියට එ දවස්වල ඇස්.බි මහතයා ශිශ්යන් වෙනුවෙන් සටන් කරලා ගොඩක් දෙවල් ලබාදිලා තියෙනවා , ජ.පුර පරිපාලන ගොඩනැගිල්ලෙ වහලට නැගලා බිමට පනිනවායි කියලා ශිශ්යන් වෙනුවෙන් ඉල්ලිම් ඉටුකරලා දුන්න පුද්ගලයෙක්ලු ඇස්.බි , එ ඇස්.බිමද අද ඉන්නෙ කියලා සැකයි මොකද අද එදාට වැඩිය සම්පත් හිගයක් තියෙද්දි එක එහෙම නෙමෙයි කියන තරමට ඇස්.බි මහතා පත්වෙච්ච එක ගැන දුකයි
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    අන්තරේ ගැන කථා කරල වැඩක් නෑ...... උන්ට ඕනේ වලියක්....අපේ පලවෙනි පිරිත දවසෙ ෆැකල්ටි එකට එන පාර සරසන්න ගිහිමුත් මුන් අපි එක්ක වලියක් ඇදගන්න ආව......

    එත් අන්තර් අය කරන වැරදි වලට දේන්න යන විසදුම් එහෙම්ත් නැත්තම් අන්තරේ බලය නැති කරන්න කරන්න යන දෙවල් හින්ද කැම්පස් ඇතුලේ ඉන්න ගිය වැඩේ හරියට කරන අයගේ තියන ප්‍රශ්නත් යට ගහන්න හදනවනම් එකට මම විරුද්ධයි......

    නිකන් හිතන්න දැන් රටෙම අඩ බෙර ගහනව පුද්ගලික විශ්ය විද්‍යාල ගෙන එක ගැන දෙපත්තෙන්ම.....පුද්ගලික විශ්ව විද්‍යාල ඇතිවෙන එක හොද දෙයක්....රජයේ විශ්ව විද්‍යාල වලට හොද පසුබිමක් හදනනේ නැතුව පුද්ගලික් විශ්ව විද්‍යාල ගෙනවොත් ෆැකල්ටි 2ක් 3ක් ඇරෙන්න අනිත් ඔක්කොම අර දැන් ඉස්කොල වල් වදිනව වගේ වල් වැදිල වැහිල යන්න ගනී ...එකද වෙන්න ඕනේ ??? අපේ ආචර්ය වරු වැඩි පඩියක් හම්බෙන පුද්ගලික විශ්ව විද්‍යාල වල රැකිය හොයගෙන යයි. මොකද එවත් එක්ක කරට කර පඩි ගෙවන්න බෑ කියන එක තිත්ත ඇත්තනෙ... මම බිල්ලො පෙන්නනව නෙමෙ මම කියන්නෙ කරනදෙ හරි සැලසුමකට කරෙ නැත්තම් අපි කබලෙන් ලිපට වැටෙනව.....
     

    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    hmmm

    අන්තරේ ගැන කථා කරල වැඩක් නෑ...... උන්ට ඕනේ වලියක්....අපේ පලවෙනි පිරිත දවසෙ ෆැකල්ටි එකට එන පාර සරසන්න ගිහිමුත් මුන් අපි එක්ක වලියක් ඇදගන්න ආව......

    එත් අන්තර් අය කරන වැරදි වලට දේන්න යන විසදුම් එහෙම්ත් නැත්තම් අන්තරේ බලය නැති කරන්න කරන්න යන දෙවල් හින්ද කැම්පස් ඇතුලේ ඉන්න ගිය වැඩේ හරියට කරන අයගේ තියන ප්‍රශ්නත් යට ගහන්න හදනවනම් එකට මම විරුද්ධයි......

    නිකන් හිතන්න දැන් රටෙම අඩ බෙර ගහනව පුද්ගලික විශ්ය විද්‍යාල ගෙන එක ගැන දෙපත්තෙන්ම.....පුද්ගලික විශ්ව විද්‍යාල ඇතිවෙන එක හොද දෙයක්....රජයේ විශ්ව විද්‍යාල වලට හොද පසුබිමක් හදනනේ නැතුව පුද්ගලික් විශ්ව විද්‍යාල ගෙනවොත් ෆැකල්ටි 2ක් 3ක් ඇරෙන්න අනිත් ඔක්කොම අර දැන් ඉස්කොල වල් වදිනව වගේ වල් වැදිල වැහිල යන්න ගනී ...එකද වෙන්න ඕනේ ??? අපේ ආචර්ය වරු වැඩි පඩියක් හම්බෙන පුද්ගලික විශ්ව විද්‍යාල වල රැකිය හොයගෙන යයි. මොකද එවත් එක්ක කරට කර පඩි ගෙවන්න බෑ කියන එක තිත්ත ඇත්තනෙ... මම බිල්ලො පෙන්නනව නෙමෙ මම කියන්නෙ කරනදෙ හරි සැලසුමකට කරෙ නැත්තම් අපි කබලෙන් ලිපට වැටෙනව.....


    Kathawa aththa,,,karene deyak,,,hode salesumak athuwa karanne onee..mokade education kiyanne , rate anagathaya nisa
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,328
    1,373
    113
    Colombo
    අන්තරේ ඉතිහාසය ගෙන දන්නවද? එස්. බී. තුමත් එකෙ හිටපු සභාපති කෙනෙක්. චම්පික, රතන හාමුදුරුවො එහෙමත් ඒකේ ඉදල තියෙනවා.


    :lol::lol::lol::lol::lol::D:D:D