අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    BBQ වෙලා කියලා කියන්නෙ.
    බිත්තියට යට උනාම යුවතියන් කීයක් හම්බෙනවද දන්නෙ නෑ 😕
    පොටෝ එකක් දැක්ක බිත්තියකට යටවුන.
    කන්‍යාවියෝ හත්දෙනාට යටවෙලා උප්පත්තිය ලබයි,🤔
     
    • Love
    Reactions: Walter White

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    හදිසියේ අප අතරින් වෙන්වූ කුවේට් හී අධ්‍යාත්මික නායක @Kalegana මැතිතුමා කෝ?

    අභාවප්‍රාප්ත වෙලාද?

    මේ සම්බන්ධයෙන් උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනය මෙසේය.

    අපි දෙවියන් වහන්සේට අයිති වන්නෙමු, අප ආපසු හැරී යන්නේද උන්වහන්සේ වෙතටමය. කුවේට්ටෙකේ ශ්‍රේෂ්ඨ ජනතාවෙනි, කුවේට් මහා ජාතියේ නායකයාණන් සහ ඉස්ලාමීය උම්මාවෙ හී පෙරගමන්කරු වන අතිඋතුම් අලි කලේගාන තුමාණන්ගේ @Kalegana (වයස 47, සිංහල බවුද්ද) උත්තරීතර ආත්මය, මෙම ශුද්ධ වූ රාමසාන් මාසයේදී ප්‍රාණ පරිත්‍යාගීත්වයේ මිහිරි අමෘතය පානය කරමින් දිව්‍යමය රාජ්‍යය සමඟ එක්වී ඇත.

    එතුමන්ට නිවන් සැප පාර්ථනා කරමු.
    මම තම පණපිටින්.. දෙවියන් වහන්සේ කිව්වා තව අව්රුදු හැටකින් විතර එන්න කියල.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    🔴 ඉරාන බුද්ධි ඒකකයේ ප්‍රධානියා
    ඊශ්‍රායල ඔත්තුකරුවෙකු බව හෙළිවෙයි
    කමේනි ඝාතනය කිරීමට පෙර
    මොසාඩ් ඒජන්තයින් ඔහුගේ ඡායාරූපත් ලබාගෙන

    ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීමට පෙර මොසාඩ් (Mossad) ඒජන්තයින් විසින් ඔහුගේ ඡායාරූපයක් ලබා ගැනීමට පවා සමත්ව ඇති බවට වාර්තා වන තොරතුරුත් සමඟ ඉරාන බුද්ධි අංශ තුළ පවතින දැවැන්ත අනාරක්ෂිතභාවය පිළිබඳව සාකච්ඡාවක් මතුව තිබේ. ඉරාන හිටපු ජනාධිපති මහමුද් අහමදිනෙජාඩ් (Mahmoud Ahmadinejad) මීට පෙර හෙළි කර ඇති පරිදි, ඉරානය තුළ ක්‍රියාත්මක වන මොසාඩ් ඔත්තුකරුවන් සොයා ගැනීම සඳහාම පිහිටුවා තිබූ රහසිගත ඒකකයේ ප්‍රධානියාම ඊශ්‍රායල ඒජන්තයෙකු බව 2021 වසරේදී තහවුරු වී ඇත.

    අහමදිනෙජාඩ් පෙන්වා දෙන පරිදි, එම රහසිගත ඒකකයේ සිටි තවත් ඒජන්තයින් 20 දෙනෙකු ද මොසාඩ් සංවිධානය වෙනුවෙන් සේවය කර ඇති අතර, ඉරානයේ න්‍යෂ්ටික රහස් සොරකම් කිරීමට සහ න්‍යෂ්ටික විද්‍යාඥයින් ඝාතනය කිරීමට අවශ්‍ය තොරතුරු ඊශ්‍රායලයට ලබා දී ඇත්තේ ඔවුන් විසිනි. 2018 වසරේදී ඉරානයේ න්‍යෂ්ටික ලේඛනාගාරය කොල්ලකෑමේ සිට වර්තමානයේ උත්තරීතර නායකයාගේ ආරක්ෂිත ස්ථානය හඳුනා ගැනීම දක්වා වූ සියලු මෙහෙයුම් සඳහා ඉරාන බුද්ධි අංශ තුළම සිටින මෙම 'මවුල' (Moles) සහය වී ඇති බව විදෙස් වාර්තා අවධාරණය කරයි. මේ හරහා ඉරාන ආරක්ෂක ව්‍යුහය කෙතරම් දුරට ඊශ්‍රායල බුද්ධි අංශ විසින් ආක්‍රමණය කර ඇත්ද යන්න මනාව පැහැදිලි වන බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

    PnHhVGY.jpeg