සිතන්නට යමක්. හදවතින් නොව මොලෙන් තීරන ගන්න.
මේ ලිපිය ගොඩක් වැදගත් වේ යැයි සිතු නිසා මෙය ඔබලා සමග බෙදා ගැනීමට සිතුවෙමි. ඔබ තවම කසාද බැද නැතිනම් හෝ කසාද බැද ඇතත් ලමයි නැතිනම් ඔබට මෙම ලිපිය වැදගත් වේ යයි සිතමි.
කියවිය යුතු වටිනා ම ලියමනක්.
මං විශ්වාස කරන විදියට, කෙනෙක්ගෙ හොඳ හෝ නරක ගතිගුණවලට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඒ කෙනා හැදුණු වැඩුණු පවුල් පසුබිම. ඊට අමතර ව ජානමය බලපෑම්, කර්ම ශක්තිය වගේ ම මිතුරු ඇසුරත් කෙනෙකුගේ ගතිගුණවලට බලපානවා. ඒ නිසා විවාහ වෙන්න යන කෙනෙක් මූලික ව ම සොයාබලන්න ඕන අනිත් පාර්ශවයේ පවුල් පසුබිම කියලයි මං විශ්වාස කරන්නෙ. කෙනෙක් මගේ අදහසට විරුද්ධ වෙන්න පුළුවන්. පවුල් පසුබිම කියන එකෙන් මං අදහස් කරන්නේ මිලමුදල්, වතුපිටි, යානවාහන නෙමෙයි. ඒ පවුලේ උදවියගේ ගුණයහපත්කම, සාමකාමී බව, වැදගත්කම වගේ දේවල්. සමහරු මොන තරම් උගත් වුණත් ඒ උගත්කම් පවා යටපත් වෙලා ආරයෙන් සහ පරිසරයෙන් හුරු වුණු පුරුදු කොයි මොහොතක හෝ ඉස්මතු වීමේ සම්භාවිතාව ගොඩක් වැඩියි. විවාහයෙන් පස්සෙ ඒ පුරුදු, ඒ ගති අතහැරෙයි කියන විශ්වාසයෙන් කෙනෙක් හා විවාහ වුණත් ඒ පුරුදු, ඒ ගති අත්හැර ගන්න අසීරු වෙන්නෙ ඒ නිසයි. ඒ නිසා දේපළට, සල්ලිවලට, ලස්සනට, රස්සාවට රැවටිලා විවාහ වෙනවට වඩා තමන්ගෙ දරුවන්ට හොඳ අම්මෙක් වෙන්න පුළුවන්, තාත්තෙක් වෙන්න පුළුවන්, තනි නොකර සහයෝගයෙන් ජීවන ගමන යන්න පුළුවන් සහකරුවකු තෝරා ගැනීම හදවතට වහල් නොවී බුද්ධියෙන් කළ යුත්තක්. මේ ඒ ගැන කතාවක්.
උපුටා ගැනීමකි

ගැහැනියක සොයා ගිය මිනිසකුගේ කතාවක්
====================================
පහුගිය කාලයේ මම වර්තමාන කසාදය සහ ආදරය ගැන තරමක් වෙනස් පහේ පර්යේෂණාත්මක නාට්‍යයක් නිෂ්පාදනය කළා, ඒක තාමත් රංග ගත වෙමින් පවතිනවා. ඒ නාට්‍ය හදන්න අපි නාට්‍ය කණ්ඩායම කසාද බැඳලා ඉන්න අයගේ කසාද කතා එකතු කරලා, අපේම කසාද ද ඇතුළුව පොඩි රිසර්ච් එකක් කලා. එතනදී මට අහන්න ලැබුණු විවිධ අයගේ කසාද කතා වලින් එකක් මම හිතුවා ඔබත් එක්ක බෙදා ගන්න තරම් වටිනවා කියලා. කිසියම් මනෝ විද්‍යාත්මක පදනමක් තියෙන මේ කතාව ආදරය සහ පවුල් ජීවිතය සම්බන්ධ එක් යථාර්ථයක් විතරක් විදිහට හිතන්න. මේ කතානායකයා කියනා යථාර්ථයට පරිබාහිරව තවත් බොහෝ සත්‍යන් තියෙන්න පුළුවන්. මූලික වශයෙන් කසාදය සම්බන්ධයෙන් කියැවුණ ද පොදුවේ ඕනෑම මානව සම්බන්ධතාවකට මේ දහම අදාළ කරගන්නත් පුළුවන්.
