අන්තරේ සැබෑ මෘග මුහුණ එළියට.
සයිටම් විරෝධතාවන්ට සහභාගී නොවුනා කියා පේරාදෙණිය සිසුන් 8 ක් පැහැරගෙන ගොස් රහසිගත නිවසක රාත්‍රියක් පුරා වධ දීලා.
සයිටම් විරෝධී උද්ඝෝෂණ වලට සහභාගී නොවුනැයි පේරාදෙනිය සරසවියේ නවක සිසුන් 8 දෙනෙකු බලහත්කාරයෙන් සරසවි භූමියෙන් පැහැරගෙන තාවකාලික කුලී නිවසකට ගෙන ගොස් රාත්‍රියක් පුරා වධ දෙමින් සිටියදී පේරාදෙණිය පොලිසිය කරන ලද වැටලීමකදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ වධකයන් 15 දෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 2 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.ඒ මහනුවර අතිරේක මහේස්ත්‍රාත් රංගනී ගමගේ මහත්මිය දුන් නියෝගයක් අනුව ය.
පේරාදෙණිය සරසවියේ වධයට ලක් වූ සිසුන් 8 දෙනාට නිරුවත් කර පොලුවලින් පහර දී ඇති නමුත් ඔවුන් වැඩියෙන් රෝගාතුර වී ඇත්තේ බලහත්කාරයෙන් සිසුවියන්ගේ මුත්‍රා බොන්න දීමෙන් පවතින වමනය නිසා යයි පොලිසිය පවසයි. වධකයන් සිසුවියන් ලවා බෝතල් වලට මුත්‍රා කරවා ඒවා බලහත්කාරයෙන් මේ සිසුන්ට පොවා තිබේ. සිසුන් මේ වන විට මානසික වෛද්‍යවරයෙකු වෙත ද ඉදිරිපත් කර ඇත.
අමානුෂික වධයට ලක් කළ පේරාදෙණිය සරසවියේ කෘෂි විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ වධකයන් අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ සාමාජිකයන් මෙන්ම පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයන් බව හෙළි වී ඇතැයිද පොලිසිය පවසයි. වධකයන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසු පෙරටුගාමී පක්ෂයේ 8 දෙනෙකු ඔවුන් බැලීමට බන්ධනාගාරයට පැමිණි බවත් ඉන් 5 දෙනෙකුට ඔවුන් හමුවීමට අවසර ලැබී තිබූ බවත් වාර්තා වේ.
වධකයන් අතර වයස අවුරුදු 31 සහ 32 දෙදෙනෙකු සිටින අතර ඒ තරම් වයස අය සිසුන් ලෙස සරසවියක දෙවන වසරේ උගෙන ගනිමින් සිටීම අසාමාන්‍ය බැවින් ඔවුන් සරසවි සිසුන්මදැයි සහතික කර ගැනීමට සරසවි පාලකයන්ගේ සහාය පතා ඇත. පැහැරගැනීමට භාවිතා කළ වෑන් රිය මෙතෙක් අත් අඩංගුවට ගෙන නැත.
වධයට ලක්වූ සිසුන් සිසුන් 8 දෙනා පේරාදෙණිය කෘෂි විද්‍යා පීඨයේ සිසුන් වන අතර වධ දුන් වධක සිසුන් දෙවැනි වසරේ සිසුන් යැයි කියන නමුත් පිට පුද්ගලයන් ද ඒ අතර වෙතැයි පොලිසිය සැක කරන බැවින් ඔවුන් නිසැකවම සරසවි සිසුන් දැයි දැන ගැනීම සඳහා විශ්ව විද්‍යාලයෙන් සහතිකයක් ඉල්ලා තිබේ.
සයිටම් විරෝධතා වලට අඩුවෙන්ම සහභාගී ඇත්තේ කෘෂි විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුන් වන අතර අන්තරේ වධකයන් සිසුන් 20 ක් පමණ දෙනා සොයමින් සිට ඇත.
මෙම සිසුන් පැහැරගෙන ගොස් ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විනය පාලක වරයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පේරාදෙණිය පොලිසිය වැටලීම කරද්දී පාන්දර 2 ට පමණ වන අතර ඒ වන විටත් අන්තරේ ජ්‍යෙෂ්ඨයෝ නවක සිසුන් 8 දෙනා වධ බන්ධනයට ලක් කරමින් සිටියහ.
පේරාදෙණිය හිඳගල මෙගොඩ කළුගමුව ප්‍රදේශයේ පිහිටා තිබූ මෙම නිවස කුලියට ගෙන ඇත්තේ ද මාස දෙකකට පමණි. සරසවි සිසුන් නිවසක් කුලියට ගන්නවා නම් අඩුම වශයෙන් වසරක කාලයකට කුලියට ගන්නා බැවින් මෙම ස්ථානය සරසවි සිසුන්ගේ නවාතැනක් විය නොහැකි යයිද මෙය අන්තරේ නීති විරෝධී මාෆියා ක්‍රියා සඳහාම තාවකාලිකව කුලියට ගත් ස්ථානයක් බව පෙනී යන්නේ යයි පොලිසිය පවසයි.
වධයට ලක්වූ සිසුන්ට අමානුෂික ලෙස පහර දී තිබෙන අතර ඔවුන් රෝහල් ගත කර ඇත. දෙදෙනෙකු තවමත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති.
මෙය නවක වධ සිද්ධියක් යැයි කියා යටපත් කිරීමට උත්සාහ කළද සරසවි ආරම්භ කර මේ වන විට මාස 2 ක් පමණ වී ඇති බැවින් මෙය නවක වධය දීමක් නොව පළිගැනීමක් බව පෙනී යන නමුත් වධයට ලක්වූ සිසුන් බියට ඒ බව පොලිසියට පවසා නැතැයි පොලිසිය කියයි.
