අන්‍යාගමික විශ්වාස අනුව බෞද්ධ විදියට ජීවත්වීම

hpalpola

Well-known member
  • බුදු දහම කියන්නෙ සදාතනික දහමක්. බටහිර දි බුදු දහම හඳුන්වන්නෙ living dhamma කියලා. සරලවම ගත්තම දුකක් නැතිව සතුටින් ජීවත්වීමට මාර්ගය තමයි බුදු දහම තුළින් ලබා දෙන්නෙ. බෞද්ධයා කියන්නෙ සැබැවින් ඒ සතුට විඳින කෙනා. ඒ වුනත් එදිනෙදා දකින්න ලැබෙන දේවල් එක්ක හිතෙනවා බෞද්ධ කියලා කියන හුඟක් මිනිස්සු හැබෑවටම බෞද්ධ ද කියලා.

    අපි නිදසුනක් ගමු. බුදු දහමෙ මූලික ඉගැන්වීමක් තමයි ත්‍රිලක්ෂණය කියන්නෙ. අනිත්‍යබව, දුක්සහිත බව සහ අනාත්ම. අපි දන්නවා ත්‍රිලක්ෂණය මොකක් ද කියලා. ඔන්න දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් ඉන්නවා. ශාරීරික ලක්ෂණ වලින් මේ අය දැනගන්නවා අම්මා ගැබ්ගෙන කියලා. දොස්තර හම්බවෙලා විස්තර ගන්නවා. මේක හරි ලස්සනට පේනවා ස්කෑන් කරද්දි. දරුවා කුසට ආවා කියලා මුලින්ම සතුටු වෙනවා. ටිකෙන් ටික මේ කළලය විකසනය වෙනවා. මුලින් අත පය නොපෙනුනාට පස්සෙ ඒවා පේනවා, අම්මට දැනෙනවා. තාත්තාට විස්තර කරනවා. දැන් දෙන්නටම සතුටුයි. ඇයි දරුවෙක් ලැබෙන්න යනවා. ඔන්න දරුවා ලැබෙනවා. කුසට ආපු දවසෙ ඉඳන් කුසෙන් එළියට එනකම්ම ඒ දරුවා වෙනස් වෙනවා කියන එක දෙමව්පියන්ට පේන්නෙ නැහැ. ඒ අයට පේන්නෙ දරුවා විතරයි. ඊට පස්සෙ පෙරලෙනවා. දෙමාපියන්ට සතුටුයි මෙන්න අපේ බබා පෙරලෙනවා. ඊට පස්සෙ දණ ගානවා, ඇවිදිනවා, ඉස්කෝලෙ යනවා, කසාද බඳිනවා, ඒ දරුවා තව දරුවෙක් හදනවා මේ වගේ චක්‍රයක් විදියට යනවා. මේ කාලය පුරාම අර දරුවා වෙනස් වෙනවා. වෙනස් වෙනවා විතරක් නෙමෙයි අසනීපවලට ලක් වෙනවා. අකීකරු කම් තියෙනවා. දරුවා නිසා සමහරක්විට දෙමාපියන් හිනා වෙනවා, සමහරක් විට අඬනවා. ඔහොම ගිහිල්ලා මේ දරුවා සමහරක්විට දෙමාපියන් ඉද්දි මැරෙනවා, නැත්නම් දරුවා ඉද්දි දෙමාපියන් මැරෙනවා. අර දරුවා කුසට ආපු දවසෙ ඉඳන් යන්නෙ කොතනට ද? මරණයට. හැබැයි ඒක කිසිම වෙලාවක දෙමාපියන්ට පේන්නෙ නැහැ. ඒ ඇයි? තමුන්ගෙ දරුවා ය කියන හැඟීම නිසා. දරුවා උස් මහත් කරද්දි විඳින්න වෙන දුක දැනෙන්නෙ නැහැ, ඒ ඇයි? තමුන්ගේ දරුවා ය කියන හැඟීම නිසා. මේ හැඟීම ඇට මිදුළු වලට පවා දැනෙනවා කියනවානේ. ඒත් ඔය හැඟීම නිසාම වෙනස්වීම, දුක් සහිත බව සහ මරණයට පත්වීම පේන්නෙ නැහැ. සරලවම ගත්තාම ත්‍රිලක්ෂණය පේන්නෙ නැහැ. ඉතින් මොකද වෙන්නෙ. මගේ කියලා ගන්න දරුවා නිසා දුක ඇති කරගන්නවා.

