අන්න අරුට බඩු පැකට් වෙලා

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113

    දුම්රිය මඟේ බස් පැද වූ රියදුරා රිමාන්ඩ්


    (ගයාන් සූරියආරච්චි)
    අවිස්සාවේල්ල තුම්මෝදර ප්‍රදේශයේදී මගීන් රැගත් පෞද්ගලික බස් රථයක් දුම්රිය මාර්ගයක ධාවනය කළ සැකකාර රියැදුරු අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි.
    රත්නපුර කොළඹ මාර්ගයේ තුම්මෝදර ප්‍ර දේශයේ පැවැති රථවාහන තදබදයක් පවතින අවස්ථාවක සැකකරු අන්තරාදායක ලෙස බස් රථයක දුම්රිය මාර්ගයක ධාවනය කිරීම සම්බන්ධයෙන් ඊයේ (2) අවිස්සාවේල්ල පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
    මිනී මැරීමට තැත් කිරීම, රියැදුරු බලපත්‍රය අත්හිටුවා තිබියදී රිය ධාවනය කිරීම, විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය හා රජයේ දේපොළවලට හානි කිරීම යන චෝදනා යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්

    මිනී මැරීමට තැත් කිරීම, රියැදුරු බලපත්‍රය අත්හිටුවා තිබියදී රිය ධාවනය කිරීම, විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය හා රජයේ දේපොළවලට හානි කිරීම යන චෝදනා යටතේ

    :lol: මූ යකෝ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ලයිශන් නැති එකෙක්ට දුවන්න දීපු බස් කාරයත් හිරේ දාන්න ඕන.

    රූට් එක පටන් ගනිද්දී එලවන එකාව සොයා බැලිල්ලක් වෙන්නෙ නැද්ද බස් ස්ටෑන්ඩ් එකෙන්. උනුත් ගන්ජ ගහලද.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,403
    113
    Colombo, Sri Lanka
    මුගේ රියදුරු බලපත්‍රය ජිවිත කාලෙටම අත් හිටෝලා බස් එකේ පර්මිට් කැන්සල් කලේ නැත්තම් මොනවා කලත් වැඩක් නැහැ. මු දැනටම දඩුවමක් ලබන කෙනෙක් වෙලත් අරවගේ කුපාඩි වැඩක් කෙරුවා කියන්නේ මු අවුරුද්දක් රිමාන්ඩ් ඉඳලා ආවත් කරන්නේ ඕකම තමයි
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මුගේ රියදුරු බලපත්‍රය ජිවිත කාලෙටම අත් හිටෝලා බස් එකේ පර්මිට් කැන්සල් කලේ නැත්තම් මොනවා කලත් වැඩක් නැහැ. මු දැනටම දඩුවමක් ලබන කෙනෙක් වෙලත් අරවගේ කුපාඩි වැඩක් කෙරුවා කියන්නේ මු අවුරුද්දක් රිමාන්ඩ් ඉඳලා ආවත් කරන්නේ ඕකම තමයි
    uda tiyena widihata danatamath license cancel ekek neh ban, aya eliyata awath okamai karanne mu
     
    • Like
    Reactions: NRTG and Alexb

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඒක ගැන නම් කතා කරලා තේරුමක් නෑ.
    අපි හම්බකලොත් අපි කෑවා සීන් එකේ රට දුවන්නේ 😄

    Ranil udin dinanawa Janathawa mehema nam Hikiz