- Welfare payments will be provided under four categories, with specific time frames
Accordingly, 400,000 families identified under the category of ‘extreme poor’ will be entitled to a monthly subsidy of Rs.15,000 for a period of three years.
About 800,000 families identified under the category of ‘poor’ will receive Rs.8,500 per month for three years.
Another 400,000 families identified under the category of ‘endangered’ will receive Rs.5,000 a month, till March 31, 2024.
Siyambalapitiya said about 400,000 families under the ‘transitional’ category will receive monthly benefits of Rs.2,500 each, till December 31 of this year.
He also said Parliament has the power to increase the period during which these benefits are provided and the number of families included in it and it is the government’s expectation to empower them during the relevant period.
According to a World Bank report released in 2019, about 12 percent of the people receiving benefits from the welfare programmes of the Sri Lankan government are higher income earners.
Siyambalaptiya said that after the list of subsidy beneficiaries is published, there would be opportunity to protest and file appeals.
- https://www.dailymirror.lk/breaking...ceive-welfare-benefits-from-July-1/108-258115
අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය 2023 ජූලි 01 දින සිට ක්‍රියාත්මක කරනු ලබන බව ප්‍රකාශ කර තිබේ.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව මේ සඳහා වන අති විශේෂ ගැසට් පත්‍රය පසුගිය සිකුරාදා (21) නිකුත් කර ඇත.
ඒ අනුව අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සඳහා සුභසාධක ප්‍රතිලාභ ගෙවීම් ලබන සමාජ කාණ්ඩ 4ක් හඳුනාගෙන තිබෙන අතර සංක්‍රාන්ති, අවදානමට ලක් වූ, දුප්පත් සහ අන්ත දිළිඳු වශයෙන් එම කාණ්ඩ නම් කර තිබේ.
මෙහිදී සංක්‍රාන්ති කාණ්ඩයේ පවුල් ඒකකයක් වෙනුවෙන් 2023 දෙසැම්බර් 31 දක්වා මාසිකව රු. 2,500 ක දීමනාවක් සහ අවදානමට ලක් වූ පවුල් ඒකකයක් වෙනුවෙන් 2024 මාර්තු 31 දක්වා රු. 5,000 ක දීමනාවක් ලබා දීමට නියමිතය.
මේ අතර 2023 ජූලි 01 සිට වසර 3 ක කාලයක් වෙනුවෙන් දුප්පත් කාණ්ඩය යටතට ගැනෙන පවුල් ඒකකයක් සඳහා රු. 8,500 ක දීමනාවක් ද, අන්ත දිළිඳු කාණ්ඩය යටතට ගැනෙන පවුල් ඒකකයක් සඳහා රු. 15,000 ක දීමනාවක් ද ගෙවනු ලබන බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.
- http://biz.adaderana.lk/අන්ත-දිළිඳු-පවුලකට-රු-15000-ක-ම/