ඉතින් කතානායකයා දැනට වයස අවුරුදු 60 ක පමණ ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන මම ඇසුරු කරන සාමාන්‍ය සිංහල පුද්ගලයෙක්. ඔහු හා විවිධ අවස්ථාවල කතා බහ ඇසුරින් තැනින් තැන මතු වුණ මේ තොරතුරු ඔබගේ කියවීමේ පහසුව තකාත් ඔහුගේ අනන්‍යතාවය සැඟවීමටත් අන්තර්ගතයට හානියක් නොවන සේ සුළු ආටෝපයක් සමඟ සංස්කරණය කරලයි තියෙන්නේ. මෙන්න ඔහුගේ කතාව.
මම මුලින්ම කසාද බැන්දේ අවුරුදු තුනක් විතර ආදරය කරලා අවුරුදු විසි අටේදී .නමුත් බැඳලා අවුරුදු තුනකින් විතර අපි ඩිවෝස් වුණා. සාමාන්‍යයෙන් මම බොහොම සාමකාමීව රණ්ඩු සරුවල් නැතුව ජීවත් වෙන්න කැමැති කෙනෙක්. නමුත් එදා මම ඒ බැන්ද ලේඩි එදිනෙදා ජීවිතයේ කිසිම වැදගත්කමක් නැති දේවල් වලට මං එක්ක රණ්ඩු වෙන්න, ගැටුම් ඇති කර ගන්න පටන් ගත්තා. ක්‍රමයෙන් මට ඉතා දරුණු විදිහට අපහාස කරලා කේන්ති ගියාම බණින්න ගත්තා. රණ්ඩු වෙන්ඩ එපා කියලා මම එයාව විවේචනය කළ එකට විතරක් එයා මට කාලකණ්නියා කියලා බැණලා තියෙනවා. මඟුල් ගෙදර දවසේ පවා ඇඳුම් ප්‍රශ්නයකට මට බල්ලා කියලා බැන්නා. කිසිම දෙයක් හරියට හොයන්නෙ බලන්නෙ නැතුව කලබල වෙලා ගැටුම් ඇති කරගන්නවා. කේන්ති ගියාම අනිත් කෙනාව පච කරන්න තියන හැම දෙයක්ම කියනවා. සාමකාමීව ඉඳිමු කියන එකට මගේම උවමනාවට කරපු සියලුම සාකච්ඡා වැඩසටහන් වැඩ කලේ නෑ. එයාට එයාගේ ස්වභාවය වෙනස් කර ගන්න බෑ කියලා මට තේරුණා. ක්‍රමයෙන් මමත් එයා නිසා රණ්ඩු වෙන කෙනෙක් බවට පත්වෙමින් තිබුණා. ඒගොල්ලොන්ගෙ ගෙදර අය කීවේ පවුල් ජීවිතය ඔහොම තමයි ඒකට තමයි දුක සැප කියන්නෙ ඒක බෙදාගෙන කන්ඩ කියලා.
මේ විදිහට තේරුමක් නැතුව ගැටුම් දුරදිග යන කොට, එයා එයාගේ ගෙදර අයට සහ එයාගේ යාහළුවන්ට මගේ නැති වැරදි කියමින් මාව පාවා දීලා ආත්මානුකම්පාව ලබා ගන්න හදනවා. මේ හේතුව නිසා බැඳලා අවුරුදු දෙකක් යනකොට මට එයා ගැන කිසිම හැඟීමක් ගෞරවයක් නැතුව යන්න ගියා. ඊට පස්සේ මට එයාට කියන්න සිද්ධ වුණා මට ඔයා ගැන කිසිම හැගීමක් දැන් නම් නෑ කියලා. එහෙම ඉවසගෙන ජීවත් වෙන්න ගියා නම් මගේ ජීවිතය එකම අපායක් වෙන්න ඉඩ තිබුණා. වාසනාවට අපිට ඒ වෙනකොට දරුවන් හිටියේ නැහැ.
