සාරා

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    865
    264
    63
    එක කෙල්ලෙක් කාලයක් මගෙ පස්සෙන් ආව..ඒත් මං ඒකිට ආදරේ කළේ නෑ.ඒකි ලස්සනත් නෑ.ඇති විශේෂත්වයකුත් නෑ.එය දුප්පත් පවුලක කෙල්ලෙක්.තනියම ජීවත්වුනේ. එයාගෙ මූනෙ හැමවෙලාවෙම තිබුණෙ මහ බරපතළ ශෝකාකූල පෙනුමක්.මං ආස වුනේ නෑ ඒකට.මට ඕන වුනේ හුරතල් සෙක්සි කෙල්ලෙක් මම ඒක එයාට කියලා තියෙනව.ඒ සාරා..

    කවදාවත් කෙලින් නොකිව්වට සාරා මට ආදරේ කළා.මං ඒක දැනගන හිටියා.

    සාරා මගෙ පස්සෙන් ආව අවුරුදු ගානම මම ඔලී පස්සෙන් ගියා.ඔලී ලස්සන කෙල්ලෙක්..හුරතල් කෙල්ලෙක්.සිනිඳු කෙල්ලෙක්...හොඳ පවුල් පසුබිමක කෙල්ලෙක්..ඉතිං මං ඇයි ඔලීට ආදරේ නොකරන්නෙ....

    මගෙ බිස්නස් එක වැටුණා .ඒක කියන්න මට කෙනෙක් හිටියෙ නෑ.ඒක ඔලීට කියලා වැඩක් නෑ.ඔලීට ඒ ගැන තේරුමක් නෑ.අනික මගෙ ආර්ථිකය අවුල් කියලා දනගත්තම ඔලීගේ ආදරය අඩුවෙන්න ඉඩ තියෙනව කියල මගෙ හිත කිව්ව.ගෑනුන්ට ඕන ප්‍රබල පිරිමියෙක්..මං ප්‍රබල පිරිමියෙක් බව ඇයට ඔප්පු කරන්න ඕන.මට ඇයව රැක බලාගන්න පුලුවන් බව ඇයට ඔප්පු කරන්න ඕන..ඉතිං මං ඇයට කිව්වෙ නෑ..

    මං ඒක සාරට කිව්වා.සාරා මට අදහස් දුන්නා.හැබැයි වැටිච්ච බිස්නස් එක ගොඩගන්න එක ලේසි වුනේ නෑ.

    වෙනදා වගේ කෝල් කරපු ගමන් ඔලීව බලන්න යන්න මට නිදහසක් තිබ්බෙ නෑ.මට වැඩ කන්දක්.මම ආයෙ නාන්න ඕන.ඇඳුම් මැදල අඳින්න ඕන.ඒකට ගැලපෙන සපත්තු .දෙයියනේ කාර් එක ෆිනෑන්ස් එකෙන් උස්සලා දවස් ගානක්.මට ඔලීව නැතිවෙයි කියන බයට මං කොහොම හරි බොරු දාහක් කියලා,කරලා ඔලී ඉස්සරහා මාව මේන්ටේන් කළා.සාරා මට උදවු කළා ඔලීව සතුටු කරන්න,..ඇත්තම කිව්වොත් ඔලී මට වැඩියෙන්ම මට බැඳුනෙ ඒ කාලෙ.ස්ත්‍රී හදවතේ හැම අහුමුල්ලක්ම දන්න සාරා ඔලීව මට සම්පූර්ණයෙන්ම දිනා දුන්නා කිව්වොත් නිවැරදි.

    අන්තිමේ මං ආයේ හිටපු තත්වෙට ආවා.ඒ නැවත ගොඩ නැඟීමට ප්‍රබලම හේතුවක් වුනේ සාරාගෙ දිරිගැන්වීම් සහ අදහස් කියනෙක සම්පුර්ණයෙන් ඇත්තක්.

    කාලය ගෙවිලා,සාරා ආයෙම දුරස් වෙලා ගියා.මං මගෙ විවාහයට සූදානම් වෙමින් හිටියා.

