අන්තවාදයට හසුවු මුහුදු මහා විහාරය
රටක ජාතියක අභිමානය ඔදවඩවන සාධක අතරින් අතීත උරුමයන්ට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. ලොව වෙනත් කිසිදු රටකට, ජාතියකට දෙවැනි නොවන අභිමානවත් ඉතිහාසයක්, ලොවක් වසඟ කළ විශ්මිත වූ අතීත උරුමයක් අපට හිමිය. බුදුදහම සමඟ බැඳුනු සිංහල ජනතාවගේ ආධ්‍යාත්මයේ පෙළහර කියාපාන එවැනි නිර්මාණ අදත් ලොවම මවිතයට පත්කරයි.
එහෙත් එම දායාදයන් කෙළෙසන්නට මෙරට ක්‍රියාත්මක
අන්තවාදී මූලධර්මවාදී කණ්ඩායම් ක්‍රියා කරන්නේ නම් එය කෙසේ නම් ඉවසමුද? අප ඔබට පවසන්නේ එවැනි අවසනාවන්ත වූ සිදුවීමකි.
ස්ථානය පොතුවිල් මුහුදු මහා විහාරයයි.
දිනය පසුගිය 08 වැනිදායි. වේලාව සවස 3.00 පමණ විය.
පොතුවිල් මුහුදු මහාවිහාරයට අයත් භූමියට ඩෝසර් රථයක් පැමිණෙන්නේ විසි දෙනකුගෙන් පමණ යුත් කණ්ඩායමක් සමගය. කිසිදු අවසරයකින් තොරව එසේ පැමිණි කණ්ඩායම පුදබිමට අයත්භූමිය ඩෝසර් කිරීමට පටන් ගනී. එම ශබ්දය ඇසුණු විහාරාධිපති වරකාපොළ ඉන්ද්‍රසිරි හිමි පැමිණ බලන විට සිදුවන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව
වික්ශිප්ත විය. මොහොතකින් උන්වහන්සේට සියල්ල පැහැදිලි විය. පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර ඇති භූමිය මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් විසින් ඩෝසර් කරමින් තිබෙන බව උන්වහන්සේට අවබෝධ විය. වහා ක්‍රියාත්මක වූ ඉන්ද්‍රසිරි හිමියෝ විහාරස්ථානයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා සමග එම ක්‍රියාවට එරෙහිව තම විරෝධය පළ කළහ. එහෙත් ඒ වගක් නොගත් පැමිණි පිරිස විහාරාධිපති හිමියන්ට සහ පොලිස් නිලධාරියාට තර්ජනය කර ඔවුන්a ආ කාර්යය දිගටම කරගෙන ගියේ තමන්ට එම ඉඩම් සඳහා ඔප්පු තිබෙන බව ද පවසමිනි. පසුව පොලිසිය මැදිහත්වීමෙන් ඩෝසර් කිරීම නතර කිරීමට ක්‍රියා කළ අතර, අවසානයේ
විහාරස්ථානයට පොලිස් ආරක්ෂාව යෙදීය.
සියල්ල එතැනින් අවසන් නැත. එමෙන්ම මෙය ආරම්භයද නොවේ. මීට පෙරද පොතුවිල් මුහුදු මහා විහාරය සහ එම විහාරස්ථානයේ වැඩවාසය කළ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට මෙවැනි අඩන්aතේට්ටම්වලට ලක්වීමට සිදුවිය.
