අන්න ජෝක්කු පැන්ටි ගෙන්න පුළුවන් ලු

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113

    අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට පැනවූ සීමා ඉවතට​






    අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ ආනයනය කිරීම සඳහා පනවා තිබූ සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (1) ප්‍රකාශ කළේය.


    දේපළ සහ වාහන පවරා ගැනීම තවත් මාස හයක් දක්වා නවත්වැන්නැයි බැංකු හා බැංකු නොවන ක්ෂේත්‍රයට නියෝග කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (1) පැවැසීය.


    එම සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව හේතුවෙන් බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන් බවත් එය සලකා බලා අදාළ නියෝගය වහාම අත්හිටුවන බව අධිපතිවරයා කීවේය.


    ශ්‍රී ලංකා මහ බැංකුවේ සය මාසික මාර්ග සැලැස්ම එළිදක්වමින් අධිපතිවරයා එම කරුණු කීවේ ය.


    කාණ්ඩ 11ක් යටතේ අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ 623ක් ආනයනය සීමා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව සැප්තැම්බර් මස 9 වැනිදා අදාළ සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව ක්‍රියාත්මක කරන ලදි.


    ඒ අනුව පරාටේ එක්සිකියුෂන් (Parate execution) යටතේ කෙරෙන දේපළ සහ වාහන පවරාගැනීම තවත් මාස හයක් දක්වා නවත්වැන්නැයි බැංකු සහ බැංකු නොවන ක්ෂේත්‍රයට නියෝග කරන බව අධිපතිවරයා එහිදි කීය.


    දැනට ලබා දී තිබෙන ණය ප්‍රමාද කිරීමේ ක්‍රමවේදය තවදුරටත් කරගෙන යෑමට අවශ්‍ය නම් ඒ සඳහා ද්‍රවශීලතා පහසුකම් සැපයීම සඳහා මහ බැංකුව ඉදිරිපත් වන බව ද හෙතෙම කීවේ ය.


    ‘කොවිඩ්-19’ වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාරවලට ණය වැඩිපුර ගෙවීමට සිදුව ඇත්නම් ණය ගෙවීමට අපහසු නම් ණය ගෙවීම් පමා වන්නේ නම් එම ව්‍යාපාරවලට සහන දීම රුපියල් මිලියන 15,000ක් වෙන් කරන බව ද ඔහු කීය.


    ඒ සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුන තුළ දී වැඩිදුර විස්තර සහිත නිවේදනයක් නිකුත් කරන බව ද ඔහු පැවැසීය.


    ශ්‍රී ලංකා මහ බැංකුවේ සය මාසික මාර්ග සැලැස්ම එළිදක්වමින් අධිපතිවරයා එම කරුණු කීවේ ය.


    (055)
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    It is clear that it was not Prof W.D.Laxman who prepared the list , it was for the govt and now they have realized it. It is good to realize such an evident thing . These were all scientific appointments from viyathmaga(that is where the problem lies) . Some more corrections needed to come out of woods .