    මගෙ එන්ගේජ්මන්ට් එකට ම්ං සාරට එන්න කිව්ව.ඒකත් හෙට උදේ කියලා කිව්වෙ..එක කෝල් එකයි.සාරා එන්නම් කිව්ව.

    හෙට මගෙ විවාහ ගිවිස ගැනීම..මම මගෙ යාලුවොත් එක්ක ශරන්‍යා රෙස්ට් එකේ පොඩි පාටියක් එදා.

    මගෙ විවාහක මිත්‍රයො විවාහය ගැන මට උපදෙස් දෙන්න පටන් ගනිද්දි රෑ එකොලහ පහුවෙලා.

    ඔක්කොම සාම්ප්‍රදායික උපදේශ.බාගයක් කුනුහරුප..ඒව එච්චර වැදගත් නෑ.

    මට හිටපු නිහඬම මිත්‍රයා සන්දේශ්..ඔහුගෙ විවාහය අවුරුද්දකට සීමා වුනා.ඔහු දික්කසාද වුනා.ඔහු මට මෙහෙම කිව්ව.ඒ මගෙ පිටට අතකුත් තියලා..

    "ඕනම මනුස්සයෙක් කසාද බඳින්න ඕන පවුලක් පන්සලක් කියන එකේ පන්සලක් කියන කෑල්ල බලාගන මචං..ඔය පන්සල කියනෙකේ අදහස බං සැනසීම,නිදහස කියනෙක..එතකොට ආභරණ ආටෝප නැති නිදහස් කියනෙක....අන්න ඒක තමා අපිට මචං කසාදෙකින් ඕන කරන්නෙ.."
    "යකෝ පන්සල් යන්නෙත් මේකප් දාල මේකප් දලා..ආටෝප නැත්තෙ මොකද..ආටෝප..ඇයි උඹට හිටියෙ එකක්..අප්පා ..ඒක උඹ කවදහරි හරියට දැක්කද මචං...නෑ මං ඇහුවෙ ඒක ඉතිං අත පයටත් මේකප් දාගනනෙ හිටියෙ...."

    ඒ අනුරාධ..අනුරාධගෙ කට වහන්න ඕන කමක් මටත් තිබ්බත් මට ඉස්සර වුනේ මාලිංග.

    "මචං සංදේශයා..සිරාවට ඇයි බං උඹ ඩිවෝස් වුනේ..?"

    ඇල්කොහොල් හින්ඳ නෙවෙයිනම් මාලිංග කවදාවත් ඒක අහන එකක් නෑ.

    "මට මං වෙලා ඉන්න නැති හින්ඳ...මට මං නැතිවුනා මචං කසාදෙන් පස්සෙ.ඒ අවුරුද්දම ගෙදර හිටියෙ ශානිගෙ හබී මිසක් සන්දේශ් නෙවෙයි..මට මහන්සි වුනාම මං මේ වගෙ තනියෙන්ම ගහලා ගෙදර ගියා..ආන්න එතකොට මං..මම වෙලා හිටියා...මාව..ඒ කියන්නෙ ඇත්තම ඇත්ත මාව දකිනකොට ඒකිට එපා වුනා.ඒකිත් වැරදි නෑ..මං අවුරුදු පහක් ඒකි ඉස්සරහ මේන්ටේන් කළේ මචං ඒකි ආස සංදේශයා මිසක් ඇත්තම ඇත්ත මං නෙවෙයි..ඒකි කියනෙක ඇත්ත.මං ඒකිවත් රවට්ටල මාවත් රවට්ටගත්ත..ආන්න එතකොට සැනසීම නෑ මචං..සැනසීම තියෙන්නෙ මට මං වෙලාම ඉන්න කිසි අවුලක් නැති එකා ගාව...ඕ...අන්නේකයි ඇත්ත."

    එදා රෑ මං හුඟාක් හිතුවා.මට මං වෙලා ඉන්න බැරිවීම කියන එකෙන් සන්දේශ් අදහස් කළේ මොකද්ද කියලා.

    මං හිතන්නෙ මං ඒක තේරුම් ගත්තා.