    තව නිදසුනක් ගමු. සැමියා සහ බිරිඳ ඉන්නවා. සැමියා හිතාගෙන ඉන්නෙ බිරිඳ මගේ කියලා. බිරිඳ හිතාගෙන ඉන්නෙ සැමියා මගේ කියලා. දෙන්නට දෙන්නා තම තමුන්ව තමන්ගෙ කියලා හිතාගෙන ඉන්නවා. අර කලිනුත් කිව්ව ත්‍රිලක්ෂණය කියලා එකක් තියෙනවද කියලවත් දැනෙන්නෙ නැහැ. හැබැයි ඇහෙනවා සහ අහලා තියෙනවා. දැන් ඔන්න සැමියා හෝ බිරිඳ වෙනත් කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා ආරංචි වෙනවා. මේක ආරංචිවුනාම මොකද වෙන්නෙ, මගේ කියන දේ මට නැති වෙනවා කියන බය ඇති වෙනවා. ඊට පස්සෙ සැක ඇති වෙනවා. දේවාල ගානෙ යනවා. යාළුවන්ට කියනවා. හොර අල්ලන්න මහන්සි වෙනවා. කුසට කෑමකුත් නැහැ, පිපාසෙට වතුරත් නැහැ, හිනාවක් නැහැ, දරුවො එක්කත් තරහ යන මට්ටමට එනවා. මේ මට්ටමට එන්නෙ ඇයි? ඇත්තම හේතුව තමයි මගේ කියන දේ මට නැතිවෙනවා නැත්නම් මගේ කියන දේ වෙනස් වෙනවා කියන හැඟීම. ඒකෙ අවසානය වෙන කිසිවක් නෙමෙයි දුක. දුක කියන්නෙ හිතේ සතුට නැති වෙන එකනෙ. වැරදිලාවත් ත්‍රිලක්ෂණය ගැන අවබෝධයක් මේ දෙන්නට තිබ්බනම් එහෙම දුකක් ඇති වෙනවා ද? නැහැ. ඇයි එතැන තමුන්ගේ කියලා අල්ලාගැනීමක් නැති නිසා.

    බුදු දහමෙ විතරයි ත්‍රිලක්ෂණය ගැන උගන්වන්නෙ. යම් පුද්ගලයෙක් තමාගේය කියලා අල්ලාගැනීම වර්ණනා කරනවා නම් ඒ පුද්ගලයා බුදු දහම අනුව ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. හැබැයි එහෙම උගන්වන ආගම් තියෙනවා. ලංකාවෙත් ඒ ආගම් තියෙනවා. ලංකාවේ මිනිස්සුන්ගෙ ජීවිත වල⁣ට ඒ ආගම්වලින් බලපෑමක් එල්ලවෙලත් තියෙනවා. මිනිස්සුන්ගෙ ජීවන රටාව ඒ ආගම්වල බලපෑමට අනුව වෙනස් වෙලත් තියෙනවා. ඒකෙ අවසානය මොකක් ද? අච්චර ලස්සනට සතුටින් ජීවත්වෙන්න උගන්වන ධර්මයෙන් ඈත්වෙලා නමට බෞද්ධ කියලා ලියාගෙන දුක් විඳින එක.

