අන්තරේ ක්‍රියාකාරී සිසුන් දෙදෙනෙක් මරුට
ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී අද (27) අළුයම් කාලයේදී සිදු වූ රිය අනතුරකින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මුල් පෙළ කි්‍රයාධරයන් දෙදෙනෙකු මිය ගිය බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නිවේදනය කරයි. දැන් සිදුකරගෙන යන අන්තරයේ සිසු පාගමනේ සංවිධානය කටයුතු වල නියැලී සිටියදී ඔවුන් ගමන් ගත් යතුරු පැදිය අනතුරකට ලක්ව ඇති බව පැවසේ.
මෙසේ අවසානාවන්ත ලෙස මියගොස් ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ කි්‍රයාකාරී සාමාජික වාණිජ්‍ය හා කළමනාකරණ පීඨයේ අවසන් වසර ඉගෙනුම ලැබූ ජානක බණ්ඩාර ඒකනායක (ජායාරූපෙයේ වම්පස) සහ රුහුණ විශ්වවිද්‍යාලයේ ඉදිරිපෙළ කි්‍රයාකාරිකයකු වූ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ පළමු වසර ඉගෙනුම ලැබූ එච්.පි. සිසිත ප්‍රියංකර ද සිල්වා (ජායාරූපයේ දකුණු පස) යන ශිෂ්‍යයින් දෙදෙනා ය.
අවසන් කටයුතු පිළිබඳ විස්තර දැනුම් දෙන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි