අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

talkingtom

Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    LMAO, Friendly fire.. :lol:





    HDP9W5XawAAnlme
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,585
    10,146
    113
    ලංකාවට එන පොහොර වලට ගැටළුවක් එයිද නැව් මාර්ග අවහිර නිසා?
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,524
    17,661
    113
    තුන්මාසෙ දානේ දීල තමයි අවමංගල්‍ය කටයුතු කරගන්න වෙන්නේ
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    උන්ට වතුර නැති කමක් නෑ... ඕක ලොකු රටක්, කාන්තාර විත්‍රක් නෙමේ ඕකේ තියෙන්නේ...

    කවුරු උනත් බිත්තියට හේත්තු උනාම ඔය දේ තමා කරන්නේ වෙනින් option නැති උනාම... ඒකයි කමේනි මරපු එක ගොන්කමක් කිව්වෙ, කාව උනත් බිත්තියට හේත්තු කරන්න නරකයි... අනික් රටවල්වලට එපා වෙනවාද නැද්ද අදාළ නෑ උන්ට දැන්... හැමෝටම ලොකු හානියක්...

    දැන් 1945න් පස්සෙ දිගටම ලෝකය පැවතුණේ ඇමරිකාව මත... ඒගොල්ලො මත ලෝකෙම depend උනා... මේ වැඩෙන් ගොඩක් රටවල්වලට පේන්න ගත්තා ඇමෙරිකාවේ ඒ muscle එක දැන් නෑ කියලා... මොකද උන්ට උන්ගේ airbase දාන්න දීපු රටවල් ටිකවත් බේරගන්න බැරි උනා... උන්ගේ ච්ණ්ඩි පාට් නිසා තෙල් supply අඩාළවෙලා, ලෝකෙම තේරුම්ගත්තා උන් no longer reliable කියලා...

    හොඳම දේ පොඩ්ඩක් බලන්න... සෞදි - ඉරාන් ණයි වෛරයි... තාම සෞදියෙන් එක attack එකක් කරේ නෑ US support එකට... ඔය gulf රටවල් උන්ව මේ වෙලාවෙ පරිස්සම් කරං ඉන්නවා මිසක් ඉරානෙට ඇඟිල්ලකින් ඇන්නේ නෑ...

    පිස්සුද උන්ගේ වතුර නැති වෙලා තියෙන්නේ අවුරුදු ගානක් දැන් නියඟයක් තියෙන්නේ උන්ගේ පැති ගොඩ කට වතුරනැ උවමනා ප්‍රමානෙට ටෙහෙරාන් අවට තමයි ගොඩක් වැඩිම වතුර පර්ශ්නේ ඔයිල් ෆීල්ඩ් වලට ගහලා තිබ්බ වතුරත් contaminated වෙලා තියෙන්නේ ටෙහෙරාන් අවට උන්ට තව ටික දවසක් ගියාම තමයි වතුර පර්ශ්නේ එන්නේ හොඳටම.

    කිතිතුල්ලා මැරුවේ ඉරානේ අස්ථාවර කරන්න දැන් උන්ගේ ආරමි එකේ නායකයෝ වොර්ලොර්ඩ්ස්ලා වගේ පළාත පාලනේ කරන් ඉන්නේ උන්ගේ සෙන්ට්‍රල් කොමාන්ඩ් එකට කොන්ට්‍රෝල්නැ වටේ තියන අරටවල් වලට ගැහුවා ඕවා වලින් වෙන්නේ උන් තරහා වෙන එක උන්ගේ අරමුණ තමයි රටේ කැරැල්ලක් ඇති කරන එක උන් දැන් එකයි economical ටර්ගට් වලට ගහන්නේ රටේ අරතිකේ වට්ටලා පස්සේ හරි කැරැල්ලක් ඇති කරන්න ඔමානෙන් ගැහුවා ඉරානේ සු24 එකකට සෞදි පැත්තකට වෙලා ඉන්නේ පකිස්තාන් නිසා උන්ගේ ඩිෆෙන්ස් ෆැක්ට් එකක් තියන නිසා.