    මෙතැන තියෙන බරපතල ප්‍රශ්නය තමයි ඒ වගේ ඉගැන්වීම් තියෙන ආගම් අදහන්නෙත් නැතුව ඒවා ගැනත් නොදැන, තමුන් බෞද්ධයි කියලා කියමින් ඒ ආගම්වල තියෙන ඉගැන්වීම් බුදුරජාණන්වහන්සේගේ ධර්මය තුළත් තියෙනවා කියලා හිතාගෙන ජීවත්වීම. ඒ නිසා මේ වගේ ජීවත්වෙන අය හරිම භයානකයි. මොකද බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා බුද්ධ ධර්මය සමහරුන්ට සර්පයෙක් වගේ කියලා. ඒ කියන්නෙ සර්පයා හරියට ඇල්ලුවොත් හරි. නැත්නම් දෂ්ඨ කරනවා. සර්පයා දෂ්ඨ කලහම වෙන දේ අමුතුවෙන් කියන්න ඕනා නැහැනෙ.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    පංචශීලයෙන් වැලකීම
    ඇහුනොත් ඇහුන විතරයි, දැක්කොත් දැක්ක විතරයි.
    ඕක තමයි දහමට අනුව ජීවත්වෙනව කියන්නෙ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ත්‍රිලක්ෂණය දකින්නේ සම්මුති වලද පරමාර්ථ වලද?
     
    • Like
    Reactions: ek_rosh

    hpalpola

    Well-known member
  • ත්‍රිලක්ෂණය දකින්නේ සම්මුති වලද පරමාර්ථ වලද?
    යාළුවා. ඔබ කියන මේ අවස්ථා දෙකටම යොදලා බලන්න. ඔයාටම පිළිතුර ලැබෙයි.

    පංචශීලයෙන් වැලකීම
    ඇහුනොත් ඇහුන විතරයි, දැක්කොත් දැක්ක විතරයි.
    ඕක තමයි දහමට අනුව ජීවත්වෙනව කියන්නෙ
    බොහොම ස්තුතියි අපිව දැනුවත් කරනවට.
    ------ Post added on Oct 15, 2024 at 11:27 AM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,245
    113
    කනගාටුවෙන් වුනත් කියන්න වෙන්නෙ..මේ කතාවේ හරය බුදුන්ගේ දර්මයට විරුද්ද බවයි..

    බුදු දහම කියන්නෙ සදාතනික දහමක්. බටහිර දි බුදු දහම හඳුන්වන්නෙ living dhamma කියලා. සරලවම ගත්තම දුකක් නැතිව සතුටින් ජීවත්වීමට මාර්ගය තමයි බුදු දහම තුළින් ලබා දෙන්නෙ. බෞද්ධයා කියන්නෙ සැබැවින් ඒ සතුට විඳින කෙනා. ඒ වුනත් එදිනෙදා දකින්න ලැබෙන දේවල් එක්ක හිතෙනවා බෞද්ධ කියලා කියන හුඟක් මිනිස්සු හැබෑවටම බෞද්ධ ද කියලා.

    බවුද්දයෙක් කියන්නෙ අරි අට මාර්ගයේ ගමන් කරන කෙනෙක්. ඒ කියන්නෙ දුක නැති කර ගන්න යන කෙනෙක්. අරි අට මාර්ගයේ අවසානයේ, සත්ව පුද්ගලයෙක් නොමැති අවබොදයක් පමනක් තුල, ඔය කියන සතුට විදින්න කෙනෙක් සිටීද? බුදුන් වහන්සේ බවුද්දයි කිව්වොත් ඒ ප්‍රශ්නය නිවැරදිද?.. ඔය ප්‍රශ්නය අහන්නෙම වැරදි විපල්ලාසය තුල ඉදගෙන. නිවන් දැකල ආතල් එකේ සැපේ ඉන්න කෙනෙක් බවුද්ද දර්ශනයේ නැ..