    මං ඔලී ගාව ඉන්නෙ මම හැටියටමද?ඔලී නම් මම ගාව ඉන්නෙ ඔලී හැටියටම තමා..

    ඔලී හමබ්වෙන්න යද්දි මම තාමත් හුඟක් හිතනව..මගෙ ඇඳුම ගැන,ඒක එයාට කැතට පෙනෙයිද,,අතේ තියා සල්ලි ඇතිවෙයිද,එයාට මගෙ පැහුනු කෙස් ගහක් පෙනෙයිද වගෙ දේවල්...

    දෙයියනේ එතකොට මං හැමදාමත් ඔලී කැමති මිනිහව මේන්ටේන් කරන්න ඕනද?ජීවිත කාලෙම?.

    ඒ වෙලාවෙ මට දැනුණෙ මට මොකද්ද මේ වෙන්න යන අපරාධෙ වගෙ හැඟීමක්...එතකොට ඔලී..ඔලීට වෙන්න යන්නෙත් මට වෙන්න යන අපරාධෙට අඩු අපරාධයක් නෙවෙයි කියලත් මට මතක් වුනා..

    ඒ වෙලාවෙ සාරගෙන මැසේජ් එකක් ආවා.එන්න වෙන්නෙ නෑ කියන්න.

    "ඇයි?"මම ඇහුවා.

    ඇත්තටම මේකයි මට හෙට අඳින්න ඇඳුමක් නෑ.මම වෙඩින් එකට අනිවාර්යයෙන්ම එන්නම්.."සාරා කිව්ව.

    මට සාරා එක්ක කතා කරන්න ඕන වුනා.මං සාරාට මැසේජ් එකක් යැව්ව මෙහෙම

    "මේ මට උඹ එක්ක ටිකක් කතාකරන්න ඕන..පොඩ්ඩක් හිටපං ඕෆ්ලයින් යන්නෙපා..මං චූ පාරක් දාල එන්නම් විනාඩියෙන් "කියලා.

    බාත් රූම් එකේ හිටපු විනාඩියට මට මෙහෙම දේවල් ටිකක් හිතුණා.

    ඔලී එක්ක ඉද්දි වොෂ් රූම් ගිහින් එන්නම් බබා කියන මම "චූ බරයි බං"කියලා නිදහසේ කියනවා.

    සාරා හමබවෙන්න යන්න අලුතින් ඇඳුම් ඕන නෑ.මේ ඇඳන් ඉන්න ඕන එකකින් යන්න පුලුවන්.

    නහය හරි පස්ස හරි කහනව නම් "කහනව"කියලා පාඩුවේ කහගන්න පුලුවන්.

    මං ගාව නම් සල්ලි නෑ ඔයා ගාව තියෙනවද කියලා දෙපාරක් නොහිතා අහන්න පුලුවන්.

    අතේ තියන ගානට කමු කියන්න පුලුවන්

    රෙදි හෝදලා නෑ.ඇඳන් එන්න එකක් නැ.කිලුටු එකක් ඇඳන් එන්නෙ කියන්න පුලුවන් .

    ගැලපෙන ඒව නොහිතා මට පහසු සපත්තු දෙකක් දාන්න ඇඳුමක් අඳින්න
    පුලුවන්

    ලෙඩක් දුකක් වුන දාක හැමදේම බලාගන්න ඒකි ඉන්නව කියන විශ්වාසෙන් මට හොඳවෙනකම් නිදහසේ නිදාගන්න මට පුලුවන්.

    මං දවස් ගානක් නාලා නැතුව දත් මැදල නැතුව රැවුල කපලා නැතුව හිටියත් සාරා ආව කියලා දැනගත්තොත් ගෙදර දොර අරින්න මට පුලුවන් ..ඒත් ඒ ආවෙ ඔලී නම් මං දොර අරින්න බය වෙනව.මෙහෙම ජරාවට මාව දැකල ඒකිට මාව එපා වෙයි කියලා.

    මට හරියට ඉංග්‍රීසි බෑ කියලා ඔලීට කියන්න මට ලැජ්ජා වුනාට මං ඒක සාරට හැංගුවෙ නෑ.

