අන්දරේගේ kataa

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔන්න යාලුවනේ අපේ අන්දරේගේ රසබර කතා ​ගොඩාක් මට පරණ පුස්කොළ පොතකින් හම්බ වුණා අපි අහපුව වගේම අහපු නැති ඒවත් මේගොඩේ තියෙනවා.. අද ඉදන් මේ රසවත් කතා බෙදාගන්න කියල මං හිතව..

    රජතුමාගේ බිසව...

    අන්දරේට රජතුමාගේ බිසව ගැන හිතක් ඇතිවිය. මේ ගැන රජතුමාට ඇඟුනි. අන්දරේ හැරේන්නේ පොල් පැලේට බව රජතුමා දුරතියාම හඳුන ගත්තේය.

    දිනක් රජතුමා අන්දරේට කතාකොට

    රජතුමා, ” හොඳයි අන්දරේ, හැබැයි උඹ පොඩි පරීක්ෂනයකින් සමත් වෙන්න ඕන.”

    අන්දරේ ඊට එකඟ විය.

    මුලුතැන් ගෙට ගිහින් විවිධ ද්‍රව්‍ය වලින් හැදූ බාජන කීපයක් ගෙනෙන ලෙස රජු අන්දරේට නියම කලේය.
    අන්දරේ රාජකීය මුලුතැන් ගෙට ගොස් වීදුරු,ලී, මැටි, රන්, රිදී, තඹ, ලෝකඩ, පිත්තල ආදියෙන් සෑදූ බාජන කීපයක් ගෙනාවේය.

    ඒවා බිම තබා ඊට වතුර පුරවන ලෙස රජු නියම කලේය.

    “දැන් අන්දරේ හැම එකෙන්ම ටික ටික බීලා මොන රසද කියාපන්”.

    “රජතුමනි, කිසි වෙනසක් නැහැ. හැම එකේම තියෙන්නෙ වතුර”.

    “ඒක තමයි අන්දරේ, ඔය කොයි …භාජනෙත්…….. එකයි. වෙනස තියෙන්නෙ පාටෙයි, හැඩෙයි.
    ඒ නිසා මගේ මගුල් පොකුනෙන් වතුර බොන්න දඟලලා මගෙන් මැරුම් කන්නෙ නැතිව ගෙදර ගිහින් උඹේ ලිඳෙන් බීපිය”. කියලා අන්දරේ එලවා ගත්තේය.
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    වම්බටු...
    අන්දරේ රජතුමා සමඟ ගමනක් යමින් සිටියේ වම්බොටු වගාවක් අසළිනි.
    "වම්බොටු කොහොමද?" රජතුමා ඇසීය.

    "රජ කෑමක් රජතුමනි" යැයි අන්දරේ කීය.

    දෙසතියකට පසු අන්දරේ යළිත් වතාවක් රජතුමා සමඟ එම වම්බොටු වගාව පසුකර යමින් සිටියේ ය.

    "තුඃ නොදකින් ජරා කෑම" රජතුමා කීය.

    අන්දරේ එකපැහැර කීයේ ඇත්ත, බලූ කෑමක් රජතුමනි කියා ය.

    ඇයි යෝදයෝ දෙසතියකට කලින් කිව්වේ රජ කෑමක් කියා නේද යැයි රජතුමා වික්ෂිප්තව විමසීය.

    සිනාසුනු අන්දරේ මෙහෙම කිව්වලු.

    "මම සේවය කරන්නේ වම්බොටුවලට නොවෙයි, රජජතුමාට නේ"