අන්න පානදුරත් අල්ලගෙන එ පාර. 🔥

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    පානදුර මුස්ලිම් දේවස්ථාන 23කට හදිසි පොලිස් ආරක්ෂාව ‼️

    පානදුර පොලිස් වසම් තුනක පිහිටා තිබෙන මුස්ලිම් දේවස්ථාන 23 ක් සහ පොදු ස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවූ බව පානදුර කොට්ඨාසයේ ජේෂ්ඨ පොලිස් අධිකාරී (වෙනුවට වැඩබලන) සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න පවසයි.

    අකුරණ ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථාන හා පොදු ස්ථාන ඉලක්ක කරගෙන බෝම්බ පිපිරීමක් සිදු වන බවට ලද නිර්නාමික තොරතුරක් අනුව එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමත් සමඟම ඊයේ (19) සවස ලද විශේෂ පොලිස් පණිවුඩයක් අනුව ආරක්ෂාව තර කිරීමට පියවර ගත් බව ඔහු පැවසීය.

    පානදුර පොලිස් වසමේ පිහිටා තිබෙන මුස්ලිම් දේවස්ථාන 14ක්, පානදුර දකුණ පොලිස් වසමේ මුස්ලිම් දේවස්ථාන 3ක් සහ පානදුර උතුර පොලිස් වසමේ මුස්ලිම් දේවස්ථාන 6ක් ආවරණය වන පරිදි පොලිස් ජංගම සේවා රථ යොදා විශේෂ ආරක්ෂාවක් යොදවා ඇත.

    ඊට අමතරව ආගන්තුක පුද්ගලයන් එම ප්‍රදේශවල ගැවසුනහොත් දැඩි අවධානයෙන් පසුවන ලෙසට මහජනතාව දැනුවත් කිරීමට පියවර ගත් බව සහකාර පොලිස් අධිකාරී සේනාරත්න වැඩිදුරටත් පැවසීය
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    walathara.gif
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    @scurvy තොගේ මන්නේ වලදාලා තියපන්. පොලිසිය හදිසි සෝදිසියක් කරොත් තෝවත් කුදලගෙන යයි.