අපි දික්කසාද වුණා.
මම හිතුවා මම ආයෙ බඳින්නේ නෑ කියලා. ඊට පස්සේ මම අවුරුදු දහයක් විතර යනකන් තනිකඩයෙක් විදිහට හිටියා. අර වේදනාවෙන් ගැලවෙන්න මේ කාලයේ මම රටවල් කීපයක ඔහේ ඇවිදින්න ගියා.
ඒත් ක්‍රමයෙන් අවුරුදු හතලිහ වෙන කොට වගේ මට මොකක්ද පාළුවක් දැණුනා, තනියම ඉන්නවාට වඩා තව කා හරි එක්ක බෙදා හදාගෙන ඉන්න තියෙනවනම් හොඳයි කියල හිතුනා. සාමාන්‍යයෙන් මම විවේකය සහ සාමකාමීත්වය රස විඳින්න ගොඩක් කැමති කෙනෙක්. ඒ කියන්නේ ඔහේ ගෙදරට වෙලා ඉන්න, ඔය පාර්ක් එකක මුහුදු වෙරලක ඇවිදලා කැමති වෙලාවක කැමති කෑමක් කාලා බුදියගන්න, හැන්දෑවට ගෙදර ඉස්සරහට වෙලා අහස දිහා බලාගෙන බියර් එකක් ගහන්න නැත්නම් ඔහෙ පොතක් කියවන්න. ඒක එහෙම වෙන අතරේ තවත් කවුරු හරි මා එක්ක සාමයෙන් ඉන්න එකයි මට ඕනේ වුණේ.
ඒත් මට තේරෙන්නේ නැහැ ඊළඟ ගෑණි කොහොමද තෝරා ගන්නේ කියලා. මේ වෙනකොට රොමැන්ටික් ආදරය කියන්නේ හරි සංකීර්ණ දෙයක් මම ඒක දන්නෙත් නෑ ඒක හරි අමාරු වැඩක් වගේ මට දැණිල තිබුණේ. මම කලින්වයිෆ් එක්ක මුල දී ඒ රොමැන්ටික් ආදරේ කියන එක අඩු නැතිව කළා. ඒත් කසාදයක් ගෙනියන්න ඒකට බෑ. සාමයෙන් ඉන්න දන්නේ නැති කිසිම තැනක එහෙම රොමෑන්ටික් ආදරයක් ඇති වුණාට ඒකට පවතින්න බෑ. අනික මගේ පෙණුමත් දැන් රොමෑන්ටික් නෑ කියලයි මට හිතුනෙ. ඉතින් මට ඕනේ වුණේ මහා පරම ආදරයක් නෙමෙයි, දරුවන් නැතත් කමක් නෑ කවුරු හරි සාමකාමීව මාත් එක්ක එකට ජීවත් වෙන්ඩ කාරුණික මනුස්සයෙක් විතරයි. කොහොහම හරි මම හිමීට අපේ ලංකාවේ මගේ අම්මලා තාත්තලා පවුලේ කට්ටියට කිව්වා ගැහැණියක් හොයන්න පටන් ගන්න කියලා.
මේ කාලයේම වගේ කිසියම් මනෝ විද්‍යාඥයෙක් ලියල තිබුන ආටිකල් එකක කියල තිබුණ දෙයක් මගේ හිතේ තදින් වැදිලා තිබුණා. ඒ තමයි බොහෝ විට පවුල් ජීවිතයේ අඹුසැමි දරුවන් අතර සම්බන්ධතාවයට බලපාන්නේ කසාද බැන්ද දෙදෙනා ඒ අයගේ දෙමව්පියන් සමග කුඩා කාලයේ හැදෙන විට තිබුණ පවුල් පරිසරයයි කියන එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිනිස්සු කසාදය විදිහට අවිඥ්ඥාණකව දකින්නේ තමන්ගේ දෙමවුපියන්ගේ කසාදයයි කියන එක. මම ඒක මගේ කලින්වයිෆ් එක්ක දාලා බැලුවම හරියටම හරි කියලා හිතුනා. ඊට අමතරව තවත් මම දන්න බොහෝ අයට දාලා බැලුවමත් හරියටම හරි. හැබැයි හැම විටම නෙමේ, ගොඩාක් අවස්ථාවල. මගේ පවුලත් ඒ තරම්ම සාමකාමී පවුලක් නෙමෙයි, මගේ තාත්තා ඉවසීමක් නැතිව කෑ කෝ ගහන, සාමාන්‍ය විදිහට ගැටුම් ඇති කරගන්න පවුලක්. නමුත් මම පස්සෙ ඒක තේරුම් අරන් වෙනස් වුණා. ඒ නිසා කෙනෙකුට එහෙම වෙනස් වෙන්න බෑ කියලා මම හිතන්නේ නෑ. නමුත් තමන්ගේ ස්වයං උවමනාවෙන් එහෙම වෙනස් වෙන්න හැමෝටම බෑ.
