දකුණේ හරක් හොරු වැඩිවෙලා 😂😂😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,272
    8,410
    113
    image_af7afcd81c.jpg


    දකුණු පළාතේ හරක් සොරකම් වැඩි වී ඇති බැවින් උත්සව සමයේ කිරිහරක් හොරුන්ගෙන් තමන්ගේ හරක් ආරක්ෂා කර ගන්නැයි ඇල්පිටිය මූලස්ථාන පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.



    ගාල්ල දිස්ත්‍රික්කයේ වැලිවිටිය - දිවිතුර පශු වෛද්‍ය බල ප්‍රදේශයේ කිරි ගොවි සමිතියේ සභාපතිවරයාගේ එළහරක් පසුගිය 21 වැනිදා මැදියම් රැයේ හොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේ ඇල්පිටිය මූලස්ථාන පොලිසිය මේ බව සඳහන් කළේය.

    රුපියල් ලක්ෂ 10ක්‌ පමණ වටිනා කිරිදෙනුන් දෙදෙනකු හා කිරි බොන වයසේ පැටවුන් තිදෙනකු මෙලෙස සොරකම් කර ඇති බවට කිරි ගොවි සමිතියේ සභාපතිවරයා ඇල්පිටිය පොලිසියට පැමිණිලි කර තිබිණි.

    ඇත්කඳුර පන්සල පහළ ගවගාලේ ගැටගසා සිටි ගවයන් පස්දෙනකු මෙසේ සොරකම් කර ඇත්තේ පසුගිය 21 වැනිදා අලුයම 1.00 ට පමණ බවත් එම සතුන් පටවපු කුඩා ලොරිය ප්‍රධාන මාර්ගවලින් ගමන් කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී තහවුරු කර ගෙන තිබෙන බවත් ඇල්පිටිය පොලිසියේ ප්‍රකාශකයෙක් පැවසීය.

    එම ගවයින්ගේ හිමිකරු වන කිරිගොවි සමිතියේ සභාපතිවරයා ප්‍රාදේශයේ තිබූ බණ ගෙදරකට සහභාගීව සිටි අතරතුරදී ඔහුගේ ගවයන් මෙලෙස සොරකම් කිරීම පිළිබඳව පොලිසියේ විශේෂ අවධානය යොමුකළ බවද ඇල්පිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර විජේසිංහ අප කළ විමසීමක දී සඳහන් කළේය.

    තවද මිල අධික වෑන් රථ, මෝටර් රථ මෙන්ම කුඩා ලොරි රථ යොදා ගෙන වැලිවිටිය - දිවිතුර මෙන්ම ඇල්පිටිය ප්‍රදේශවලද හරක් සොරකම් සිදුකෙරෙන බවද කිරි ගොවියෝ කියති.

    මේ අතර නත්තල් සමයේ දී මස් පිණිස ගවයන් සොරාගැනීම් පිළිබඳව විමසිලිමත්ව සිටින ලෙසත් විශේෂ පොලිස් කණ්ඩායම් ඒ වෙනුවෙන් යොදවන ලෙස දකුණු පළාතේ සියලුම පොලිස් ස්ථානවලට විශේෂ උපදෙස් පණිවුඩ නිකුත් කළ බවත් දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ප්‍රකාශකයෙක් අප කළ විමසීමේදී ප්‍රකාශ කළේය.