හරි උඹල තීරණය කරපන් මම රප්ද කියල. මම මගේ කතාව කෙටියෙන් කියන්නම්. මම යෝජිත විවාහයකින් විවාහ වුණ කෙනෙක්. බදින්න හොයප් ගෑනු ලමයගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වුනේ නැහැ. ඒ මට තියෙන කමකට නෙවේ. මම කුලමල ආගම් භේද ජාති භේද හොයන කෙනෙක් නෙවේ. මම කැමති මට තියෙන දෙයින් සතුටු වෙන කෙනෙක්.
මම විවාහ වුනෙත් මගේ අම්ම අපිට ගැපෙන්නේ නැහැ කියපු පවුලකින්. විවාහය වුනේ යෝජනාවක් අනුව සතියක් ඇතුලත වගේ විවාහ වෙන්න ගෑනු ලමයගේ ගෙදරින් යෝජනා කරා. එයාට අපලයක් තියෙනව කිව්ව 29 වෙන්න කලින් බදින්න ඕන කිව්ව. ගෑනු ලමය බැලුබැල්මට හරිම අසහිසකයි. ඉක්මනින් බදින්න ඕන කිව්ව එකට මගෙත් ලොකු විරුද්ධත්වයක් තිබුනේ නැහැ. ඒ වෙනකොට මගේ වයස 32 යි. බැදල ඉවර වෙලා මම ඉක්මනින්ම ගෙයක් හදන්න පටන් ගත්තා. ඒ වෙන මොනවටවත් නෙවේ එයාට අපේ ගෙදර එකට ඉන්නන බැහැ කියපු හින්ද?
එයා මට කොන්දේසි ටිකක් දැම්මා මම එයා කියපු විදියටම ඒ ටික කියන්නම්
ඔයා අපේ ගෙදර නිතර යන්න එන්න එපා. මිනිස්සු දකිනව. මට ඔයත් එක්ක එහෙ මෙහෙ යන්න කතා කරන්නත් එපා. මගේ අතේ ඇගිලි වලට උඩින් එහාට අල්ලන්න එපා. මට ඕන පොරුවට නගිනකන් ැහොද පිරිසිදුවට ඉන්න. අනිත් කෙල්ලෝ කරන්න ඕන හැම දෙයක්ම කරල තමයි පෝරුවට නගින්නෙ. මට එහෙම වෙන්න බැහැ.
මට මාරම සතුටක් ඇතිවුනා. මෙවගේ කාලෙක මෙහෙම කෙල්ලෙක් හොයාගන්නව කියන්නෙ කීයටවත් කරන්න බැරි නිසා. මමත් හිස් මුදුනෙන්ම ඒ දේවල් පිලිගත්ත.
මම ගේ හදන ගමන්ම. වෙඩින් එකටත් ලෑස්ති වුනා. එයාට රත්තරන් බඩු ඇදුම් අරන් දුන්න ඒ හැම දෙයක්ම මම එයාට කලින්ම දීල තිබුනේ. එයාට අවශ්‍ය හැම දෙයක්ම වගේ මම කෙරුව. සනීප නැතිව ඉන්න කොට එක්ක ගිහිල්ල බෙහෙත් අරන් දුන්න.
එයා මට එයා ඉන්න කාමරේටවත් එන්න දුන්නේ නැහැ. හැබැයි එයාගේ මස්සිනා ඒ කියන්නේ එයාගේ නංගිගේ මහත්තයා එයාගේ කාමරේ ආවා ගියා මම බැදපු කෙනයි අර කියන මස්සිනයි දෙන්න හැසිරුනේ ඒ දෙන්න නෝනයි මහත්තයයි වගේ. මම කීප විටක්ම එයාට කිව්ව එහෙම් හැසිරෙන්න හොද නැහැ ඔයා දැන් කසාද බැදපු කෙනකේ කියල. ඒ වෙලාවේ එයා මට කිව්වේ මට ඕවා කියන්න එපා මට වැඩක් නැහැ කියල. මට ඒ වෙලාවේ අහන්න හිතුන ඔයා කියන්නේ නැත්තනම් මම කට කියන්නද කියල.
ඒත් මම ඉවසුව. මොකද විවාහ ජීවිතය ගෙනියන්න දෙන්නගෙන් එකෙනෙක් ඉවසන්න වෙන නිසා.
එයා ඊට පස්සේ මට කිව්ව ගෙට ටයිල් අලන්න ඕන. සම්පුර්න වැඩ ඉවර කරන්නේ නැතිව එයාට පදිංචියට එන්න බැහැ කියල. මම පුදුම විදියට අසරන වුනා මම එයාට බදින්න කලින් කිව්ව මම කරන රස්සාව මට ලැබෙන පඩිය හැම දෙයක් ගැනම.
එයාට වෙඩින් එක් ලොකුවටම ගන්න ඕන කිව්ව. මම කව්ව් අපි දෙගොල්ලන්ම එකම දවසේ උත්සවය ගමු කියල එයා එ්කට කැමති වුනේ නැහැ.
එයාගේ නෑදෑයෝ 500 විතර ඉන්නව තියල කිව්ව. මම නයට සල්ලි හොයාගෙන හෝටලයකට ඇඩවාන්ස් ගෙව්ව.
දවසක් මම එයාලගෙ ගෙදර ගිහින් එයත් එක්ක කතා කර කර ඉන්න කොට අර මස්සිනා කාරය ඇවිත් එක පාරටම ඇහැව්ව. තමුසේ මොකද ඕයි කරන්නෙ. බලනම දැන් 12ත් වෙලා. තමුසේ තාම විවවේ නැද්ද කියල. අහනවත් එක්කම එයා කුස්සියට ගියා. ඉන්පස්සේ එයා කෑම ලෑස්ති කරන්න පටන් ගත්ත. එලියට අවේ නැහැ.
මම ගෙදර ඇවිත් කෝල් කරල ඇහුව මස්සිනා ඔයා තකා කරපු විදිය හරි නැහැ නේද කියල. එයා කිව්ව මට ඔවා කියන්න එපා කියල. මම ඇහුව මම ඔයාට කියන්නේ නැත්නම් කාටද කියන්නේ. මගේ අම්මා තාත්ත හරි නෑදෑයෝ යාළුවෝ ඉස්සරහ හරි අරවිදියට කතා කෙරුවනම් මට ඇතිවන තත්වේ මොකක්ද කියල.
එයාගේ අම්ම අපිට එයාලගේ ගෙදර එන්න කියල. මට ගැහැව්ව. එයගොල්ලන්ගේ අම්ම කිව්ව තො මේ ඊයේ පෙරේදා හම්බවෙච්ච එකා ඒ වගේ නෙමේ අර පුතා කියල.
මම එයා මගෙත් එක්ක යන්න කතා කෙරුව එයා කිව්ව පල පොන්න බල්ලා මට තෝත් එපා තොගේ මගුලත් එපා කියල.
එතනින් පස්සේ වෙච්ච දේ ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන්නේ
මම රප්ද? අවංක වැඩිද? පොන්නයෙක්ද? ..................
yakoooooo uba henama paw ne bn











