    කාලය වේගයෙන් ගලාගන ගියා..

    හරියටම මාස හයකට පස්සෙ දවසක මම සාරාව කසාද බැන්ඳා..වෙඩින් නෑ..මොකද අම්මලා ඔලීව මිසක් සාරව භාරගන්න කැමති වුනෙ නෑ.

    ඔලී මට සාප තියලා රටින් ගියා.පස්සෙ ආරංචි වුනා එයාගෙ කලින් බෝයිෆ්‍රෙන්ඩ්ව එහෙදි බැන්ඳ කියලා.

    දැන් අපි බැඳලා අවුරුදු දෙකක්.සාරාගෙ මූනෙ දැන් අර ශෝකාකූල පෙනුම නෑ.ආදරය ලබන්න ලබන්න සාරා හුඟාක් සිනිඳු වුනා කියල මට හිතෙනව.ඇත්තමයි ඔලීට වඩා හුඟාක් සිනිඳුයි සාරා...මේ ලෝකේ හුරතල්ම සෙක්සිම කෙල්ල සාරා..හැබැයි ඒ කෙල්ල මතුවෙන්න ටික කාලයක් ගියා.
    ඒ මොනව කොහොම වුනත් මට කියන්න තියෙන්නෙ මම මං හැටියට ජීවත් වෙනව.අමතර වෙහෙසක් නෑ.සැනසීමක් තියනව ගෙදර යන එකේ.ටයි ගැටේකින් හිරකරන හැම පිරිමියෙක් ඇතුලෙම වගේ මගෙ ඇතුලෙත් ඉන්න අමු ගොරකයා තෙත පිටින් ඇඳ උඩ දාපු ටවල් එක අරන් අව්වට දාන්න යනගමන් මං ලඟට ආව සාරා මගෙන් අහලා යනව "හෙනා එකක් දාන්නද කියලා."
    මගෙ ඔලුවට.දගෙදරින් එලියෙ කිසිකෙනෙක් නොදන්නවට සාරා දන්නව මගෙ කෙස් සුදුයි කියලා..

    මං කියන්නෙ හැම මිනිහෙක්ම ගෑනියෙක්ම බඳින්න ඕන තමන්ට තමන්ම වෙලා ඉන්න ඉඩ දෙන කෙනෙක්ව.
    එයා ඉස්සරහ ගෙදර අය ඉස්සරහ ඉන්නව වගේම ඉන්න පුලුවන් නම්
    එයා ඉස්සරහ තමන්ගෙ නැති කම්,බැරි කම්,දුර්වල කම් කියන්න ලැජ්ජාවක් බයක් ඇතිවෙන්නෙ නැත්තං ..එයා තමා හරි කෙනා....

    එයා ගාව මට මං වෙලාම ඉන්න පුලුවන් ද..අමතර වෙහෙසක් නැතුව...එයා තමා හරිම කෙනා...විවාහ වෙන්න ජීවත් වෙන්න එයා තමා හරිම කෙනා...

    උපුටා ගැනීමකි
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,065
    3,584
    113
    මොනවද බන් මේ මාගලේ තියෙන්නේ ?? කියන්න තියන දෙයක් කෙටියෙන් දාපන්කෝ මේ මාගල් කියවන්න වෙලාවක් නෑ.
     
    Mata pena heena

    Active member
  • Nov 6, 2023
    169
    264
    43
    මොනවද බන් මේ මාගලේ තියෙන්නේ ?? කියන්න තියන දෙයක් කෙටියෙන් දාපන්කෝ මේ මාගල් කියවන්න වෙලාවක් නෑ.
    එයාගේ නම සාරා. සාරා ටෙන්ක්‍රීඩි එයා වැඩ කරේ Prison එකක ඩොක්ටර් කෙනෙක් විදිහට. අපේ අයිය නොකරපු වරදකට විදුලි පුටුවට නියම උනා. මම මගේ අයියව හිරෙන් පන්නන්න කියල හිතල මාත් හිරේට ගියා බැංකුවක් මංකොල්ල කාලා. මගේ ඇග පුරාම ප්‍රිසන් එකේ බ්ලු ප්‍රින්ට් එක පච්ච කොටා ගත්ත. එතැනදී මම සාරා එක්ක ආදර සම්බදයක් පටන් ගත්තා. අන්තිමේට මායි අයියයි තව කීප දෙනෙකුයි හිරෙන් සාර්ථකව පැන්න. මේ වැඩේ නිසා සාරට ගොඩක් කරදර උනා. එයාට එයාගේ තාත්තා නැති උනා. හිරේ යන්න උනා. කොහොම හරි අන්තිමේදී අපි දෙන්න බැන්ද!
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    55,328
    53,288