මගේ කලින්වයිෆ්ගෙ පවුලේ දෙමවුපියන් දරුවන් නිතරම රණ්ඩු වෙනවා. අම්ම තාත්තට මං ඉස්සරහම මේ කාලකණ්නියා කියලා බැණලා තියනවා. ඒ ගොල්ලන්ගේ තාත්තත් කිසිම දෙයක් හරියට හොයන්නේ බලන්නේ නැතිව කලබල වෙලා කෑ කෝ ගහගෙන ප්‍රශ්ණ විසඳගන්න හදන ප්‍රචණ්ඩ උද්දච්ච මිනිහෙක්. හොඳින් කාල ඇඳල ඉන්න තරම් වත්කමක් තිබුණු සාමාන්‍ය පවුලක් විදියට ජීවිතයේ එදිනෙදා දේවල්, රුචි අරුචිකම්, බෙදා හදා ගැනීම් රණ්ඩු නොවී විසඳ ගන්ඩ ඒගොල්ලො දැනගෙන හිටියේ නෑ. මට හිතෙනවා ඒ වගේ රණ්ඩුවෙන සමාජයක් ඇතුලේ හැදෙනකොට එකිනෙකා ගැනත් තමන් ගැනත් අඩු වටිනාකමක් හා අඩු ගෞරවයක් දැනෙන්නෙ කියලා. ඒ් වගේම එතකොට ගොඩක් දුරට නෙගෙටිව් ආකල්ප වර්ධනය වෙනවා. ආදරය හෝ සතුට කියන්නේ කිසියම් දවසක දී අපි ගෙයක් හදනවා වගේ වැඩ කරලා ඉවර වෙලා අත්පත් කරගන්න දෙයක් නෙමෙයි, ප්‍රශ්ණ සමඟ යන මේ මොහොතේම අපි ගත කරන කන බොන බුදිය ගන්න එකට ඉන්න ආකාරය තුළ තියෙන එකක්. පවුල කියන්නේ මනුෂ්‍ය අභ්‍යාස පුරුදු කරන මූලික පාසලයි, බඩු හදන ෆැක්ටරියයි. ඉතින් මම කඩවල් වලින් නැතුව මේ පාර කෙලින්ම ෆැක්ටරියටම ගිහින් හදන හැටි බලලාම ගන්න හිතුවා!
මනුෂ්‍ය සම්බන්ධතාවල තියෙන විශේෂම ගුණය වෙන්න ඔ්න එදිනෙදා ජීවිතයේ සිදුවන දේවල්, බෙදා ගැනීම්, නැතිවීම්, අමතකවීම්, වැරදීම්, අතපසුවීම්, හරියටම තේරුම් ගන්නට නොහැකිවීම් - ව්‍යාකූලතා, රුචි අරුචිකම් හා විවිධත්වයන් ආදී ජීවිතයේ නොවැලැක්විය හැකි යතාර්ථය ඉදිරියේ ඒවා රණ්ඩු නොවී සාමකාමීව විසඳා ගැනීමට ඇති හැකියාවයි. පුද්ගලයින් දෙදෙනෙක්ගේ ඉදන් ජාතීන් දෙකක් දක්වා ඕනෑම තැනක සාමය හා සහජීවනය ඇති වෙන්නේ අන්න ඒකට තියන හැකියාව හා උවමනාව හරහා පමණයි.
