🛑රට පුරා විරෝධතා මාලාවක් අරඹනවා.. NPP ශිශ්‍ය ව්‍යාපාරය

hitter

Well-known member
  • Dec 4, 2016
    4,179
    6,077
    113
    ශිෂ්‍ය ගැටලුවලට විසඳුම් ඉල්ලා දැවැන්ත විරෝධතා ව්‍යාපාර මාලාවක් රටපුරා ආරම්භ කරන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි.

    එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කරන්නේ තමන් මේ වන විට සමස්ත විශ්වවිද්‍යාල සිසුන් දැඩි අපහසුතාවයට පත් කරමින් විශ්වවිද්‍යාල පද්ධතියම වලපල්ලට ඇද දමන බවයි.

    ඒ පිළිබඳව ආණ්ඩුව හා අධ්‍යාපන අමාත්‍යාංශයට අවස්ථා ගණනාවකදීම දැනුම්දීම කළත් ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු කර නැති බවත් ඔහු පැවසීය.

    විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ සහනාධාරය මාස ගණනකින් ගෙවා ඇති බවත් එම ශිෂ්‍යාධාරය ඉහල දමා නැති බවත් පැවසූ ඔහු සිසුන් රැසකටම අද වන විට නේවාසික පහසුකම් ඇති බවත් ආහාර මිළ නැවත නවාතැන් ගාස්තු ද ඉහළ ගොස් නැති බවත් එනිසා ඔවුනට පහසුකම් සැලසීමට රජය මැදිහත් විය යුතු නැති බවත් ඔහු පැවසීය.

    සිසුන්ට ක්‍රීඩා පහසුකම්, දේශන ශාලා පහසුකම්, අධ්‍යාපන උපකරණ පහසුකම් ඇති බවත් අධ්‍යාපන පද්ධතියම වළපල්ලට යවා නැති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    34,438
    41,709
    113
    සේදවත්ත
    අප්පො මේ මහා සිස්ස සංගමය නම් පාපයක් . මුං කරන්නේ පෙලපාලි යන එක තමා . තාක්ශනික අධ්‍යාපනික පුණරුදයක් ඇති කරන්න මොනාම හරි වැඩක් කරල නම් නෑ දන්න ඉතිහාසෙක .