    thawa tikak keti karapan ban
     
    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,180
    1,720
    113
    First-time-james-franco-hanging-meme.jpg
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,347
    4,563
    113
    ඒ වුණාට ඔලීව බඳින්න බැරි වුණානේ 😂
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,710
    27,739
    113
    මේ හෑල්ල 1256 වෙනි වතාවට දකින්නෙ. මුලින්ම දකිම කාලෙ මේකනං සිරා කියලා හිතුවට දැන් හිතෙන්නෙ තමන්ගෙ comfort zone එකෙන් එකියට අඩියක් තියන්න බය හින්දා කැත ගෑනියෙක් කරගහලා ඒක සාධාරණීකරණය කරලා හිත හදාගන්න ගහපු හෑල්ලක් වගේ 🤣😂

    අපි අපි විදිහටම හිටියොත්නං මලාට ලස්සන හොද කෙල්ලෙක් සෙට් වෙන්නෙ නැතිවෙයි. මෙලෝ රහක් නැති කැත ගොබ්බ කෙල්ලෙක් සෙට් වෙයි. කෙල්ලගෙ පැත්තෙන් උනත් එහෙමයි. උනුත් අපි ඉස්සරහා උන්ව මේන්ටේන් කරනවා. කොහොමත් බැදලා එකට ජීවත් වෙන්න ගත්තම තමා හරියටම දෙන්නටම තේරෙන්නෙ. එතකොට කරන්න තියෙන්නෙ තමන් කලින් වෙලා හිටිය අපත ගෝතයා නැතුව comfort zone එකෙන් පොඩ්ඩක් එලියට ඇවිල්ලා ඒකි ඉස්සරහා අපි මේන්ටේන් කරපු හොද එකා විදිහට ඇත්තටම වෙන්න පුලුවන් තරම් ට්‍රයි කරන එක. කෙල්ලග්ව් පැත්තෙනුත් එහෙමයි. උදා:- තනියම ඉද්දි රෑට දත් මදින්නෙ නැතු වොශ් දාන්නෙ නැතුව ආතල් එකේ හිටියනං බැන්දම නිදාගන්න කලින් දෙන්නම වොෂ් දාගෙන දත් මැදලා ඉන්න පුරුදු වෙන එක...etc ඔය වගේ පොඩි පොඩි දේවල් වලින් හරි වෙනස් වෙන්න ට්‍රයි එකක් දීලා බලපන් බැදලා අවුරුද්දක් විතර මිස්මැච් එක ශේප් කරගන්න පුලුවන්ද කියලා. ඔය අවුරුද්ද නිකං කසාදෙ ඉන්ටර්න්ශිප් එක කියලා හිතාගත්තනං හරි. ලොවෙත් ඔය කාලෙ ලමයි නොහදා ඉන්න ඕන. සෙට් වෙන්නෙම නැත්තං වෙන් වෙන්න පුලුවන් එතකොට. ඒ රිස්ක් එක ගන්න එක වටිනවා අම්නේ මම මම විදිහටම ඉන්නවට මෙයා ආසයි කියලා comfort zone එකේ ඉන්න පුලුවන් හින්දා කැත ගෝත චොර කෑල්ලක් බැදලා අනිත් උන් ගෙ ලස්සන ගෑණු දිහා බල බල ජීවිත කාලෙම හූල්ලනවට වඩා.
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,224
    1,561

    Good