මේ නිසා මගේ දෙමව්පියන් ලංකාවේදී මට ගැලපෙන කෙනෙක් හොයනකොට මම බලන්නැයි කීවේ කුලය, පන්තිය, දේපල, ආගම,කේන්දර නෑදෑයෝ මේ කිසිම දෙයක් නෙමෙයි දෙමව්පියෝ සමග ජීවත් වුණේ කොහොමද කියන එක විතරයි. කොයිතරම් සාමකාමීව එකට ඉන්න පවුලක් ද කියන එක. මොකද සාමකාමීව ඉන්නවා කියන එක තුල තියනවා සාපේක්ෂව බුද්ධිමත් කියන එක ද ඇතුළුව අර බොහෝ ගුණයන් අත්පත් කරගෙන තියෙන බව. ඉන් අදහස් කරන්නේ නෑ විවාද නොඑකඟතා ඇති වෙන්නේ නෑ කියන එක, ඉන් අදහස් කරන්නේ සාමාන්‍යයෙන් ඒවා සාමකාමීව එකිනෙකාට හිංසාවක් අගෞරවයක් නොවන ලෙස විසඳා ගන්න තරම් දියුණුයි කියන එකයි. මට අනුව පවුලක හෝ සමාජයක සතුට අසතුට බෙදී යාමේ රේඛාව හරියටම වැටිලා තියෙන්නේ අන්න එතනයි.
ගෙදරින් මට පින්තූර විස්තර එවමින් කියපු දෙයක් තමයි ඕනෑ තරම් ගෑණු ඉන්නවා නමුත් අර වගේ පවුල් පසුබිමක් තියෙන අය හොයා ගන්න දැන් හරිම අමාරුයි කියලා. මම කිව්වා මම තදින් තීරණයක් අරන් තියෙන්නේ එහෙම හමුනොවූනොත් බඳින් නෑ කියලා. ඉතින් මට කොහොම හරි ගෑණු කෙනෙක් හොයන්න ඒගොල්ලො කවදත් මහන්සි වුන හින්දා විවිධාකාර පර්යේෂණ කරමින් අවුරුදු එක හමාරක් වගේ කාලයක් තුළ, මගේ ද තොරතුරු නිරීක්ෂණයෙන් පස්සේ පවුල් හතක් තෝරා ගත්තා. ඒවායින් පවුල් තුනක් අවසානයට තෝරගෙන ඒ තුනටත් තවත් කීප පාරක්ම ගිහිල්ලා එක්කෙනෙක් තෝරාගත්තා. ඒ ගියහම මම ඉතා තදින් නිරීක්ෂණය කළේ පවුලේ සාමාජිකයින් අතර සම්බන්ධතාවය තියෙන්නේ කොහොමද කියන එකයි. ඒ කාරණයට අමතරව ඒ ගැහැණුන් එක්ක තනියම කතා කරනකොට මම තව අතුරු කාරණා දෙකක් ගැන උනන්දු වුණා. මම ඇහුව ප්‍රශ්නය තමයි ඔයා කොහොමද ඔයාගේ පව්ලේ කට්ටියගේ වටිනාකම් සහ හරයන් ගණන් බලන්නේ, ඒ කියන්නේ අම්මයි තාත්තයි මට කන්ඩ බොන්ඩ දීලා හදා වඩා ගත්තා මං ආදරෙයි කියන සුලබ ප්‍රකාශයට වඩා පවුලේ සාමාජිකයින්ගේ හරයන් හා විටිනාකම් එයා හඳුනගෙන තියෙන්නේ කොහොමද කියන එක. විවිධ දේවල් හරහා මම අනිත් කාරණය සඳහා නිරීක්ෂණය කළේ කොයිතරම් අද වර්තමාන සාමාන්‍ය ජීවිතය සහ මිනිසුන් ආදිය ගැන යථාර්ථවාදී අවබෝධයක් තියෙනවද එහෙම නැත්නම් පාවෙන චරිතයක්ද කියන එක. අද එලියට බැස්ස මොහොතේ ඉඳන් වෙළෙන්දාගේ ඉදන් පස්සෙන් එන පිරිමින් දක්වා විවිධ උපක්‍රම වලින් රවටන කොට තමන්ගේ සහ පවුලේ ආරක්ෂාව ගැන හිතන්න කොයිතරම් ස්මාර්ට් ද කියන එක. ඔචච්රයි බැලුවේ.