    අපි නිදසුනක් ගමු. බුදු දහමෙ මූලික ඉගැන්වීමක් තමයි ත්‍රිලක්ෂණය කියන්නෙ. අනිත්‍යබව, දුක්සහිත බව සහ අනාත්ම. අපි දන්නවා ත්‍රිලක්ෂණය මොකක් ද කියලා. ඔන්න දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් ඉන්නවා. ශාරීරික ලක්ෂණ වලින් මේ අය දැනගන්නවා අම්මා ගැබ්ගෙන කියලා. දොස්තර හම්බවෙලා විස්තර ගන්නවා. මේක හරි ලස්සනට පේනවා ස්කෑන් කරද්දි. දරුවා කුසට ආවා කියලා මුලින්ම සතුටු වෙනවා. ටිකෙන් ටික මේ කළලය විකසනය වෙනවා. මුලින් අත පය නොපෙනුනාට පස්සෙ ඒවා පේනවා, අම්මට දැනෙනවා. තාත්තාට විස්තර කරනවා. දැන් දෙන්නටම සතුටුයි. ඇයි දරුවෙක් ලැබෙන්න යනවා. ඔන්න දරුවා ලැබෙනවා. කුසට ආපු දවසෙ ඉඳන් කුසෙන් එළියට එනකම්ම ඒ දරුවා වෙනස් වෙනවා කියන එක දෙමව්පියන්ට පේන්නෙ නැහැ. ඒ අයට පේන්නෙ දරුවා විතරයි. ඊට පස්සෙ පෙරලෙනවා. දෙමාපියන්ට සතුටුයි මෙන්න අපේ බබා පෙරලෙනවා. ඊට පස්සෙ දණ ගානවා, ඇවිදිනවා, ඉස්කෝලෙ යනවා, කසාද බඳිනවා, ඒ දරුවා තව දරුවෙක් හදනවා මේ වගේ චක්‍රයක් විදියට යනවා. මේ කාලය පුරාම අර දරුවා වෙනස් වෙනවා. වෙනස් වෙනවා විතරක් නෙමෙයි අසනීපවලට ලක් වෙනවා. අකීකරු කම් තියෙනවා. දරුවා නිසා සමහරක්විට දෙමාපියන් හිනා වෙනවා, සමහරක් විට අඬනවා. ඔහොම ගිහිල්ලා මේ දරුවා සමහරක්විට දෙමාපියන් ඉද්දි මැරෙනවා, නැත්නම් දරුවා ඉද්දි දෙමාපියන් මැරෙනවා. අර දරුවා කුසට ආපු දවසෙ ඉඳන් යන්නෙ කොතනට ද? මරණයට. හැබැයි ඒක කිසිම වෙලාවක දෙමාපියන්ට පේන්නෙ නැහැ. ඒ ඇයි? තමුන්ගෙ දරුවා ය කියන හැඟීම නිසා. දරුවා උස් මහත් කරද්දි විඳින්න වෙන දුක දැනෙන්නෙ නැහැ, ඒ ඇයි? තමුන්ගේ දරුවා ය කියන හැඟීම නිසා. මේ හැඟීම ඇට මිදුළු වලට පවා දැනෙනවා කියනවානේ. ඒත් ඔය හැඟීම නිසාම වෙනස්වීම, දුක් සහිත බව සහ මරණයට පත්වීම පේන්නෙ නැහැ. සරලවම ගත්තාම ත්‍රිලක්ෂණය පේන්නෙ නැහැ. ඉතින් මොකද වෙන්නෙ. මගේ කියලා ගන්න දරුවා නිසා දුක ඇති කරගන්නවා.

    සියලු සන්ස්කාරයෝ අනිත්යයි කියල බුදුන් කිව්වාම බලන්ට ඕනේ මොනවද මේ සන්සකාර කියන්නෙ කියල.. බුදුන් පැහදිලිව සන්ස්කාර කියල පෙන්නනව පරමාරත දර්ම සමූහයක්, රූප, චිත්ත, චයිටසික කියල....අම්ම තාත්ත දරුවා කියන්නෙ සම්මුති දර්ම මිසක් පරමාර්ත නොවේ...පරමාර්ත දර්ම පරමාර්ත ලෙසත්, ඒ දර්ම වල ත්‍රිලක්ශනයත් ප්‍රජ්නාව තුලින් දකින්නෙ, අවමව සෝවන් මාර්ග සිතක පමනයි. ඊට පහලින් පෘතක්ජන සිතකට ඔය කියන පරමාර්ත, ත්‍රිලක්ශනය, කියන දේවල් වචන මාත්‍රම පමනයි.

