පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා වැඩි කරයි
August 27, 2024 1:02 pm 0 comment
2024 මහ කන්නයේ සිට වී වගාවට අවශ්‍ය පොහොර මිල දී ගැනීමට ලබා දෙන සහනාධාර මුදල රුපියල් 25,000ක් දක්වා ඉහළ නැංවීමට ඊයේ (26) රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද(27) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙම පොහොර සහනාධාර මුදල මෙම යල කන්නයේ දී රුපියල් 10,000ක් වශයෙන් ලබා දුන් අතර ලබන මහ කන්නයේ සිට එම මුදල රුපියල් 15,000 දක්වා වැඩි කිරීමට මින් පෙර තීරණය කර තිබුණි.
නමුත් මෙම මුදල රුපියල් 30,000 දක්වා වැඩි කිරීමට ඉල්ලා සිටිමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. නමුත් දැනට පවතින මුල්‍යමය තත්ත්වයන් සළකා බලමින් පොහොර මිල දී ගැනීම සඳහා ලබා දෙන සහනාධාර මුදල රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය එකඟත්වය පළ කරනු ලැබීය.
මීට අමතරව ලබන මහ කන්නයේ දී MOP වී වගාව සඳහා අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම නොමිලයේ ලබා දීමට ද පියවර ගෙන ඇති නිසා වී වගාවට අවශ්‍ය සම්පුර්ණ පොහොර ප්‍රමාණයම ගොවීන්ට නොමිලයේ හිමි වනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
- https://www.dinamina.lk/2024/08/27/uncategorized/119547/පොහොර-සහනාධාරය-රුපියල්-25000-ද/
Mr.Mahinda Amaraweera, Minister of Agriculture and Plantation Industries yesterday (26) stated that the Cabinet of Ministers decided to increase the amount of subsidy given for the purchase of fertilizer for paddy cultivation to 25,000 rupees from the 2024 Maha season.
The Minister stated this while addressing a press conference held at the Ministry of Agriculture today (27).
This fertilizer subsidy amount was given in the form of 10,000 rupees in this Yala season and it was previously decided to increase the amount to 15,000 rupees from next Maha season.
However, Mr. Mahinda Amaraweera, the Minister of Agriculture and Plantation Industries submitted a cabinet paper requesting to increase this amount to 30,000 rupees. Nevertheless, considering the current financial situation, the Cabinet and the Honorable President Ranil Wickramasinghe agreed to increase the subsidy amount to 25,000 rupees for the purchase of fertilizers.
In addition to this, the Minister also mentioned that steps have been taken to provide the entire amount of MOP required for paddy cultivation free of charge and therefore, the farmers will receive the entire amount of fertilizer required for paddy cultivation free of charge.
- https://agrimin.gov.lk/web/index.php/news-scroll/2405-2024-09-02-2e?lang=en
2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඔක්තෝබර් මස 1 වැනිදා සිට ඉහළ දැමීමට ජනාධිපතිවරයා විසින් පියවර ගෙන තිබේ.
ඒ අනුව හෙක්ටයාරයකට ලබා දුන් සහනාධාරය රුපියල් 15,000 සිට රු. 25,000 දක්වා ඉහළ නංවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාරය වෙත උපදෙස් ලබා දී ඇත.
- https://www.dinamina.lk/2024/09/26/local/127548/පොහොර-සහනාධාර-ඉහළ-නංවයි/