පොතුවිල් මුහුදු මහ විහාරය නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධ උරුමයේ සංකේතයකි. නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ, පානම්පත්තුවේ, පොතුවිල් ආසනයේ නැගෙනහිර වෙරළ තීරයේ මෙම පූජා භූමිය පිහිටා ඇත. ක්‍රි.පූ. 2 වැනි සියවසට අයත් යෑයි සැලකෙන මෙම විහාරස්ථානය එවක හැඳින්වූයේ රුහුණු මහා විහාරය නමිනි. සිංහලයේ 28 වැනි රජු වූ මහාදාඨික මහානාගරජු දවස මෙම විහාරස්ථානය ඉදිවී ඇත. මුහුද ආසන්නයේ පිහිටා ඇති නිසා පසුකාලීනව මෙය මුහුදු මහා විහාරය
බවට පත්වී ඇති බව ජනප්රවාදයේ පවතී. පොතුවිල් මුහුදු මහ විහාරයේ
ඓතිහාසිකත්වය වඩා තීව්ර කරනුයේ කාවන්තිස්ස රජ දවස මෙරට ඇතිවු මුහුද ගොඩගැලීමේදී මුහුදට පාකර හැරි විහාරමහා දේවිය මුහුදේ පාවී ඇවිත් ගොඩබැස්සේ මෙම ස්ථානයට බව සඳහන්වීමයි. එය වඩාත් තහවුරු කරන සාධක වනුයේ කාවන්තිස්ස රජු හා විහාරමහා දේවියගේ සරණ මංගල්‍යය වූ ස්ථානය වන ලාහුගල මඟුල් මහ විහාරය මේ ආසන්නයේ පිහිටා තිබීම සහ දේවි කුමරිය ගැන කාවන්තිස්ස රජු විසමූ “කෝ කුමරිය” – කෝමාරිය මෙම විහාරයට ආසන්නයේ පිහිටීම නිසාය.
මෙම විහාර භූමියේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ද, කාවන්තිස්ස හා විහාරමහා දේවියගේ යෑයි සැලකෙන ප්‍රතිමා දෙකක්ද, ඓතිහාසික වශයෙන් ඉතා වැදගත්වන්නා වූ පුරා වස්තූන් සමූහයකින්ද යුක්තය. එම පුරාවස්තු මෙම ස්ථානයේ ඓතිහාසිකත්වයේ සාධකය. අධිරාජ්‍යවාදී පාලන සමය තුළ මෙම භූමිය අක්කර දෙසිය හැටහතරක වපසරියක
විහිදී තිබී ඇත. මෙරට විසූ කීර්තිමත් පුරාවිද්‍යා කොමසාරිස්වරයකු වන
චාල්ස් ගොඩකුඹුර මහතා ගැසට් නිවේදනයකින් 1965 අංක 773 පීපී 1450 දරණ පිඹුරු පත මගින් අක්කර 30 රූට් 3 යි පර්චස් 2 ක භූමි ප්‍රමාණයක්
පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කරන ලදී. එලෙස වෙන් කළ පුරාවිද්‍යා
රක්ෂිතයක අද ඉතිරිව ඇත්තේ අක්කර පහක පමණ ප්රමාණයකි. එසේ නම් ඉතිරි පුරාවිද්‍යා බිම් ප්‍රමාණය ගිලගත් බහිරවයෝ කවරහුද? පසුගියදා මෙම
පුරාවිද්‍යා රක්ෂිතයේ පිහිටි පුදබිම ඩෝසර් කිරීමට අවසර දුන්නෝ කවරහුද?
මේ පිළිබඳව මුහුදු මහා විහාරයේa විහාරාධිපති වරකාපොල ඉන්ද්‍රසිරි හිමියෝ අදහස් දක්වමින්,“පසුගිය 8 වැනිදා වූ මෙම සිදුවීම මෙම ප්‍රදේශයේ ජීවත්වන අන්තවාදී මුස්ලිම් කණ්ඩායමක් විසින් සිදුකරන ලද ක්‍රියාවක්. අපි මේ ඓතිහාසික ස්ථානය රැකගෙන ඉන්නේ බොහෝ දුෂ්කරතා මැද. අන්තවාදී මුස්ලිම්වරුන්ගේ නොයෙකුත් අඩන්තේට්ටම් මැද. දානවේල් පවා නොලැබ ආරක්ෂක අංශයේ මහත්වරු දෙන දේ කාලා
බීලා තමයි මේ ස්ථානයේ ඉන්නේ. විහාර භූමියට එන්න හරි හැටි පාරක් නෑ.