    තව නිදසුනක් ගමු. සැමියා සහ බිරිඳ ඉන්නවා. සැමියා හිතාගෙන ඉන්නෙ බිරිඳ මගේ කියලා. බිරිඳ හිතාගෙන ඉන්නෙ සැමියා මගේ කියලා. දෙන්නට දෙන්නා තම තමුන්ව තමන්ගෙ කියලා හිතාගෙන ඉන්නවා. අර කලිනුත් කිව්ව ත්‍රිලක්ෂණය කියලා එකක් තියෙනවද කියලවත් දැනෙන්නෙ නැහැ. හැබැයි ඇහෙනවා සහ අහලා තියෙනවා. දැන් ඔන්න සැමියා හෝ බිරිඳ වෙනත් කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා ආරංචි වෙනවා. මේක ආරංචිවුනාම මොකද වෙන්නෙ, මගේ කියන දේ මට නැති වෙනවා කියන බය ඇති වෙනවා. ඊට පස්සෙ සැක ඇති වෙනවා. දේවාල ගානෙ යනවා. යාළුවන්ට කියනවා. හොර අල්ලන්න මහන්සි වෙනවා. කුසට කෑමකුත් නැහැ, පිපාසෙට වතුරත් නැහැ, හිනාවක් නැහැ, දරුවො එක්කත් තරහ යන මට්ටමට එනවා. මේ මට්ටමට එන්නෙ ඇයි? ඇත්තම හේතුව තමයි මගේ කියන දේ මට නැතිවෙනවා නැත්නම් මගේ කියන දේ වෙනස් වෙනවා කියන හැඟීම. ඒකෙ අවසානය වෙන කිසිවක් නෙමෙයි දුක. දුක කියන්නෙ හිතේ සතුට නැති වෙන එකනෙ. වැරදිලාවත් ත්‍රිලක්ෂණය ගැන අවබෝධයක් මේ දෙන්නට තිබ්බනම් එහෙම දුකක් ඇති වෙනවා ද? නැහැ. ඇයි එතැන තමුන්ගේ කියලා අල්ලාගැනීමක් නැති නිසා.

    යෝගීන් ඉන්නව, ඇලීමක් ගැටීමක් නැති ව සිතේ සතුට නැති නොකරගෙන උපේක්ශාවෙන්. ගොඩක් අය බුදු දහම කියල කරන්න උත්සාහ කරන්නෙති මනසින් ඇලීම් ගැටීම් නොවී ඉන්න..ඒක හොදයි..නමුත් ඒක නෙවේ බුදු දහම...බුදු දහමේ බුදුන් පෙන්වනව, නොදැනෙන දුකක් ගැන..ඕක තමයි, බුදු දහම අනෙක් ආගම් වලින් වෙනස් වෙන්නෙ...යමක ප්‍රකරනය බලන්න, ඒකේ තියෙනව ශාරීරික දුක, ශාරීරික නොවන (මානසික ) දුක් සහ, ඔය දෙකටම නොවන..

    බුදු දහමෙ විතරයි ත්‍රිලක්ෂණය ගැන උගන්වන්නෙ. යම් පුද්ගලයෙක් තමාගේය කියලා අල්ලාගැනීම වර්ණනා කරනවා නම් ඒ පුද්ගලයා බුදු දහම අනුව ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. හැබැයි එහෙම උගන්වන ආගම් තියෙනවා. ලංකාවෙත් ඒ ආගම් තියෙනවා. ලංකාවේ මිනිස්සුන්ගෙ ජීවිත වල⁣ට ඒ ආගම්වලින් බලපෑමක් එල්ලවෙලත් තියෙනවා. මිනිස්සුන්ගෙ ජීවන රටාව ඒ ආගම්වල බලපෑමට අනුව වෙනස් වෙලත් තියෙනවා. ඒකෙ අවසානය මොකක් ද? අච්චර ලස්සනට සතුටින් ජීවත්වෙන්න උගන්වන ධර්මයෙන් ඈත්වෙලා නමට බෞද්ධ කියලා ලියාගෙන දුක් විඳින එක.

