අන්දරේගේ සොහොන

sumithykk

Well-known member
  • May 11, 2012
    581
    549
    93
    අන්දරේගේ සොහොන

    11.jpg

    22.jpg

    33.jpg



    සද්ද විද්ද පළඟ පතිර රාජපක්‍ෂ වික්‍රමසිංහ මුතුකුමාරණ අධිකාරම් ලෙස ප්‍රකටව සිටි කවට අන්දරේ පිළිබද නොදන්නා කෙනකු නැති තරම් ය. එදාමෙදාතුර අප සමාජයේ සිටින සෑම කෙනකුම ඔහුගේ උපහාසාත්මක කවි මෙන් ම, කතා පිළිබඳව ද හොදින් ම දනී. ඔහුගේ ක්‍රියාකලාපය කෙබදු ද කියා ද දනී. උඩමලල ප්‍රදේශය යනවිට රජවාසල කවටයාගේ පිළිරුවක් , මාවත අයිනේ දැක ගැනීමට පුළුවන.
    එතැනින් වමට හැරී මීටර් දෙතුන් සීයක් පමණ දුරක් ගෙවමින් ගියවිට , මේ සොහොන පිහිටි ස්ථානය වෙත ළගාවිය හැකි ය. හම්බු පදුරුවලින් ගහණ, ඕලු මල් පිපුණු විලක් අසබඩ මේ අපූරු ස්ථානය සකස් කර තිබේ. ඒ කවට අන්දරේට ගරු කිරීමක් වශයෙනි.
    රජ වාසලේ සිටින අතරේ ඔහු රෝගාතුර විය. නැවත ගමට යා යුතු බව ඔහු තීන්දු කර, රජුට දැන්වූයේ, තමන්ට ද රජකු මෙන් ගමට යා යුතු බව ය. රජු ඔහුට දෝලාවක් ද, රාජපුරුෂයන් ද, රාජ ඇඳුම් ද, ඔටුන්නක් ද ලබා දී යැව්වේ ය. සබරගමුවේ පැල්මඬුල්ල හා උඩවලව හරහා යමින් සිටි ඔහුට තද පිපාසයක් දැනුණු බවත්, තමන් රෝගාතුර වූ බව වටහා ගත් ඔහු, තමා මරණයට ළඟාවී ඇති බවත්තේරුම් ගත්තේ ය. ඔහු සෙමෙන් පලු ගසක් යට හිඳ ගත්තේ ය. ඒ හුස්ම ගැනීමේ අපහසුතාවක් දැනුණු හෙයිනි. දෑත් දෙපා දෙපසට විහිදාගත් ඔහු, කවියකින්ම තම ජීවිතයේ අවසන් හුස්ම හෙළුවේය.


    රිදී කළේ රන් කොතලේ බීපු මට
    නිකම් කළේ පැන් නැතිවිය පිපාසෙට
    කොට්‌ට මෙට්‌ට ඇඳ ඇතිරිලි තිබු මට
    මෙහෙමත් කල යාද පළු වීර ගස්‌ යට


    මෙය, ඔහුගේ අවසන් කවිය බව සැලකේ. කොතරම් රාජ ගෞරව, සැප සම්පත් ලැබුණත්, දිය පොදක්‌ පිපාසෙට නැතිව, හම්බන්තොට තිස්‌සමහාරාම ප්‍රදේශයේදී, නැත්නම් තමන් උපන් ගමට යන අතරතුර රෝගාතුරව, ගහක්‌ යට මිය යෑමට සිදුවුණු බව මේ කවියෙන් කියැවේ. අන්දරේ සොහොන සකසා ඇත්තේ ද , ඔහු මියගිය ආකාරය සිහිගන්වමිනි.







    ;););)