ඔන්න එක නගරබද නිවසක අම්මාකෙනෙක් තාත්තාකෙනෙක් තම කුඩාපුතාත් සමග ජීවත් උනාලු. ගෘහනියක් උන අම්මා පුතාවත් බලාගෙන දහවලේ ගෙදරට වෙලා උන්නලු .තාත්තා උදෙම රැකියාවට ගියාම ඉර ගිලෙන හවස් යාමයේ ගෙදරට එන එක සිරිතක්.
පුතා රෑට තාත්තා නිදාගන්නෙ තාත්තා ළඟලු. දවසක් පුතා මහරෑ නැගිටලා බිත්තියේ හුනු කූරකින්
"සීයාගේ මරණය 5වනදා" කියලා ලියුවලු.
මේ ළමයා හීනෙන් ලියනවා කියලා හිතපු තාත්තා බිත්තිය පිහදාලා නිදාගත්තලු.
ඔන්න දවස් කීපයකට පස්සේ හරියටම පස්වනදා ගෙදරට විදුලි පනිවිඩයක් ආවලු බිරිඳගේ පියා ඒ කියන්නෙ ළමයගේ සීයා මියගියා කියලා. ඒ සිදුවීම අහම්බයක් යැයි හිතලා තාත්තා ඒ සිදුවීම මතකයන් අතරට එක්කලාලු.
ඔන්න තවත් මාස ගනනාවකට පස්සේ ආයෙම දවසක අර ළමයා රෑ හීනෙන් බිත්තියේ ලියුවලු "මාමාගේ මරණය 11වනදා " කියලා එදත් බිත්තිය හෝදලා දාපු තාත්තා ඒ සිදුවීම අමතක කලාලු. ඒත් ඒ අමතක වීම නැවත ඉස්මතුවෙලා ආවේ හරියටම 11වනදා බිරිඳගේ මල්ලි බෙහෙත් විසවීමක් වෙලා මියගියනිසාලු.
එදානම් තාත්තට දැනුනලු මේ ළමයගේ යම් ගුප්ත බලයක් තියනබව. ඒත් ඒබව කාටවත් කියන්න ගිහින් නෑ . දන්නෙ නැද්ද මීඩියා කරයන්ගෙන් බේරගන්න බැරිවෙයිනේ.
ඔන්න ඔහොම තවත් මාස කීපයක් හිමීටම ගෙවිලා ගිහින් තවත් දවසක මහරෑ මෙ ළමයා බිත්තියෙ ලියුවලු "තාත්තාගේ මරණය හෙට " කියලා ඒ පාරනම් තාත්තට හීන් දාඩිය දාලා දෙපාරක්ම හරියට කියපු අනාවැකිය තුන්වන වතාවේ බොරුවෙන්න බෑනේ . බිත්තිය පිහිදාලා දාපු තාත්තාට එදානම් ආපහු නින්දගියෙ නෑ.
තමන්ගෙ අන්තිම දවස ගැන හිතහිත රැයපහන් කල ඔහු පහුවදා උදෙම රැකියාවට ගිහින්. තමන්ගෙ මරණය බලාපොරොත්තුව ඉන්න කෙනෙකුට හිත සතුටින් ඉන්න පුලුවනෑ .
කන්තෝරුවෙ වැඩක් හරියට කරන්නෙත් නැතිව කන්තොරුව අවසන් උනාට පස්සේ ගෙදර ඇවිත් තියෙන්නේ තමන්ගෙ අවසන් හුස්ම ගෙදරදිම පිටකරන්න බලාගෙන.
මෙ මනුස්සයා ගෙදර එනකොට තමගේ බිරිඳ ගෙයි ඉස්සරහටවෙලා කම්මුලේ අත තියාගෙන ඉන්නවලු . ඉතින් මෙයා ඇහුවලු ඇයි මේ කියලා
…"බලන්න අනේ දැන් අවුරුදු ගානක ඉඳලා අපේ ගෙදරට කිරි ගේන මනුස්සයා අද උදේ බස් එකකට හැප්පිලා මැරිලනේ"

REP ++