    dnne nathi huttawal nokiya idapan😂😂

    රියල් එකෙන් ඇවිත් කියපන් ඕක ෆේක් ෆොනයෝ.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අද 2026 මාර්තු 13 සිකුරාදා පස්වරු 1:43 වේ. ඊශ්‍රායල - ඉරාන යුද්ධයේ පසුගිය පැය 14 තුළ (අද අලුයම සිට මේ දක්වා) වාර්තා වූ අලුත්ම තොරතුරු මෙසේය:

    • ටෙහෙරාන් නුවරට දැඩි ගුවන් ප්‍රහාර (අද උදෑසන): ඊශ්‍රායල සහ ඇමරිකානු හමුදා එක්ව ඉරානයේ අගනුවර වන ටෙහෙරානය ඉලක්ක කර අතිශය ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් අද උදෑසන එල්ල කරන ලදී. නගරය පුරා දැඩි දුම් පටලයකින් වැසී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
    • උතුරු ඊශ්‍රායලයේ ජනාවාසයකට මිසයිල ප්‍රහාරයක්: ඉරානයේ සිට එල්ල වූ මිසයිලයක් උතුරු ඊශ්‍රායලයේ සාමාන්‍ය වැසියන් වෙසෙන නේවාසික ප්‍රදේශයකට සෘජුවම පතිත වී ඇත. මෙහිදී දේපළ හානි සිදුව ඇති බව තහවුරු වී තිබේ.
    • ජනාධිපති ට්‍රම්ප්ගේ "අවසාන" අනතුරු ඇඟවීම (අද අලුයම): ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් අද අලුයම සිය Truth Social ගිණුම හරහා පණිවුඩයක් නිකුත් කරමින්, "ඉරාන පාලනයට අද සිදුවන්නේ කුමක්දැයි බලා සිටින්න" (Watch what happens to Iran's regime Friday) යනුවෙන් දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.
    • සවුදි අරාබියට ඩ්‍රෝන ප්‍රහාර 12ක්: සවුදි අරාබි ගුවන් සීමාවට ඇතුළු වීමට උත්සාහ කළ සන්නද්ධ ඩ්‍රෝන යානා 12ක් සාර්ථකව විනාශ කළ බව සවුදි ආරක්ෂක අමාත්‍යාංශය අද නිවේදනය කළේය. මෙය කලාපය පුරා යුද්ධය ව්‍යාප්ත වීමේ තවත් ලක්ෂණයකි.
    • ඉරාකයේදී ප්‍රංශ සෙබළෙකු මියයාම: ඉරාකයේ කුර්දිස්ථාන කලාපයේ සිදුවූ ප්‍රහාරයකින් ප්‍රංශ සෙබළෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් තහවුරු කර තිබේ.
    • හිස්බුල්ලා සංවිධානයේ වාර්තාගත ප්‍රහාර: පසුගිය පැය 18 තුළ ඊශ්‍රායල හමුදා ඉලක්ක වෙත ප්‍රහාර 27ක් එල්ල කළ බව හිස්බුල්ලා සංවිධානය පවසයි. මෙය යුද්ධය ආරම්භ වූ පසු කෙටි කාලයකදී ඔවුන් එල්ල කළ වැඩිම ප්‍රහාර සංඛ්‍යාවයි.
    • ටෙහෙරානයේ බසිජ් මුරපොලවල් විනාශ කිරීම: ටෙහෙරාන් නගරය පාලනය කිරීම සඳහා ඉරාන රජය විසින් ස්ථාපනය කර තිබූ බසිජ් (Basij) ආරක්ෂක මුරපොලවල් රැසක් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ විනාශ වී ඇති අතර, ඉරාන ආරක්ෂක අංශ අතර යම් පසුබෑමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.
    • Quds Day උණුසුම: අද ඉරානයේ 'කුඩ්ස් දිනය' (Quds Day) බැවින් යුද්ධය තවදුරටත් උත්සන්න වීමේ දැඩි අවදානමක් පවතින බව ආරක්ෂක විචාරකයෝ පවසති.