    මෙතැන තියෙන බරපතල ප්‍රශ්නය තමයි ඒ වගේ ඉගැන්වීම් තියෙන ආගම් අදහන්නෙත් නැතුව ඒවා ගැනත් නොදැන, තමුන් බෞද්ධයි කියලා කියමින් ඒ ආගම්වල තියෙන ඉගැන්වීම් බුදුරජාණන්වහන්සේගේ ධර්මය තුළත් තියෙනවා කියලා හිතාගෙන ජීවත්වීම. ඒ නිසා මේ වගේ ජීවත්වෙන අය හරිම භයානකයි. මොකද බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා බුද්ධ ධර්මය සමහරුන්ට සර්පයෙක් වගේ කියලා. ඒ කියන්නෙ සර්පයා හරියට ඇල්ලුවොත් හරි. නැත්නම් දෂ්ඨ කරනවා. සර්පයා දෂ්ඨ කලහම වෙන දේ අමුතුවෙන් කියන්න ඕනා නැහැනෙ.

    අන් ආගම් නොවන, බුද්දාගමම යයි අපි සිතාන ඉන්න බුද්දාගම ත්, අන් ආගමම යයිදැයි ප්‍රශ්න කරල බැලුවනම් වටිනව..
     
    hpalpola

    Well-known member
  • කනගාටුවෙන් වුනත් කියන්න වෙන්නෙ..මේ කතාවේ හරය බුදුන්ගේ දර්මයට විරුද්ද බවයි..

    බවුද්දයෙක් කියන්නෙ අරි අට මාර්ගයේ ගමන් කරන කෙනෙක්. ඒ කියන්නෙ දුක නැති කර ගන්න යන කෙනෙක්. අරි අට මාර්ගයේ අවසානයේ, සත්ව පුද්ගලයෙක් නොමැති අවබොදයක් පමනක් තුල, ඔය කියන සතුට විදින්න කෙනෙක් සිටීද? බුදුන් වහන්සේ බවුද්දයි කිව්වොත් ඒ ප්‍රශ්නය නිවැරදිද?.. ඔය ප්‍රශ්නය අහන්නෙම වැරදි විපල්ලාසය තුල ඉදගෙන. නිවන් දැකල ආතල් එකේ සැපේ ඉන්න කෙනෙක් බවුද්ද දර්ශනයේ නැ..

    සියලු සන්ස්කාරයෝ අනිත්යයි කියල බුදුන් කිව්වාම බලන්ට ඕනේ මොනවද මේ සන්සකාර කියන්නෙ කියල.. බුදුන් පැහදිලිව සන්ස්කාර කියල පෙන්නනව පරමාරත දර්ම සමූහයක්, රූප, චිත්ත, චයිටසික කියල....අම්ම තාත්ත දරුවා කියන්නෙ සම්මුති දර්ම මිසක් පරමාර්ත නොවේ...පරමාර්ත දර්ම පරමාර්ත ලෙසත්, ඒ දර්ම වල ත්‍රිලක්ශනයත් ප්‍රජ්නාව තුලින් දකින්නෙ, අවමව සෝවන් මාර්ග සිතක පමනයි. ඊට පහලින් පෘතක්ජන සිතකට ඔය කියන පරමාර්ත, ත්‍රිලක්ශනය, කියන දේවල් වචන මාත්‍රම පමනයි.

    යෝගීන් ඉන්නව, ඇලීමක් ගැටීමක් නැති ව සිතේ සතුට නැති නොකරගෙන උපේක්ශාවෙන්. ගොඩක් අය බුදු දහම කියල කරන්න උත්සාහ කරන්නෙති මනසින් ඇලීම් ගැටීම් නොවී ඉන්න..ඒක හොදයි..නමුත් ඒක නෙවේ බුදු දහම...බුදු දහමේ බුදුන් පෙන්වනව, නොදැනෙන දුකක් ගැන..ඕක තමයි, බුදු දහම අනෙක් ආගම් වලින් වෙනස් වෙන්නෙ...යමක ප්‍රකරනය බලන්න, ඒකේ තියෙනව ශාරීරික දුක, ශාරීරික නොවන (මානසික ) දුක් සහ, ඔය දෙකටම නොවන..

    අන් ආගම් නොවන, බුද්දාගමම යයි අපි සිතාන ඉන්න බුද්දාගම ත්, අන් ආගමම යයිදැයි ප්‍රශ්න කරල බැලුවනම් වටිනව..
    හොඳ පැහැදිලි කිරීමක්. කියවන අයට ප්‍රයෝජනවත්
     
    • Like
    Reactions: ek_rosh