මෙදිනම සිසුවියන් දෙදෙනෙකු ද වධයට ලක් කර ඇති අතර ඔවුන් දණහිසෙන් ඇවිද්දවීම හේතුවෙන් දණහිස් තුවාල වී තිබේ. එම සිසුවියන් හෝ දෙමාපියන් හෝ බියට පොලිසියට පැමිණිලි නොකරති.
කෙසේ වෙතත් මෙය සාමාන්‍ය නවක වධය දීමක් ලෙස සැලකිය නොහැකිය. සාමාන්‍ය නවක වධය දීමක් නම් එය සරසවි භූමිය තුල හෝ නේවාසිකාගාරයක් තුල සිදුවිය යුතුවා මිස සැලසුම් සහගත ලෙස වෑන් රථ වලින් තරුණයන් පැහැර ගනිමින් වෙනම පවත්වාගෙන යන වධකාගාර වෙත ගෙන ගොස් තමන්ට අවනත වනතුරු වධයට පැමිණවීමක් සිදුවිය නොහැකිය. එසේ වන්නේ නම් එය ‘නවක වධය‘ යන චෝදනා යටතේ ගිිනිය නොහැකිය. මෙම ක්‍රියාව පැහැදිලිවම ත්‍රස්තවාදී ක්‍රියාවකි. තම දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා ‘ත්‍රස්තවාදය‘ භාවිතා කිරීමකි. නමුත් සරසවි පාලකයන් තම සරසවියේ ‘ගෞරවය‘ සඳහා යැයි කියමින් ඒ සඳහා ක්‍රියා නොකරන බවත් පොලිසියට ඒ සඳහා සහායක් නොදෙන බවත් ලංකා ඊ නිව්ස් වෙත දැන ගන්නට ලැබී තිබේ.
නිදහස ලබා ගැනීමෙන් පසුව ආරම්භ වී, නිදහස් අධ්‍යාපනයත් සමග වරපැන නැගී විත් ජවිපෙ දේශපාලනය සරසවි වසාගැනීමෙන් පසු පෙරටුගාමීන් දක්වා වන විට ත්‍රස්තවාදී ක්‍රියාවන් සේ වර්ධනය වී ඇති මෙම ‘නවක වධය‘ නම් අශිෂ්ඨ ක්‍රියාදාමය නතර කර ගැනීමට ශත වර්ශ භාගයකට වඩා වැඩි කාලයක් තිස්සේ සරසවි පාලකයන් මෙන්ම රට පාලනය කළ බලධාරීන් ද අපොහොසත් වීම ගැන රටක් ජාතියක් ලෙස ලජ්ජාවට පත් විය යුතුය. මන්ද යත් මේ වන විට ශිෂ්ඨාචාරගත රටවල මෙවැනි දේවල් සිදුනොවනවා මෙන්ම ඒ සඳහා දඬුවම් දෙන්නේ ඒ රටවල පවතින සාමාන්‍ය නීතිය යටතේම මිස සිසුන්ට කියා විශේෂත්වයක් නොමැතිව බැවිනි. දැඩි දඬුවම් දීම මෙන්ම සිසු සිසුවියන්ද, දෙමාපියන්ද, බලධාරීන්ද එකට ගැට ගැසුනු, තනි තනි සිසුවා සරසවියේ සිටින තුරු නිරීක්ෂනය කෙරෙන දැවැන්ත අධ්‍යාත්මික, අධ්‍යාපනික, නවීන තාක්ෂනික වැඩ සටහනකින් තොරව මේ ගෝත්‍රික ක්‍රියාව නතර කළ නොහැකිය. නියැන්ඩර්තාල් වම්මුන්ට රටක අනාගත පරම්පරාවක් මානසික අබ්බගාතයන් කිරීමට තවත් ශත වර්ශ භාගයක් ඉඩ දී බලා සිටිනවාද කියා වගකිව යුත්තන් කල්පනා කළ යුතුය.
Source - amarasara , enews
********************************************************************************************************
සිසුවකුගේ කන පැලූ සබරගමුවේ සිසුන් තිදෙනා සරසවියෙන් නෙරපයි
ශිෂ්‍ය නියෝජිත රැස්වීමකට සහභාගි නොවූ බව කියන සිසුවකුගේ කන පැලෙන්න පහර දුන් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් තිදෙනකුගේ ශිෂ්‍යභාවය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට පරිපාලන අංශ පියවර ගෙන තිබේ.
මෙම සිසුන් තිදෙනා එම විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තෙවැනි වසරේ වන අතර පහර කෑමට ලක්වූ ශිෂ්‍යයා ද එම වසරේමය. පසුගිය නොවැම්බර් මාසයේ කර ඇති මෙම පහරදීමෙන් පසුව විධිමත් විනය පරීක්ෂණයක් පවත්වා පාලක සභාවට ද ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ඉවත් කිරීමේ තීරණය ගෙන ඇත.
ඡේ. එල්. එච්. නවංග, ඡේ. ඩී. ලයාන් රූපසිංහ හා පී. කේ. එරංග යන සිසුන්ගේ ශිෂ්‍යභාවය මෙලෙස අහෝසි කර තිබේ. ඔවුන්ගේ පහර කෑමට ලක්වූ දෙබරවැව ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යයා තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි.
දඬුවමට ලක්වූ සිසුන් තිදෙනා ඒ සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කර ඇති අතර එම අභියාචනා සලකා බැලීම සඳහා කමිටුවක් පත් කරනු ලැබ ඇත.
source - http://www.divaina.com/2017/02/23/news02.html

Last edited:
.